
ඉල්ලන් කෑම - modem / router හැක් කිරිල්ල ....
හප්පේ මට නම් අද රජ සැප වගේ ,මොකද කියන්න අද තමා අල වෙච්ච ජංජාලය අවුලක් නැතුව ෆුල් පර්ෆෝමන්ස් ආවේ

. අද මම පොඩි ගේම් කට්ටක් delphi වලින් ලිය ලිය ඉන්න කොට බයිස්කොප් සිංහලෙන් වෙබ් අඩවියේ හැකර්ස් බයිස්කොප් එක ගැන අහන්න ලැබුණා (ඇන්ත්‍රැක්ස් අයියට බොහෝම පිං ඔත්තුව දුන්නට), ඊටපස්සේ කලේ හැකර්ස් බයිස්කොප් 3 න භාගෙන දැන ආතල් එකේ බලනවා , ඕක බල බල ජංජාලය නිකන් තියන්න බැරි නිසා ඊයේ කරපු පොඩි විඩියෝ කට්ටක් youtube එකට upload වෙන්න දාලා බ්ලොග් පොස්ට් එකකුත් ලියන්න හිතුවා.......

.
අද නම් මහා ලොකු හැකින් අනම් මනම් නෑ , කලේ පොඩි වැඩ කෑල්ලක් දාලා කරපු මගෝඩියක් , මුලින්ම කියන්න ඕනේ මම මේක කරන්න මුලිකවම හේතුවුනේ මගේ යාලුවෙක් මුහුණදුන්න සිද්ධියක් හේතුකොටගෙනය .
අපේ ඔය අන්තර්ජාලය පාවිච්චි කරන උදවිය කරන බොහෝම බරපතල වරදක් තමා router / modem එකක් ගෙනාවට පස්සේ එහි default එන username එකයි password එකයි වෙනස් නොකරම සිට , අන්තර්ජාලය පරිහණය කිරිම . ගොඩක් අය නම් ඕක නොසැලකිල්ල / නොදැනුවත්කම නිසා නොකර ඉන්නවා , නමුත් සමහරුන්ට නම් කට කැඩෙන කම් කිව්වත් අහන්නේ නෑ

, පස්සේ කෙල උනාම තමා මෙතැන අඬන්න පටන්ගන්නේ (මේක වුණු මගේ යාළුවත් ඔය වගේ එකෙක් තමා !) . පහත විඩියෝ 2 බලන්නකෝ ; මම ඔතැනදි මගේ ip address එක ඇතුලත් ip range එකක් අරගෙන , ඒ ip range එකේ online තියන පරිඝනක වල router / modem වලට default එන username එකයි password යොදාගෙන log වෙලා පෙන්නවා (බලන්නකෝ අපේ අයගේ සැලකිලිමත්කම ගැන

) , තව අනිවා 2 විඩියෝ එක බලන්න , ඕකේ පෙට්‍රල් ෂෙඩ් එකක කැමරාවලටත් මම වැඩේ දෙනවා බලන්නකෝ

; හපොයි ඕක මට අහූඋන නිසා අවුලක් නෑ , වෙන එකෙකුට අහු උනානම් මොන තොවිලයක් නටයිද දන්න්නේ නෑ (මම වුනත් ඔය ටික තම කරන්නේ , විඩියෝ එක record කරන නිසා මුකුත් කලේ නෑ

.) .
" ඒක නිසා මම අන්තිමට ක්යන්නේ router / modem එකක් ගෙනාවට පස්සේ එහි default එන username එකයි password එකයි අනිවාර්්‍යයෙන්ම වෙනස් කරන්න. !!"
* ඔයාලා ඉතින් මේ ලිපිය ගැන මොකද හිතන්නේ , ඔය විඩියෝ 2 කත් බලලා කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !! 
Part 1
Part 2
වැඩිපුර Default router / modem පාස්වර්ඩ් ටිකක් :
http://www.pcwintech.com/default-router-modem-passwordshttp://www.phenoelit-us.org/dpl/dpl.htmlhttp://www.cirt.net/passwords
5 comments:
අම්බෝ මගෙ ඇග හිරිවැටිලා ගියා...
කෝ... වීඩියෝ දෙකම බලන්න බෑ නේ :( :( :(
@ Confiuzd ප්‍රෝග්‍රැමර් : හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වලු , ඔයා ඕකට හිරිවැටුණා නම් තව තොවිල් එනවා ඉස්සරහට එවාටත් ලෑස්ති වෙලා ඉන්නකෝ !!!! :P
@ ආදර කතාව : විඩියෝ 2 ම අවුලක් නැතුව බලන්න පුලුවන් , වෙබ් පිටුව refresh කරලා බලන්න !!! :D
ela macan..... Rish
@ rish : thanks machan !!!
Post a Comment
write your comments here!