සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

8
  • Dec 31, 2010
  • C0de BlUe
  • Labels:

  • Share/Bookmark

    හප්පේ මාස ගානකින් මුකුත් ලියන්න බැරිවුනා ... මේ  දවස් ටිකේම මගේ ජාලේ අල වෙලා තියන්නේ .... අලුත් අවුරුද්දත් ලබනවා හෙට ... මොනා පොඩ්ඩක් කුරු‍ටු ගාලා යන්න ආවා ඕන්..

    ලියලා ඉවර කරපු නැති ලිපි කිහිපයකුත් තියනවා ඉවර කරන්න ... , මේ දවස් ටිකේම බ්ලොග් කියවිල්ලයි , ලිවිල්ලයි දෙකෙන්ම මාරු වෙලා හිටියේ ... තියන කම්මැලිකමයි , වෙලාවයි මදි නිසා .... දැන් නම් බ්ලොග් ලියවිල්ල අඩුවෙයි , නමුත් අනිවා බ්ලොග් නම් කියවනවා ....

    කොහොමින්  කොහොමහරි ඔන්න 2010 ත් ගියාලුනේ ... එහෙනම් ලබන්නා වු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන  , අතුරු අන්තරා වලින් තොරව , සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා  .. !!!!

    එහෙනම් මම කැපුණා , වැඩි විස්තර සමඟ තාක්ශණික ලිපි වලින් ඉදිරියේදි හමුවෙමු ... !!!

    ප.ලි : ආ කියන්න අමතක වුනානේ , අපේ SBU ගෙට් ටුගෙදර් එකේ පින්තුර බලාගන්න බෑරිවුන අයට මෙන්න මට හම්බවුන ඇල්බම් වල ලින්ක්ස් ටික ...


    SBU 2nd g2g
    http://www.facebook.com/album.php?aid=50575&id=100000170040967&fbid=184926484856352&ref=nf
    Neranji Kohona (http://www.facebook.com/profile.php?id=100000170040967&ref=nf)

    SBU Get2gether
    http://www.facebook.com/album.php?aid=2098375&id=1370814441&fbid=1745863930999&ref=nf
    Hashika Hettige (http://www.facebook.com/hashika.hettige?ref=nf )

    SBG gtg
    http://www.facebook.com/album.php?aid=45529&id=1791270075&fbid=1362404118759&ref=nf
    Anushka Lakmal (http://www.facebook.com/anushka.lakmal?ref=nf)

    සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව | SBU Get-together - 19-12-2010
    http://www.facebook.com/album.php?aid=261458&id=515652318&fbid=480382717318&ref=nf
    Harshadewa Ariyasinghe (http://www.facebook.com/harshadewa?ref=nf)

    SBU Get on 19/12/2010
    http://www.facebook.com/album.php?aid=2099671&id=1269435580&fbid=1781566900172&ref=nf
    Hasitha Hemarathne (http://www.facebook.com/hazit88?ref=nf)

    SBU වාර්ෂික සුහද හමුව
    http://www.facebook.com/album.php?aid=25082&id=100001156986448&fbid=150221651693067&ref=nf
    බ්ලොග් ගඩොල් (http://www.facebook.com/profile.php?id=100001156986448&ref=nf )

    SBU Get Together 2010
    http://www.facebook.com/album.php?aid=254235&id=562309752&fbid=488373914752&ref=nf
    Malinthe Samarakoon (http://www.facebook.com/malinthe?ref=nf)

    SBU Get. 2010.12.19
    http://www.facebook.com/album.php?aid=312580&id=678752089&fbid=10150099324327090&ref=nf
    Chaminda Wasala (http://www.facebook.com/profile.php?id=678752089&ref=nf)
    ඉතිරිය කියවන්න .....>>

    ආවා ආවා .... - නැවත කරලියට පැමිනිම .

    15

    Share/Bookmark


    හම්මෙ මම හිතන්නේ මාසයකට පස්සේ තමා මේ පැත්තට ආවේ ... , මේකේ බැඳිලා තිබුන මකුළු දැල්වල තරම . මුලින්ම කියන්න ඕනේ . මේ මාසේ තමා මාර මාසේ .  මගේ හාර්ඩ් එක යාලුවෙකුගෙයි , මගෙයි සුළු පරිමාණයේ වැඩකට සර්වර් එකක් රන් කරගන්න ගන්න උන නිසා ඒක සර්වර් එකට දෙන්න උනා . ගිය මාසේ (අගෝස්තු) 29 වෙනකම්ම වැඩකලේ ubuntu bootable CD එකකින්  ගේම දිගෙන තමා. මැසිමේ වැඩකලා කියුවට මෙලෝ දානයක් කලේ නෑ , කරන්නේ කොහෙද මැසිමේ හාර්ඩ් එකක් නැතුව . කරපු එකම දේ තමා හැමදාම මැසිම දාගත්තොත් , මුලින්ම Ubuntu CD එක දානවා , flash player එක භාගත කරගෙන , buffer කර කර ෆිල්ම් බලන එකතමා කලේ . ඔය අතරතුර තමා Naruto දැක්කේ ... ; කොල්ලා මුලින්ම මේකේ ෆිල්ම් කැලි දෙකක් බැලුව ගමන් මේක දිගටම බලන්න ඔලුව මෝල් වෙලා ගියා . Naruto movies ඔක්කොම ටික බලලා , දැන් දාගෙන episodes දාගෙන බලනවා . පිස්සු හැදෙන කතාව මෙයා ... පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා . කොච්චර පිස්සු කියනවා නම් මුලු දවසම ඒක තමා . සති 2 කකට e-mail එක පැත්ත පලාතේ ගියේවත් නෑ ,  මුනුපොතෙත් පැත්ත පලාතක ආවේ නෑ .. මේක නිසා අම්මාගෙන් මැරෙන්න බැනුම් ඇහුවා , මෙහෙම බලලා ඇස් පොට්ට කරගන්නවා කියලා . ඊළඟට ලව් පලහිලව්වක් විසඳන්න ගිහිල්ලා කෙල්ලගෙන් ගුටි කනවා තවා පොඩ්ඩෙන් . ඔහොම තමා මේ සති ටික ගියේ නම් .ඔය අඵත විඩියෝ එක බලන්නකෝ මම කොහොමද Naruto බැලුවේ කියලා . මුලින්ම anime site එකක naruto episodes වලට ලින්ක්ස් දිලා තිබ්බා , ඒවා බැලුවා .. බෆර් වෙන්න හැට පැයක් යන නිසා , ඒකේ බැලිල්ල එපා වුනා . ඊලගට youtube එකෙන් හොය හොයා බැලුවා. ඒකේ episode 60 විතර වෙනකොට විඩියෝ හොයාගන්නත් නෑ (මම කියන්නේ naruto shippuden episodes නෙවෙයි හොඳේ ...) . ඊලඟට මට හම්බවුනා facebook එකෙන් විඩියෝ ලොඩ් වෙන ලින්ක් ටිකක් ... කතා කිහිපයක් යනකොට ඒකේ ලින්ක්ස් නැතුව ගියා . අනික ඒ වෙබ් අඩවියේ  කතා වලට දාලතියන player එකේfullscreen , volume control මුකුත් නෑ . ඉතින් firefox වලට එන firebug plugin එකෙන් page source එක වෙනස් කරලා ඒක ලෝඩ් කරගන fullscreen (browser එකේ) දාලා බැලුවා .ඒකත් එපා වුන නිසා ඊලගට මම අදාල විඩියෝ එකේ source URL එක අරගෙන ඒක online තියන JW player wizard එක හරහා ලෝඩ් කරලා බලන්න හැදුවා , නො ලක් , භාගයක් විතර බෆර් වෙලා නවතිනවා . 10 පාරක් විතර ගේම දිලා හරිගියේ නැති නිසා ආයේ පරන megavideo buffer කිරිල්ලටම ගියා . බලන්නකෝ දුක .... (* කියන්න අමතක වුනා 4shared , yoku.com වගේ සයිට් වලිනුත් ලින්ක් අහුවුනාට , ගොඩක් වෙලාවට ඒවා වල file size එක 150 -250 MB වුනා . යකෝ පැයභාගයක් ඇතුලත මගේ උපරිම දාලා සාමානයෙන් දාගන්න පුලුවන් 100 MB යි (512 kbps නේ) , episode එකක් සාමානයෙන් යන්නේ විනාඩි 22-23 වගේ තමා .)

    පහල විඩියෝ එකත් බලන්නකෝ කොහොමද මම naruto බැලුවේ කියලා ...





    හරි දැන් ඉඳලා ඉඳලා දාන පොස්ට් එක නිකම් වල්පල් දාලා වැඩක් නැනේ , මොකක් හරි දෙන්න ඕනේනේ වටින යමක් ... එහෙම කියලා නේ දිගපොස්ට් ලියන්න බැ , මට Naruto බලන්න දැන් ඔලුව ගහලා තියන්නේ .. ඒක නිසා ඒක අනිවාර්යෙන්ම බලන්න ඕනේ .. ඊළඟට මේ මගේ ඔලුව programming වල ඉඳලා web design පොඩ්ඩක් අතපත ගාන්න කැසිල්ලක් ආවනේ . මේ දවස්වල දාගෙන jquery එක්ක මාර මාර experiments කරන්නේ ..    හිතාගෙන ඉන්නේ ලඟදීම මගේ මුල්ම CSS+ jquey + HTML කරපු ඩිසයින් එක ජනතාවට ලබාදෙන්න .  web layout එක කෝඩ් කලේ  පට්ට මුලඉඳලා , හැබැයි හිතුව තරම් අමාරු වුනේ නෑ... දඩබඩ ගාලා අල්ලගන්න පුලුවන් ....web layout නම් ගොඩක් කලා තියනවා. නමුත් public එකට මුලු ටෙම්පෙලේට් එකම නොමිලේ ලබාදෙන්නේ මුල් වතාවට තමා . මම නම්  programming නිසා මට ඔය design එච්චර අල්ලන්නේ නෑනේ . නමුත් එහෙම කියලා හැමදාම අතහැරලා දාලා ඉන්න බෑනේ , ඉතින් ආසාවක් ආවා designing පැත්තට ඔලුව දාලා බලන්න . බොරු කියන්න ඕනේ නෑ , photoshop වලට මම නම් තාම අලුත් .. ඒ වගේම මේ දවසවල ඔලුව බරටම දාලා තියන්නේ flash action script ඉගෙනගන්න . තව හිතාගෙන ඉන්නවා ඉස්සරහට මේ වෙබ් ඩිසයිනින් වැඩිදියිණු කරගන්න කියලා පට්ට template හදලා කට්ටියටම නොමිලේ දෙන්න . ඔක්කොම සෙල්ෆ් ස්ටඩියි තමා ඉතින් යන්නේ . ඉතින් වැරදි තිබ්බොත් පෙන්නලා දෙන්න හොඳේ .... හැබැයි මේකත් කරන්න වෙන්නේ වෙලාව තියන විදිහ අනුව තමා ....

    හරි දැන් වල්පල් ඇති . වැදගත් ලිපියක්ක් ලියන්න ඕනේ නිසා මම අද තාක්ශනික කරුනු කිහිපයක්ම සහ අනම් මනම් විකාර ටිකක් , එකම් ලිපියක ලියල දාන්නම්කෝ ...

    1. UHARC- Ultra Compression Software



    මේක ඉක්මනට කොටාගන්න ඔනේ නිසා තමා මේවා ලියන්නේ , හොඳ තාක්ශනික ලිපියක් මම Naruto episodes ඔක්කොම බලලා ඉවරවෙලා ලියන්නම්කෝ..

    ආ හරි ට්‍රෑක් එකෙන් අද මම පිට පනිනවා වැඩිනේ අද ... හරි විකාර ඇති .. දැන් මාතෘකාවට ..කට්ටටිය මේක ගැන දන්නවාත් .. ඇති , නොදන්වත් ඇති. යාලුවෝ ගොඩක් කට්ටිය අහපු නිසා තමා , මමත් මේක කොටන්නේ ... Uharc ගැන කියනවා නම් , ඔය ගේම් ගහන පප්පලා මේක ගැන අනිවාර්යෙන්ම දන්නවා ඇති. මොකද ඔය ගොඩක් වෙලාවට අර ගේම් setup එනකොට එන්නේ CD වලට Highly Compress කරලානේ . ඉතින් දැන් ඔය සෙටුප් extract කරනකොට අර setup එක ගිහිල්ලා , අර windows command prompt එකේ වගේ කළු පාට screen න් එකක තවත් setup එකක් යන්නේ .. ආන්න ඒක තමා ඔය Uharc  එක (*බොහෝ වෙලාවට) .

    මේකේ compression ratio එක සාමානයෙන් අනික් file compression softwares වලට වඩ කිහිප ගුණයකින්ම වැඩියි . ඒ කියන්නේ file එකක් මේකෙන් compress කරල ගත්තොත් , අනිතිමට file එකේ size එක , file එකේ මුල් siz e එකෙන් 19% වගේ ගානකට ගන්න පුලුවන් . හිතාගත්ත හැකිනේ ටොයියාගේ තරම .
     ආ මුලින්ම කියන්න ඔනේ , මේක මුලින්ම ලියුව (අර original author ) මේක කෝඩ් කරලා තියන්නේ command line ලියන්න නිස ,මේකට GUI එකක් නම් නෑ . පහත් විඩියෝ එක බලන්නකෝ කොහොමද Command line එකෙන් මේක කරගන්නේ කියලා . command line  එකෙන් කරන කොට folders compress කරන්න බෑ, files  විතරයි . පස්සේ මේකට එක එක කට්ටිය GUI 's  දාලා මෘදුකාංග හදලා තියෙනවා , දැන් ඔයාලට බය නැතුව ඔය GUI තියන එකක් අරගෙන වැඩේ කරගන්න පුලුවන් .




    Script :

    * for extracting: @echo off ren uha.dll uha.exe uha.exe x -y name.arc ren uha.exe  uha.dll 
    *  for creating archive: @echo off ren uha.dll uha.exe uha.exe a -m3 -r -pf -o name.arc (Path: C:\uharc.exe) 

    Download : ftp://ftp.elf.stuba.sk/pub/pc/pack/uharc06b.zip
                    http://www.megaupload.com/?d=68ZMXEYL 


    UHarc -GUI SOftwares : 

    http://www.klaimsoft.com/winuha/
    http://mulder.dummwiedeutsch.de/home/?page=projects#uharcgui
    http://filecompress.altervista.org/
    http://www.softpedia.com/get/Compression-tools/UHARC-GUI-by-Brhack.shtml
    http://www.softpedia.com/get/Compression-tools/UHARC-GUI.shtml

    මෙම මෘදුකාංගය (*හෝ වෙනත් compressing මෘදුකාංගයක් වේවා ..) භාවිතා කිරිමේදි භාවිතා සැලකිය යුතු මුලික කරුණ වන්නේ  compress  වෙලා තියන files compress කලාට වැඩි ඉඩක් අඩුවෙන්නේ නෑ . ඒ කියන්නේ { Divx , avi,mkv, mp3 ......- Audio/ Video compressed files } , { ISO,MDF........ - Compressed Images Files}, { Rar,Zip....... - File Compression Softwares Files} මෙම මෘදුකාංගය හරහා compress කලාට මෙයින් ලබාගැනිමට බලාපොරොත්තු වන compression ration එක ලබාගත නොහැක , මන්දයත් ඉහත සඳහන් කල file formats / extenstions වලින් සමන්විත files , යම්කිසි compression method එකක් මඟින් compress වි තිබන නිසාය .

    *තව compression software ලබාගැනිමට පහත ලිපිනය භාවිතා කරන්න .
      http://www.maximumcompression.com/programs.php

    * තවද KGB Archiver (http://kgbarchiver.net/) ද , මෙලෙස ඉතා ඉහල compression එකක් ලබාදෙන මෘදුකාංගයක් වන අතර , මෙයින් ඉතා ඉහල compression එකක් ලබාගැනිමට ඉතා ඉහල ධාරිතාවයකින් යුත් පරිඝනයක් අවශයවේ . මේක කොච්චර වැඩකාරයෙක්ද කියනවා නම් ... මට 700 MB තිබෙන GTA-SanAndreas file එකක් 2MB වලට compress කරලා හම්බවුනා , හැබැයි ඒක extract කරන්න ගියහම පැය 6 ක් ගියා , මැසිමේ වෙන වැඩක් කොරන්නේ නැතුව (*වෙන වැඩක් කරන්න බෑ.. ; මැසිම : 1.5 GB Ram - FSB:555 MHz, 2.8 Ghz Dual Core Processor))

    2.Damn Vulnerable Web App 




    DAMN (Damn Vulnerable Web App) කියන්නේ ඔයා hacking පප්පලාට , web developers ලට , ඉගෙනගන්න මම වගේ හිච්චොන්ට ,  PHP / MYSQL web based application වල ආරක්ශාව කෙසේද තිබෙන්නේ , වැඩකරන්නේ යන්න ටෙස්ට් කිරිම සඳහා සාදා ඇති පුංචි script එකක් . මේ security අතින් තියන්නේ අනිතිම පහල . ඉතින් අපිට ඔය එක එක attacks ටෙස්ට් කරන්න කියාපු scipt එක .ඔයාලත් දාගෙනම බලන්නකෝ ..



    http://www.dvwa.co.uk

    Damn Vulnerable Web App (DVWA) is a PHP/MySQL web application that is damn vulnerable. Its main goals are to be an aid for security professionals to test their skills and tools in a legal environment, help web developers better understand the processes of securing web applications and aid teachers/students to teach/learn web application security in a class room environment.

    මේ වගේ script ගොඩක් තියනවා... මේ වගේ script කොලෙක්ශන් එකක් ගැන වෙනම ලිපියකින් ලියන්නම්කෝ .. දැනට මතක් වුන නිසා ඒකත් කොටලා දැම්මා .

    3.TuiTalker - Free Phone Calls



     නිකම් ජංජාලයේ සැරිසරන ගමන් හම්බවුනා , එල සේවාවක් (free internet calls) වැඩි රටවල් ගානකට ලබාදෙන service එකක් ගැන .. මේක අනික් service එක්ක බලනකොට වටිනවා . දවසකට විනාඩි 6-18 අතර කාල සිමාව ඇතුලත රටවල් 40 (http://tuitalk.com/provisioning/end-user/zhtml/countries.zhtml) කට ආසන්න ගණනකට මෙම සේවාව ලබාදෙනවා . ලංකාවට නම් නෑ , නමුත් බොහෝ පිටරට ඉන්න අයට call කරන්න හොඳයි . ශොට් එකක් දිලාම බලන්නකෝ, නිකම් දෙන එකනේ ....

    ඔන්න ලින්ක් එක : http://tuitalk.com

    4. විකාර විඩියෝ ....

    * ඔබේ පොඩි එකා Hacker කෙනෙක්ද කියලා හොයාගන්නේ කොහොමද ??



    *මත තියාගන්න "Lunix" කියලා Operating System එකක් තියන වග : http://en.wikipedia.org/wiki/LUnix

    *ගේම් හොරුන්ට සලකන්නේ මෙහෙමයි ....

    ඉතිරිය කියවන්න .....>>

    මහා යුග පුරුෂයෙකුගේ නික්මන .......

    12
  • Jul 26, 2010
  • C0de BlUe
  • Labels:

  • Share/Bookmark


    කෙසේ විශ්වාස කරම්ද මේ නිහැඬියාව .......

    ජිවිතයට අරුතක් ,ආලෝකයක් එක්කල ඒ මහා රන් ටැබ අද අප අතරින් නික්ම ගොස්ය . .......

    " තම තම නැණ පමණින් "    බ්ලොගය ලියු ඒ යුග පුරුෂයා තැබු අවසන් සටහන (මිනීමල් හා මරණයට ඇති බිය), තමන්ගේ නික්ම යාම ඇඟෙව්වේද ???

    හිරුගේ ආලෝකය මෙන් , තමන්ගේ දැනුම බෙදාදෙනු ලැබු ඒ  සුර්යයා අද නිහඬය ...

    තබන්නේ මේ සටහන ඒ මහා  යුග පුරුෂයාට නිවන් සුව අත්වේවායි ඉත සිතින් පතන්නටය ....

    කුමුදු පින්තු ගුරුපියාණෙනි ඔබට අමා මහා නිවන් සුව ලැබේවා !!






    ~ විඩියෝව : ඇනොනිමස් ගෙන් ~
    ඉතිරිය කියවන්න .....>>

    ඩෙංගු මාරයා පරද්දමුද ?

    7
  • Jul 20, 2010
  • C0de BlUe

  • Share/Bookmark

    උපුටා ගැනිම : http://dhumee.blogspot.com/2010/07/blog-post_18.html


    ඉස්සෙල්ලම කියන්න ඕන මේකනම් මේ කට කහනවට කියන කතාවක් නෙවෙයි කියල. අපේ මුළු පවුලම පසුගිය ජූනි 23 වෙනිද ලංකාවට ආවෙ මගේ දුවගෙයි පුතාගෙයි ඉස්කෝලෙ සමර් එකට නිවාඩු දීපු නිසා. මෙහෙ ඉස්ස්කෝල වලට එක දිගට මාස දෙකක් විතර නිවාඩු දෙනව මොකද මේ කාලේ අවුරුද්දෙ රස්නම කාලේ නිසා. පිටත උෂ්නත්වය මේ දවස්වල c 50 පනිනවා.

    ඒගොල්ලොත් එක්කම ලංකාවට ආවත් මට ආපහු එන්න උනේ එක දිගටම මට නිවාඩු ගන්න තිබුන අපහසුතාවය නිසා. ආපහු ඇවිල්ල ටික දවසයි ගියේ මගෙ බිරිඳ කතා කරල කිව්ව මගේ පොඩි පුතාට හොඳටම උණ කියල. එයා ඉක්මනටම පුතාව ආසිරි එකට ගෙනිහිල්ල බෙහෙත් අරගෙන ඇවිල්ල තිබුනා. දොස්තර නම් කියන්නෙ බය වෙන්න එපා දවස් තුනකින් උණ අඩු උනේ නැතිනම් ලේ ටෙස්ට් කරල බලන්න කියලා. කොහොමත් පහු ගිය දවස් දෙකේම රෑට සහලෝල උණ ගත්ත නිසා එයාගේ ලේ පරීක්ෂා කරල ඊයේ හවස. තුණුරුවන්ගේ පිහිටෙන් මගේ පුතාට ඩෙංගු වැලඳිලා නෑ. අදවෙනකොට පුතාගේ උණ හොඳටම වගේ හොඳ වෙලා. පහුගිය දවස්වල හිතේ තිබුන නොසන්සුන්කම ගැන නම් කියලා වැඩක් නැහැ.

    පත්තරෙන් දැක්ක පහුගිය මාස කීපයට ලංකාවෙ ඩෙංගු වලින් 140 දෙනෙක් මිය ගිහිල්ල කියලා. ඒ වගේම ඊයෙ පෙරේද දෙහිවල පැත්තෙ අවුරුදු 5ක මලක් වගේ පොඩි පුතෙකුත්, මාතර පැත්තෙ අවුරුදු 14ක දියණියකුත් තවත් තරුණ වෛද්‍යවරියකුත් ඩෙංගු මාරයාට බිලි වෙලා. මේක කොතනින්ද නවතින්න යන්නෙ ?

    මේත් එක්කම මට මතක් උනේ ටික කාලෙක ඉස්සෙල්ල ලැබිච්ච ඊ මේල් එකක තිබිච්ච ඩෙංගු ප්‍රතිකර්මයයි. ඒ තමා ගස්ලබු කොල ඉස්ම. පොඩ්ඩක් ගුගුල් කරල බලන්න මැලේසියාවෙ, පිලිපීනය වගේ රටවල් වල ඩෙංගු හැදිච්ච කීදෙනෙක් මේකෙන් සම්පූර්ණයෙන්ම හොඳ වෙලා තියෙනවද කියලා. ගිහිල්ල බලන්න ඒ ගොල්ලො තමන්ගෙ අත්දැකීම් දාල තියෙන හැටි !

    මෙච්චර මේකෙන් පීඩා විඳින අපිට ඇයි මේක පාවිච්චි කරලා බලන්න බැරි ? ඕන තරං ගස්ලබු ගස් හොයා ගන්න පුළුවං අපේ රටේ ඇයි මේ ප්‍රතිකර්මය කරල බලන්නෙ නැත්තෙ ? මේක විද්‍යාණුකූලව ඔප්පු කරලා නැහැය කියලා යට ගහන්නෙ නැතිව ලෙඩාගේ ඇඟේ ප්‍රතිෂක්තිය හැදෙනකන්ය කියල මරණයට කැප කරන්නෙ නැතුව මෙ ගස් ලබු කොල ඉස්ම මේස හැන්දක් දෙකක් දීල මේ ජීවිතයක් බේර ගන්න බැරිද ?

    කියවපු ඒ අත්දැකීම් වලට අනුව, ප්ලේටල් කවුන්ට් එක අඩු වෙච්ච අයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් බීපු ගමන් නොහිතන විදිහට ප්ලේටල් කවුන්ට් එක වැඩි වෙනවලු. ඒ වගේම උණත් සීග්‍රයෙන් බැහැල යනවලු.


    ගස්ලබු කොල ඉස්ම හදාගන්න පුළුවන් මේ විදිහට,

    1) ගස්ලබු කොල දෙකක් ගන්න.
    2) ඒවා පිරිසුදු වතුරෙන් පමනක් හෝදාගන්න.
    3) ඒවායේ නාරටි, දඬු වගේ දේවල් ඉවත් කර කොලය පමනක් සූරා ගන්න.
    4) එම කොල ටික පොඩි බෙහෙත් වංගෙඩියකට හෝ එවැනි දෙයක් භාවිතා කර හොඳින් තලා ගන්න.
    5) ඉන්පසු පිරිසුදු රෙදි කැබැල්ලක් භාවිතා කර ඉස්ම බේරා ගන්න.

    මේ ආකාරයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් පමණ සාදා ගත හැකි යැයි පවසණු ලබනවා. එය රෝගියාට උදේ හවස දීමෙන් ඩෙංගු රෝගීන්ව ඉක්මනටම සුවපත් කල හැකි වේ යැයි පැවසෙනවා.

    දන්න හඳුනන කාට හරි ඩෙංගු හැදිල නම්, මේ ප්‍රතිකර්මය කරලා බලමුද ? සාර්ථක උනොත් කීදෙනෙක්ගෙ ජීවිත බේරගන්න පුළුවං වෙයිද ?

    කවුරු හරි දැනටමත් මේක අත්හදා බලල තියෙනවනම් තමන්ගේ අත්දැකීමත් මේකට දානවද කරුණාකරල ?


    අපි සිංහල බ්ලොග් ලියන අය හැටියට මේක කැම්පේන් කරමුද ? අපි හැම එක්කෙනාම මේ බෙහෙත ගැන තමන්ගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මොත් තව වැඩිපුර එක්කෙනෙක් හැරි ඒක දැකල ජීවිතයක් බේරුනොත් කොච්චර හොඳයිද ? දාමුද හැම එක්කෙනාම මේක ගැන පෝස්ට් එකක්. මගෙ පෝස්ට් එකෙන් ඕන දෙයක් පිටපත් කරගන්න. අපි සමාජය දැනුවත් කරමු කරුණාකරල.

    බී.අයි.ටී හරි , මදුරු තෙල් හරි ගහනකන් බලාගෙන ඉන්නෙ නැතිව අපිට ජීවිත කීපයක් හරි බේරගන්න පුළුවං උනෝතින් ඒක තමා සිංහල බ්ලොග් කරුවන් විදිහට අපිට කරන්න පුළුවං ලොකුම සද්කාරිය.


    මගේ පෝස්ට් එකට ටිකකට කලින් අංජන මල්ලිත් මේක ගැන ඉතා වටිනා පෝස්ට් එකක් කරලා. මේක වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ කලා කියල තමයි එය දාල තියෙන්නෙ. ඒක ගොඩක්ම හොඳ ආරංචියක්. දාල තියෙන ලින්ක් එකෙන් ඒක කියවලා බලන්න.
    ඉතිරිය කියවන්න .....>>

    ගේම දිම - ගින්නක් නැතුව Rapidshare /Hotfile / Megaupload (File Hosting ) සහ torrents බෑමට පිළියම්.

    17

    Share/Bookmark
    ඉක්මනට පොස්ට් එකක් ලියලා යන්න හිතුණා .. ඉතින් මේ හැමෝම මගෙන් (*මෙගෙන්ම විතරක් නෙවෙයි , මේවා දන්න කියන හැමෝගෙන්ම)100 සැරයක් විතර අහන එකම එක ,මට කියලා කියලා එපා වෙලා නිසා නොදන්න අය දැනගත්වා කියලා , මේක ඉක්මනට කොටල දාන්නම් .busuk

    හරි වල පල් නැතුව  මම දඩබඩ ගාලා මේක කියලා දාන්නම්කෝ . ඔය HSPA හාවිතා කරන අයට එන ලොකුම ගැටලුව තමා , මේ හැමෝටම එකම IP Address එක එන නිසා Rapidshare , Megaupload , HotFiles වගේ file hosting වෙබ් අඩවි වලින් ගොනු භාගත කරගන්න කොට තියන අවුල් nangih . ඉතින් ඔය අනං මනං විකාර ටික නවත්ගන්න නම් ක්‍රම කිහිපයක්ම තියෙනවා . මට  මතක් වුන ක්‍රම කිහිපයකින් විඩියෝ කට්ටක් කළා , ඒක මම මෙතැම දාන්නම් , පස්සේ මේක හිමිට යාවත්කාලිනය කරන්නම් තව ක්‍රම මතක් වෙන විදිහට ....nerd.


    අනේ විඩියෝව බලා තේරුම්ගෙන , facebook යෙහි මට තවත් කරදර නොකරත්වා !!!

    මතක් වෙලා කරපු ක්‍රම ටික තමා ,

    1. IP Changing
    2.Proxy / VPN
    3. Rapid Leechers / web based Torrents Clients ...
    4. Premium Link Generators
    5. Other ...




    Modem තියාගෙන  IP  Address වෙනස් කරගන්න ඕනේ අය පහත විඩියෝ කට්ට බලන්නකෝ !! garupale



    අදට ඔච්චරයි , හෙට උදෙන්ම class යන්නත් තියනවා , ඔයාලටත් මොනාහරි මතක් වුනොත් ඔය පහලින් ලියලම යන්නකෝ !!sengihnampakgigi

    අවශය විස්තර සහ ලින්ක්ස් :

    1. IP Changing

    http://whatismyipaddress.com/change-ip

    මේක හැම එකාම දන්න නිසා ,  මම මේක අමුතුවෙන් කරන්න යන්නේ නැ , නමුත් අනිත් නොදන්න අයට
    දැනගැනිම පිනිස,  මම Router එකක් තිබේ නම් IP එක වෙනස් කරගන්නේ කොහොමද කියලා පෙන්වන්නම් . 
    Modem  එකක් භාවිතා කරන අයට කොහොමද කරන්නේ කියලා පෙන්වන  විඩියෝ එකක් , මගේ බ්ලොග්
    එකේ දාලා ඇති , ඒක ගිහිල්ලා බලන්න .

    2.Proxy / VPN


    Lists : http://www.proxy4free.com/page1.html ...
              http://www.allproxysites.com/

    http://www.hidemyass.com/proxy-list/

    Program : Ultra Surf : http://www.ultrareach.com/

    ===========
     173.201.183.172 : 8080

    3. Rapid Leechers / Torrents ...

    http://www.rapidleech.com/ (Script)

    Sites  list : http://rlindex.net/

    eg : http://www.rapid115.com/1/ (site)

    ==============================
     browser-based and remotely hosted BitTorrent clients

    Torrents : http://btaccel.com/
                     http://www.bitlet.org/

    Search: http://thepiratebay.org/search/hacking%20pdf/0/99/0
                    

    4. Premium Link Generators

    http://rapidshare-premium-link-generator.com/
    http://www.rapid8.com

    (* For other file hosting services & more rapidhare , just do a google , you'll find plenty more sites ..... :D)

    5. Other ...

    * Rapid Share Time Defeat
    javascript:alert(c=0) : not working now ... :(

    Update :

    කට්ටියට වැඩිපුර දැනගන්නත් එක්ක ..... ; අපි දැන් දන්නවානේ කොහොමද ගේමක් නැතුව ගොනු බාන්නේ කියලා , නමුත් ගොඩක් අය දන්නේ නෑ , අපිට ඔය ගොනු upload කරනකොට එකපාරම file hosting වෙබ් අඩවි කිහිපයකට එකමසැරේ ගොනු යවාගන්න පුලුවන් කියලා . මේක ගැන පොඩි සටහනක් දාන්න හිතුනේ මේ ලිපිය දැකලා , මගේ යාලුවෙක් මේ upload ගැන ඇහුව නිසා. අඩේ මට මේක ගැන ලිය ලිය ඉන්න කම්මැලි , නෙට් එකේ තිබ්බ ලිපියක ෆොටොකොපි එකක් මෙතැන දාන්නම්කෝ. ආ කියන්න අමත වුනානේ මේ අඩවි වල තියන අනෙක් විශේෂත්වය තමා , අපිට මෙයාලෙගේ server වලට හරි , file hosting service වලට හරි remote upload එකත් දාන්න පුලුවන් , ඒ කියන්නේ වෙන වෙබ් අඩවියක තියන ගොනුවක් , අපේ පරිගනකයට භාගෙන ,ආයෙත් එය upload නොකර ,කෙලින්ම අර වෙනත් වෙබ් අඩවියේ තියන ගොනුවේ URL එක දිලා ඒක කෙලින්ම වෙන file hosting service එකකට දාගන්නත් පුලුවන් . ලිපිය ඉස්සුවේhttp://www.technotraits.com/2009/04/7-websites-that-upload-files-to-multiple-file-sharing-sites-at-once/ . නෙට් එකේ ගුගල් කලොත් තව නාන්න හොයාගන්න පුලුවන් . මම ඔක්කොම services බැලුවේ නෑ ..... හිමිට බලලා update කරන්නම් . කියන්න ඔනේ වුනේ මෙහෙම එකක් තියනවා කියලා විතරයි.


    1. Gazup


              
    Gazup supports 9 services including Rapidshare, Megaupload, Badongo. Maximum file size is limited by the services you choose. It can fetch files from remote location or via FTP including normal upload. It shows a upload progress bar that let you see how much of your file has uploaded.

    2. RapidSpread


    RapidSpread also does not impose any file size restrictions and supports upto 10 services including Rapidshare, Megaupload, Easyshare. It can fetch files from remote locations too. The interface of Rapidspread is not that good as of Gazup. I liked the way it showed download links for uploaded file.

    3. FileDucky


    FileDucky supports 4 services Rapidshare, Badango, Sendspace and Zshare. Also, it imposes a limit of 100MB per file. The upload progress bar didn’t work out for me. Also, the uploaded file page is a bit confusing.

    4. MassMirror



    With Massmirror You can upload files upto 1 GB in size though you might be restricted by the file size limit imposed by file sharing service like Rapidshare. It can fetch files from web easily. Though you might get annoyed by the advert that loads before you see the site. The file download links page is clean and clear and also lists estimated download time for different connection speeds. MassMirror supports 4 services Rapidshare, Badango, MegaUpload and Zshare.

    5. UploadJockey



    UploadJockey though imposes a 100 MB file size limit but with UploadJockey you can earn money as well. For every 1000 hits of your file download page, you can get $2. The file download page is a bit confusing. It supports 9 services if you sign up with them including Rapidshare, Megaupload etc.

    6. Sharebee



    Sharebee supports RapidShare, DepositFiles, MegaUpload, ZShare and Badango. It imposes a 150 MB file size limit. But interface wise, this one is the best out of all and pretty easy to use.

    7. Qooy



    Qooy supports 12 file sharing services without any file size restriction on its part. But you can distribute a single file to only 6 services at once. It can fetch files from remote locations too.

    8. Upload Mirrors



    Upload Mirrors looks like a refined version of Qooy as it can upload single file to 12 services at once. It does not support remote file fetching though. The interface of both Qooy and Upload Mirrors is very similar.
    ඉතිරිය කියවන්න .....>>

    ඇඩ් එක - තමන්ගේ වෙබ් අඩවියට සිංදු කලෙක්ශන් එකක් එක්කිරිම .

    7

    Share/Bookmark
    හරි වැඩිදෙනාගේ ඉල්ලිම පරිදි .. අද මම කියලා දෙන්නම් කොහොමද JW player එක උපයෝගී කරගෙන තමන්ගේම විඩියෝ / ඕඩියෝ කොලෙක්ශන් එකක් හදාගෙන , තමන්ගේ වෙබ් අඩවියකට දාගෙන කික් එකක් ලබදෙන්නේ කියලා ...... menari



    හරි වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ ......

    * මුලින්ම ඔයාලට කරන්න තියන්නේ JW Player Free version  එක http://www.longtailvideo.com/players/jw-flv-player/ අඩවියෙන් භාගත කරගන්න . ඊලගට එහි ඇති සියලුම ගොනු ටික (මෙහි ඇති video.flv එක අවශය නැත . නමුත් palyer.swf එක සහ yt.swf (මෙය youtube videos බැලිමට භාවිතා කරයි) , swfobject.js upload කිරිම අවශය වේ .) free web hosting serviceඑකකට upload කරගන්න ......

     * ඊළඟට අපිට තියන්නේ අපිට අවශය විඩියෝ /ඕඩියෝ එකක් හෝ වැඩි ප්‍රමාණයක් player එකට දමාගැනිමයි . මේ වැඩේ හරිම ලෙහෙසි , මම එක එක උදාහරන මඟින් එක එක පැහැදිලි කරන්නම් garupale. මුලින්ම කියන්න ඕනේ මේ අපි කරන්න යන උදාහරන අපිට online අත්හදා බලන්න , අපිට JW player වෙබ් අඩවිය මඟින්ම පහසුකම් ලබාදි තිබෙනවා . මෙය" http://www.longtailvideo.com/support/jw-player-setup-wizard " වෙබ් ලිපිනය හරහා අත්හදා බැලිය හැක .


     * පලමුව එක විඩියෝ සහ ඕඩියෝ වක් ...

    Demo :





    කේතය :

    විඩියෝ ....
    <embed allowfullscreen="true" allowscriptaccess="always" bgcolor="undefined" flashvars="file=http://content.longtailvideo.com/videos/flvplayer.flv" height="320" id="single2" name="single2" src="http://ashan.host56.com/blogger_video/jw/player.swf" type="application/x-shockwave-flash" width="470" wmode="transparent"></embed>
    

    ඕඩියෝ .....

    <embed allowfullscreen="true" allowscriptaccess="always" bgcolor="#000000" flashvars="file=http://www.longtailvideo.com/jw/upload/bunny.mp3&amp;duration=33" height="24" id="single2" name="single2" src="http://ashan.host56.com/blogger_video/jw/player.swf" width="470"></embed>
    

     මුලින්ම කියන්න ඕනේ ඔයාලට  http://www.longtailvideo.com/support/jw-player-setup-wizard වෙබ් ලිපිනිය මඟින් තමන්ට , තමන්ට අවශය විඩියෝ / ඕඩියෝ URL දීලා තමන්ට අවශය ලෙස player එක සකස් කරගෙන අවශය කේතය ගන්න පුලුවන් කියලා . ඉතින් මම කියන්නේ ඔය අලුත්ම අයට , ඒකට ගිහිල්ලා පොඩ්ඩක් අතපත ගාලා ඉගෙනගන්න කියලා . අනික තමා ඕක ගියහම අපිට අවශය වෙනස් කිරිම් කරලා , "Update Preview & Code" බොත්තම ඔබලා , කරපු වෙනස්කම් ටික බලාගන්න පුලුවන් .මුලිකමව මේ online application එක අපේ වෙබ් අඩවි වල දමා ගැනිමට ක්‍රම 2 කට සලසා දෙනවා . ඒවා තමා javascript හරහා වෙබ් අඩවියට දමාගැනිම සහ "embed" විධානය මඟින් එය වෙබ් අඩවියකට දමාගැනිමයි . අපිට මෙය මඟින් කේතය ලබාදිමේදි javascript වලින්ලබාදෙන අතර , අපිට අවශය නම් එය embed වලින් ලබාගැනිමට , කේතය දී ඇති ස්ථානයේ ඉහළින් ඇති "the embed code." යන්න කිලික් කරන්න . මම නම් කියන්නේ ඔය සාමානය වෙබ් අඩවියක නම් emebed එක පාවිච්චි කරන එක හොඳයි , මොකද ඔය internet explorer 6 වගේ javascript වලට සප් එක දෙන්නේ නෑ නොවැ . javascript භාවිතය යෝගය වන්නේ , ඔය palyer එකේ එක එක අංග කිලික් කරහම ඇඩ් එහෙම ලෝඩ් කරගන්න ඕනේ නම් තමයි , මොකද ඔක්කොම javascript වලින් දුවන් නිසා player එකට අදාල කේතය ඇතුලත ඇඩි සොලුශන් එකත් ලෙහෙසියෙන්ම ගොඩනගන්න පුලුවන් . garupale

    හරි දැන් බලමුකෝ අපි කොහොමද අපේ විඩියෝව/ ඕඩියෝව ඉහත කේත මඟින් දාගන්නේ කියලා . මම කේතය ගැන කියුවොත් එහෙම මම මෙතැන පාවිච්චි කරලා තියන්නේ embed එක .කේතය විස්තර කරනවා නම් ........nerd

    • allowscriptaccess="xxxx"  //* මෙමඟින් අපිට palyer එකේ තිබෙන යම් යම් ගුණාංග වැඩකරන්න දෙනවද , නැද්ද කියලා දිම *//
    •  bgcolor="xxxx"               //* player එකෙහි අවට වර්ණය කුමක්ද යන්න ලබාදිම *//
    • flashvars="file=[ ඕඩියෝ /විඩියෝ ගොනුවේ URL එක]"      //* ඕඩියෝ /විඩියෝ ගොනුවේ  URL එක ලබාදිම .. *//
    • height="xxx        //* player උස //*
    • width="xxx"         //* player පලළ //*
    • src="[ඔයාගේ palyer.swf එකෙහි URL එක ]"  //* ඔයාගේ palyer.swf එකෙහි URL එක //*

    ඔච්චර තමා කියන්න තියන්නේ .......

    හරි අපි ඊලඟට බලමුකෝ , කොහොමද video playlist එකක් XML වලින් හදාගෙන , ඒකෙන් playlist එකක් හදාගන්නේ කියලා .

    Demo :



    කේතය :

    Player කේතය ...

    <embed allowfullscreen="true" allowscriptaccess="always" bgcolor="undefined" flashvars="playlistfile=http://www.longtailvideo.com/jw/upload/mrss.xml&amp;playlist=bottom" height="470" id="single2" name="single2" src="http://ashan.host56.com/blogger_video/jw/player.swf" type="application/x-shockwave-flash" width="470" wmode="transparent"></embed>
    

    XML හි කේතය :

    <rss version="2.0" xmlns:media="http://search.yahoo.com/mrss/">
     <channel>
      <title>Example media RSS playlist for the JW Player</title>
      <link>http://www.longtailvideo.com</link>
    
      <item>
       <title>Big Buck Bunny - FLV Video</title>
       <link>http://www.bigbuckbunny.org/</link>
    
       <description>Big Buck Bunny is a short animated film by the Blender Institute, part of the Blender Foundation. Like the foundation's previous film Elephants Dream, the film is made using free and open source software.</description>
       <media:credit role="author">the Peach Open Movie Project</media:credit>
       <media:content url="http://www.longtailvideo.com/jw/upload/bunny.flv" type="video/x-flv" duration="33" />
      </item>
    
      <item>
       <title>Big Buck Bunny - MP3 Audio with thumb</title>
       <link>http://www.bigbuckbunny.org/</link>
    
       <description>Big Buck Bunny is a short animated film by the Blender Institute, part of the Blender Foundation. Like the foundation's previous film Elephants Dream, the film is made using free and open source software.</description>
       <media:credit role="author">the Peach Open Movie Project</media:credit>
       <media:content url="http://www.longtailvideo.com/jw/upload/bunny.mp3" type="audio/mpeg" duration="33" />
       <media:thumbnail url="http://www.longtailvideo.com/jw/upload/bunny.jpg" />
      </item>
    
      <item>
       <title>Big Buck Bunny - PNG Image with start</title>
    
       <link>http://www.bigbuckbunny.org/</link>
       <description>Big Buck Bunny is a short animated film by the Blender Institute, part of the Blender Foundation. Like the foundation's previous film Elephants Dream, the film is made using free and open source software.</description>
       <media:group>
        <media:credit role="author">the Peach Open Movie Project</media:credit>
        <media:content url="http://www.longtailvideo.com/jw/upload/bunny.png" type="image/png" duration="20" start="10" />
       </media:group>
      </item>
    
     </channel>
    </rss>
    

    ඉහත පළමු උදාහරණයේ කේතය හා සැසඳු කල මෙහි player කේතයෙහි වැඩි වි ඇත්තේ  , flashvars=file වෙනුවට playlistfile ඇවිත් තිබිමත් ,  එහි playlistfile එකට ඔයාගේ playlist එක හදලා තියන XML ගොනුවේ URL එකදිද තිබේ . තවද අදාල playlist එක player එකේ පෙන්විමට අවශය ස්ථානය සඳහන් කිරිමට " playlist= [playlist එක player එකේ පෙන්විමට අවශය ස්ථානය]" මඟින්ද දී තිබේ . kenyit

    flashvars="playlistfile=http://www.longtailvideo.com/jw/upload/mrss.xml&playlist=bottom"

    XML  එක ගැන කථා කරනවා නම් , අප බ්ලොග් වල , ඔය RSS feed එක කියලා කියන්නෙත් ඔය XML වලින් ලියලා තියන එක්තරා ගොනුවකට තමා . ඉතින් JW player එකට XML අඳුනගත හැකි ලෙස ලියන ක්‍රමයක් තියනවා , ඕනැම XML ගොනුවක් ලියන්නේද මේ ක්‍රමයට අනුවයි . මම ඔයාලට පහත XML ලියන සැකිල්ල (Structure) එක දෙන්නම් , ඔයාලත් ඔයාගේ playlist එකක් භාවිතා කරනවා නම් , ඒක පහත සැකිල්ලට අනුව ලියලා , .xml ගොනුවක් ලෙස save කරගෙන , එය අදාල වෙබ් අඩවියට upload කර , player එකේ playlsit ගොනුව ලෙස් එහි path එක දීලා player එක ධාවනය කරගන්න . ඔයාලට මේ පිළිබඳව වැඩි විස්තර http://www.longtailvideo.com/support/jw-player/24/create-a-playlist-with-the-jw-player මඟින් ලබාගන්න පුලුවන් . garupale

     <rss version="2.0" xmlns:media="http://search.yahoo.com/mrss/">
     <channel>
      <title>Example media RSS playlist for the JW Player</title>
      <link>[ඔයාගේ වෙබ් අඩවියේ හෝ palylist එකට අදාල වන වෙබ් අඩවියේ URL එක]</link>

      <item>
       <title>[ විඩියෝවේ නම ] </title>
       <link>http://www.bigbuckbunny.org/</link>

       <description> [ විඩියෝවේ පිළිබඳ විස්තරය ....  ] </description>
       <media:credit role="author">[ විඩියෝව අයිතිකාරයා පිළිනඳව විස්තර , මෙතැන ඔයාලගේ විස්තර දාගන්න :P ]</media:credit>
       <media:content url="[ විඩියෝවේ තියන ස්ථානයේ URL එක ]" type="video/x-flv" duration="[ විඩියෝව ධාවනය වන කාලය තත්පර වලින් (මෙය අතවශයම නැත) ]" />
      </item>

     <item>
       <title>[ විඩියෝවේ නම ] </title>
       <link>http://www.bigbuckbunny.org/</link>

       <description> [ විඩියෝවේ පිළිබඳ විස්තරය ....  ] </description>
       <media:credit role="author">[ විඩියෝව අයිතිකාරයා පිළිනඳව විස්තර , මෙතැන ඔයාලගේ විස්තර දාගන්න :P ]</media:credit>
       <media:content url="[ විඩියෝවේ තියන ස්ථානයේ URL එක ]" type="video/x-flv" duration="[ විඩියෝව ධාවනය වන කාලය තත්පර වලින් (මෙය අතවශයම නැත) ]" />
      </item>

     

     </channel>
    </rss>

    * ඉහත කේතයේ item මඟින් අපට අවශය තරම් විඩියෝ /ඕඩියෝ ලබාදිය හැක .

    හරි අපි ඊළගට බලමු කොහොමද youtube feed එකක් , ඒ කියන්නේ youtube විඩියෝ ගොඩක් playlist එකක් ලෙස ply කරන්න player එක හදගන්නේ කියලා. ඉහත මම කියුවානේ RSS feed වලටත් ඔය XML එකම තමා පාවිච්චි කරන්නේ කියලා . ඉතින් අපිට පුලුවන් නම් youtube එකේ තියන මේ rss feed එක ගන්න , අපිට පුලුවන් , අර අපි XML ගොනුවේ URL එක දුන්න තැනට youtube එකේ තියන මේ rss feed එක දුන්නානම් හරිනේ .. ඉතින් ඔයාලට youtube එකේ rss feeds හැසිරෙන්නේ කෙලෙසද කියලා, http://www.youtube.com/rssls මඟින් දැනගන්න පුලුවන් . hah

    RSS Feeds for Tags and Users

    To create an RSS feed for your favorite tags or users, simply enter the tag or username as specified in the below URLs. You can then add this URL to your newsreader. Please note, you will need to create a feed for each individual tag or user you wish to subscribe to.
    Tags:
    http://gdata.youtube.com/feeds/base/videos/-/[insert tagname here]?client=ytapi-youtube-browse&v=2
    For example, if you wanted to create an RSS feed for the tag "monkey", you would enter:
    http://gdata.youtube.com/feeds/base/videos/-/monkey?client=ytapi-youtube-browse&v=2
    Full-text searches:
    http://gdata.youtube.com/feeds/base/videos?q=[insert url-encoded search term here]&client=ytapi-youtube-search&v=2
    For example, if you wanted to create an RSS feed for the search term "monkey", you would enter:
    http://gdata.youtube.com/feeds/base/videos?q=monkey&client=ytapi-youtube-search&v=2
    Users:
    http://gdata.youtube.com/feeds/base/users/[insert username here]/uploads
    For example, if you wanted to create an RSS feed for the user "YouTube," you would enter:
    http://gdata.youtube.com/feeds/base/users/youtube/uploads

    හරි අපිට ඉහත සඳහන් පරිදි youtube RSS feed එක යොදාගන්න පුලුවන් , නමුත් youtube RSS feed එක JW player එක සමඟ වැඩකිරිමට මෙහි RSS feed URL එකේ "base" වෙනුවට එය "api" ලෙස වෙනස් විය යුතුයි .
    උදාහරන :  http://gdata.youtube.com/feeds/[මෙහි base වෙනුවට api කියලා වෙනස් කරන්න ]/users/youtube/uploads

    මම දැන් Demo එකක් විදිහට youtube එකෙන් Elakiri.com user යටතේ තියන feed එක අරගෙන , ඒක player එකේ දාලා පෙන්වන්නම්කෝ . මම මෙතැන පාවිචිචි කරලා තියන්නේ youtube user කෙනෙක් upload කරපු videos වලට ලැබෙන feed එක උපයෝගි කරගෙනයි. එතකොට මෙතැන feed එක වෙන්නේ
    http://gdata.youtube.com/feeds/api/users/ElaKiri/uploads . ආ අනික තමා ඔයාලට youtube playlist එකක feed එක ගන්න ඕනේ නම් , http://gdata.youtube.com/feeds/api/playlists/[playlist එකේ නම්බර් එක, උදා :1C7B8C997AC1112C]  ලබාගත හැක . peace

    Demo :



    කේතය :
    <embed allowfullscreen="true" allowscriptaccess="always" bgcolor="undefined" flashvars="playlistfile=http://gdata.youtube.com/feeds/api/users/ElaKiri/uploads&amp;playlist=bottom" height="470" id="single2" name="single2" src="http://ashan.host56.com/blogger_video/jw/player.swf" type="application/x-shockwave-flash" width="470" wmode="transparent"></embed>
    

    මෙතැන ඉතින් මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ . ඉහත XML එකේ වගේ , XML එක වෙනුවට youtube එකෙන් feed එක අරගෙන , එම feed URL එක playlistfile එකේ URL එක විදිහට දීලා තියනවා .

     හරි අපි දැන් දන්නවානේ කොහොමද youtube එකෙන් feed එකක් අරගෙන playlist එක හදලා ඒක අපේ player එක දාගන්නේ කියලා , අන්තිමට මම කියන්නම් කොහොමද අපේ player එකට කික් එකක් එන විදිහට , JW player වෙබ් අඩවිය මඟින් ලබාදි තිබෙන skin අපේ player එකට දාගන්නේ කියලා .fikir

    Demo :



    කේතය :

    <embed allowfullscreen="true" allowscriptaccess="always" bgcolor="undefined" flashvars="playlistfile=http://gdata.youtube.com/feeds/api/playlists/5637DAA24A431159&amp;playlist=bottom&amp;skin=http://ashan.host56.com/blogger_video/jw/skins/grungetape.zip" height="600" id="single2" name="single2" src="http://ashan.host56.com/blogger_video/jw/player.swf" type="application/x-shockwave-flash" width="500" wmode="transparent"></embed>
    

    හරි අපි කේතය දිහා බැලුවවොත් පෙනෙනවා , අපි youtube feed එක ඇදලා ගන්න එකේ කේතයට , අමතරව යමක් එකතු වෙලා තියනවා , එය තමා " skin=http://ashan.host56.com/blogger_video/jw/skins/grungetape.zip" යන්නයි . මෙහිදි අපි JW player වෙබ් අඩවිය මඟින් ලබාදි තිබෙන skin package එකක් .zip ගොනුව , upload කර එහි URL එක ලබාදි තිඅබෙනවා . ඔයාලට මෙම skins ,  http://www.longtailvideo.com/addons/skins මඟින් ලබාගන්න පුලුවන් . sengihnampakgigi

    මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!garupale
    ඉතිරිය කියවන්න .....>>

    ~ ආදර කතා සින්ඩිය ~

    18

    Share/Bookmark
    අප්පේ ඉඳලා ඉඳලා ඒකත් ඉවරයක් කරගත්තා . ඒක කියුවේ මොකක්ද ???? , වෙන මොකක්ද , මගේ ආදර කතා කොලේක්ශන් එක garupale  පුංචි පහේ සින්ඩියකට ගෙනිච්චා නොවැ . garupale



    මටත් එක එක පිස්සු තියනවා නොවැ , අන්තිමට ජංජාලයේ ලව් ස්ටෝරි කියවන්නත් පිස්සුව ගැහුවා . ඉස්සර නම් මම හෝ හෝ ගාලා කියෙව්වේ තාක්ශනික බ්ලොග් තමා, නමුත් පස්සේ පස්සේ මෙහෙම එකම දිගට තාක්ශනික ලිපි කියවිල්ල එපා වුනා hah , මම බැලුවා මෙහෙම හරි යන්නේ නෑ , මෙහෙම ගියොත් මල කෙලියක් වෙන නිසා , මමත් හිමිට ඔය කවි කතන්දර කියවන්න පටන් ගත්තා , ඇත්තම කියුවඔත් මම දැනගෙන හිටියේ නෑ , සිංහලෙන් මෙච්චර බ්ලොග් තියන්වා කියලා , ඔය සින්ඩි වලට ගියහම තමා දැක්කේ කවි කතන්දර තියන බ්ලොග් පට්ට ගානක් තියනවා . ඉතින් ටික කලක් යනකොට මේවා කියවන්නත් පුරුදු වුනා , මුලින් මුලින් කවි මට අරහං වෙලා තිබ්බේ , පස්සේ ටික කලක් යන්කොට ඒකත් අවුලක් නැතුවුණා . ඔහොම ටිකකලක් යනකොට දැක්කා හෝ හෝ ගාලා ලව් ස්ටෝරි කොලෙක්ශන් වෙබ් අඩ්වි තියනවා garupale . පට්ට කතා තිබ්බේ , ටික ටික කට්ටියව follow කර කර යනකොට , එක එක්කෙනගේ මරු මරු ස්ටොර්‍රිස් හම්බවුනා , මේ වෙනකොට ලව් ස්ටෝරිස් ගොඩක් එකතු වෙලා තිබ්බා කියවන්න , ඉතින් වෙලා තිබුන වෙලාවට හිමිට කතා කියෙව්වා . නමුත් අවුල ආවේ ටිකක් කතා කියවලා ඉවර වුනාට පස්සේ . වැඩේ කියන්නේ දවස් 3-4 සැරයක් වගේ එක එක කතා වල කොටස් කියවලා , අනෙක් දවසේ බලනකොට ඔක්කොම කතා අච්චාරු වගේ . මොකද ඔක්කොම කතා remix වෙලා .ඕකෙන් උන හොඳම වැඩේ තමා මට kootempo අයියාගෙයි , පලාමල්ල ලියන අයියගෙයි , ආදර කතාව ලියන අයියාගෙයි , ඉලංදාරියා සහ ජංජාල චාමර ලියන ආදර කතා ඔක්කොම remix විම gile . අනික අවුලක් වුනේ දැන් ඔක්කොම remix වෙලා නිසා , පටස් ගාලා ඒ ඒ කතාවේ මුල් කොටස බලලා ඩාර් ගාලා මතක් කරගන්න , එම වෙබ් අඩවියේ අනික් කොටස් වල ලින්ක් කිලොක් කර කර කාපු කට්ට ..... හපෝ !! අනික එක එක්කෙනාගේ බ්ලොග් හොයාගෙන ගිහිල්ලා බලන්න අමාරු නිසා , මට හිතුණා මේ ටික එක තැනකට ගේන්න . nerd

    මේක හරියන්නේ නැති නිසා පොඩ්ඩක් තාක්ෂනික පැත්තෙන් බැහැර වෙලා වින්දනාත්මක විදින්න , පොඩි වෙනසකටත් එක්ක මේ වැඩේට අතගහන්න හිතුණා . මුලින්ම හිතුණා feedpress දාලා wordpress වලින් සින්ඩියක් හදලා වැඩේ කරනවාද කියලා , පස්සේ හිතුණා මේක මේ මහා ලොකු බරපතල විදිහට කරන්න ඕනේ නොකරන වැඩක් නිසා කාටත් ලෙහෙසියෙන් බලන්න පුලුවන් සරල විදිහට හදන්න .... peace, ඉතින් මම කලේ ඔය තියන ඔක්කොම ලව් ස්ටොරි දාලා හැදුවා හොඳ කොලෙක්ශන් එකක් ( *මම ඔය ලව් ස්ටෝරිස් කියවන්න අරගෙන දැනට මාස 1 1/2 වගේ තමා ගත වෙලා තියන්නේ ).ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බවුණා . මම ඒකට ලස්සන DropDown Menu එකකුයි , links iframe එකක් ඇතුලේ ලස්සනට ලෝඩ් වෙන්න , prettyPhoto jquery script එකත් යොදාගත්තා . නමුත් අවුල වුනේ මගේ බ්ලොග් එකේ තාක්ශනික ලිපි බලන්න එන අයට මේ අමතර scripts ලෝඩ් විම නිසා ( මෙම නිසා වෙබ් අඩවිය ලෝඩ් විමට වැඩිකාලයක් ගතවුනා ) අපහසුතවය පත් වුනා . ඊලඟට මම වෙබ් අඩවියේ මේ ලව් ස්ටෝරි ලින්ක් කොලෙක්ශන් එක ගෙනගියා වෙන අඩවියකට . අනෙක් අයට අපහසු නිසා වැඩේ වෙන වෙබ් අඩ්වියකට ගෙන ගියා , නමුත් වෙන වෙබ් අඩවියකට ගිහිල්ලා ඕක නිතර යාවත්කාලිනය කරන්න වුන නිසා තමා මට කෙල වුනේ tension . හිතුවට වඩා කට්ට්ය මේකට ආවා , ඉතින් නිකම් තියලා හරි යන්නේ නෑනේ කොලෙක්ශන් එක , යාවත්කාලිනය කරන්න ඕනේ නේ . දවස් 4 යි සයිට් එක තිබ්බේ ,  වැඩේ අච්චාරු වේගෙන එන බව මට පෙනුනා . මොකද නිතර යාවත්කාලිනය විම් කරන්න ගියොත් මට පැය 24 නෙට් එකේතමා ඉන්න වෙන්නේ ketukmeje .පොට හරියන්නේත් නෑ ,වැඩේ දෙල් වෙනවා වගේ පෙනුන නිසා පුංචිම පුංචි සින්ඩියකට යන්න තිරණය කලා.


    ඉස්සෙල්ලාම බැලුවා සින්ඩිය දාගන්න හොඳ free webhosting service එකක් (http://www.free-webhosts.com/webhosting-01.php) , byethost අල්ලලා ගිය නිසා ගත්තා ඒක . ඊලඟට සින්ඩියට හොඳ script එකක් හෙව්වා , මම මහාපරිමාණයෙන් මේක නොකරන නිසා සරල script එකක් තමා බැලුවේ sengihnampakgigi. මට script නම් හෙන ලොට්ටක් හම්බවුනා . මුලින්ම අපි කවුරුත් දන්න wordpress දාලා feedpress , drupal දාලා aggregator plugin එක , ඊලඟට ගියා sourceforge.net (මොනාහරි script එකක් ඕනේ වුනොත් මුලින්ම දුවන්නේ ඔතැනට තමා !!) . එකෙනුත් ස‍ර්චි කරලා , නෙට් එකත් පීරලා ගත්තා Rnews , Gregarius , Feed on FeedsFlock, RawdogLilina,  සහ තවත් ..... script කටු ටිකක් , මට අල්ලලා ගියේ Gregarius hah. නිසා ඒක දැම්මා සින්ඩියට . ඊලගට වෙබ් අඩවියේ ඉස්සරහ interface එක හදන්න එපැයි , නිකම් මොකාද වගේ සින්ඩිය විතරක් හදලා හරියන්නේ නෑනේ . ඉතින් කලේ මම ඉස්සර ඔය වෙබ් අඩවි හදන්න ගත්ත Web page maker (http://www.webpage-maker.com) , CoffeeCup  Editor (http://www.coffeecup.com) වගේ WYSIWYG Editors එකකින් පැය 2 ක් ඇතුලත දඩබඩ ගාලා interface ඔක්කොම හඳලා prettyPhoto script එකත් දාලා හදලාගත්තා (කෝඩ් කොට කොට ඉන්න කම්මැලි නිසා garupale , ෂේප් වෙන්නත් එක්ක මේකේන්ම ඇරලා දැම්මා) . දැන් හදලා දවස් 2 ක් විතර වෙනවා , අද තමා බ්ලොග් පොස්ට් එකක් දාන්න හම්බවුනේ...... garupale




     ඉතින් ඔයාලට මේ අලුත් සින්ඩියට  http://lovespot.22web.net මඟින් පිවිසෙන්න පුලුවන් ගිහිල්ලම ගුණදොස් කියන්නකෝ !!!! , ආ තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා , සින්ඩියට ගියහම "refresh" බොත්තොම ඔබලා ඔයාලට feeds ටික යාවත්කාලීනය කරගන්න පුලුවන් . senyumkenyit



    මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!garupale
    ඉතිරිය කියවන්න .....>>
    Related Posts with Thumbnails