බඩු පැකට් - Dynamic IP එකක් තියාගෙන තමන්ගේම Server එකක් run කිරිම .

3
  • May 23, 2010
  • C0de BlUe
  • Labels: ,

  • Share/Bookmark හප්පා හුඟකාලෙකට පස්සේ මේකට එන්න හම්බවුණේ . පහුගිය දවස් වල මට ඔලුවට ගහලා තිබුනේ Software Cracking යි , Cryptography නේ මේගැනත් පොඩි විඩියෝ ටිකක් කලා හිමිට ඒ ටිකත් දාන්නම්කෝ . මේ දවස්වල ඔලුවට ගහලා තියන්නේ Steganography , දැන් මට මාර කික් වෙලා තියන්නේ සිංදු ආපස්සට යවලා ඒවාවල තියන හැංගිච්ච පණිවිඩ හොයන එක hah . හපොයි වල්පල් ගිය දුර , කියන්න ගිය කාරණයත් අමතක වුණානේ .

    අද මම කියන්න යන්නේ කොහොමද Dynamic IP Address එකක් තියාගෙන තමන්ගේම Server එකක් හදාගන්නේ රන් කරන්නේ කියලා . Dynamic Ip Address එකක් තියන විට අපිට තියන ලොකුම අවුල තමා IP Address එක සැරෙන් සැරේට වෙනස්විම . ඉතින් එතකොට අපිට තියන අවුල තමා , අපි Server Software එකක් මැසිමේ run කරනවා නම් අපි ip address එක වෙනස් කරන සැරයක් පාසා අපේ IP address එක DNS Servers වල එකපාරටම update නොවිම නිසා වෙන අයට අපේ Server එකට එන්න බැරි විම . මේක මඟහරවාගන්න තියන ක්‍රමය තමා DNS web hosting භාවිතය . මෙම සේවාව නොමිලේ දෙන තැනුත් තියනවා; අන්න ඒවගේ තැනක් තමා DyDNS කියන්නේ . මම DyDNS පාවිච්චි කරලා කොහොමද Dynamic Ip Address එකක් තියාගෙන අවුලක් නැතුව Sever Software එකක් තමන්ගේ මැසිමේ run කරන්නේ කියලා , පහත විඩියෝවේ පෙන්වලා තියනවා . විඩියෝව බලලම පහළින් මේක ගැන ඔයලාගේ අදහස් එහෙම දාලා යන්නකෝ !!!


    Video Part 1








    Video Part 2






    අවශ්‍ය ලින්ක්ස් සහ මෘදුකාංග :

    Dyndns :http://www.dyndns.com
    Dyndns Updater : http://www.dyndns.com/support

    Wamp Server : http://www.wampserver.com/en/

    Port Forwarding : http://portforward.com/

    3 comments:

    1. CD Athuraliya said...
    2. you are doing a great job! don't worry about comments, keep it up!

    3. Anonymous said...
    4. නියමයි සහෝ....මාරම වැශගත් පෝස්ට් එකක් නියාමයි

    5. C0de BlUe said...
    6. @ CD Athuraliya : ස්තුතියි දිරිමත් කලාට මචන් !! :D

      @ හසිත ජයසූරිය :ප්‍රතිචාරයට බොහෝම ස්තුතියි !!!! :D

    Post a Comment

    write your comments here!

    Related Posts with Thumbnails