ගේම දිමට පෙර ආරක්ශාව - තමන්ගේ මැසිම virus , trojans ටෙස්ට් කරන්න සදාගන්නේ කෙසේද ?

11

Share/Bookmark අද මට මාර වැඩක්නේ වුනේ , අද මගේ fb එකේ හොඳ බැනලා එවපු msg ගොඩයි , මම බැලුවා මේ මොකද යකෝ මේ කියලා garupale. බැලින්නම් මගේ ඊට ඉස්සෙල්ලා ලව් ස්ටෝරි කොලෙක්ශන් පොස්ට් එක මාර විදිහට හිට් වෙලා නිසා , සයිට් එකට අලුත් කට්ටියක් හිට් වෙලා , සෙට් වෙලා !! ; පස්සේ අලුතෙන් හිට් වුන කට්ටියගෙන්ද දන්නේ නෑ මේකේ හැකින් ගැන තියන ටුල්ස් එහෙම නිකම්ම මැසිමේ ටෙස්ට් කරලා , අර කියන ටුල්ස් රන් කරලා වෙන ඒවා ට්‍රයි කරන්න ගිහිල්ලා මැසිම් වලට virus , trojan දාගෙන අනාගෙන මට හොඳවයින් බැනලා !!!; අනේ අසරණ මම ............ garupale( * මම ලියලා තියන, කියන හැම ටුල් එකක්ම මම virtual pc එකක තමා ටෙස්ට්න් දාන්නේ , ඉතින් මට මේක හැම පොස්ට් එකකම ලියන්නත් බැහැ මතක් කරකර , අනික මේක ගැන මට මුලින්ම කියන්න මතක වුනා ; සොරි හොඳේ !!! soal ).



ඉතින් අපෝ මට තවත්අයගෙන් බැනුම් අහන්න බැරි නිසා මම තව හැකින් ලියන්න ඉස්සෙල්ලා අනිවා හිතුව මේ ගැන ලියන්න. මුලිකවම මම ගන්න හැම tool එකක්ම ටෙස්ට් කරන්න යොදාගන්නේ virtual pc එකක් හෝ deep freeze වල තමා . මේ සබ්ජේක්ට් එකට අලුත් අයටත් දැනගන්න ලෙහෙසි වෙන්නත් එක්ක මම හිතුවා සරල ලිපියක් දාන්න , වැඩි වැල්වටාරන් නැතුව virus , trojans ටෙස්ට් කරන්න ඉස්සෙල්ලා තමන්ගේ මැසිම කොහොමද හදාගන්නේ කියලා . මුලිකවම මේකට අමුතු සුදානමක් ඕනේ නැ , මම මේ වගේ වැඩ වලට භාවිතා කරන tools කිහිපයක් පිලිබඳ පොඩි දැනුවත් කිරිමක් තමා මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ .

1 මුලිකවම වැඩිදෙනෙක් භාවිතා කරන tool එකක් තමා virtual pc එකක් කියලා කියන්නේ . මේකෙන් මුලිකවම කරන්නේ තමගේ පරිගනකය තුල කුමක් හෝ vitual pc support කරන මෘදුකාංගයක් හරහා virtual පරිගනකයක් තමන්ගේ පරිගනකයේ ධාවනය කිරිමයි . සරලව මෙහි ක්‍රියාකාරිත්වය ගැන කතාකරද්දි අපි virtual පරිගනකය තුල සිදු කරනු ලබන සියලුම ක්‍රියාකාරකම් virtual පරිගනකය තුල පමණක් සිදුවන අතර , මෙලෙස සිදු කරනු ලබන ක්‍රියාකරකම් වලින් සිදුවන සියලුම හානිකර බලපෑම් virtual පරිගනකයට පමනක් සිදුවේ . ඕනෑම vitual pc support කරන මෘදුකාංගයක guest os සහ host os ලෙස පිලිවෙලින් virtual පරිගනකයේ OS සහ තම ඇත්ත පරිගනකයේ OS එකට කියනු ලෑබේ . බොහෝ වෙලාවට viryual pc මෘදුකංග භාවිතා කරන්නේ එකම OS එක තුල OS කිහිපයක් (Multiple OS) ධාවනය කිරිම සඳහාය . මෙම සේවාව සපයන බොහෝ මෘදුකාංග වෙලදපොලේ තිබුනත් නොමිලේ , වැඩි ආරක්ශාවක් සහිතව වැඩේ කරගත හැකි මෘදුකාxගයක් ලෙස "Virtual box" හැඳින්විය හැක . මෙම මෘදුකාංගය ඔයාලට http://www.virtualbox.org/ හරහා භාගත කරගත හැක . මම විඩියෝ කට්ටක් කලා කොහොමද තමගේ පරිගනකයට virtual pc එක දාගෙන වැඩක් අල කරගන්නේ නැතුව කරගන්නේ කියලා garupale. මුලිකවම මේ විඩියෝ එකෙන් virtual pc එකේ Installation , Configuration , File Sharing & Networking යන කිහිපය ආවරනය වෙන්න තමා හදලා තියන්නේ .

Video Part 1



Video Part 2



2. ඊළඟ කිරිටොයියා තමා " Deep freeze " . මේක ඔයාලට http://www.faronics.com/en/DownloadEvaluationEditions.aspx භාගත කරගන්න පුලුවන් . Deep freeze මුලිකවම කරනු ලබන්නේ මුළු hard disk එකම freeze කරන අතර , එම වේලාවේදි අප සිදු කරනු ලබන සියලුම වෙනස්කම් virtual ලෙස පරිගනකට සිදු කරනු ලබන අතර පරිගනකය restart කිරිමෙන් පසු පරිගහනකයේ ඉහත කල සියලුම වෙනස්කම් සම්පුර්ණ්යෙන්ම නැතිවි නැවත යථාතත්වයට පත්වේ . hah

Deep freeze භාවිතා කිරිමේදි අප සැලකිළිමත් විය යුතු කරුණු කිහිපයක් පවතී . පළමු කරුණ නම් අපිට deep freeze control panel එකට යාමට අව්ශය නම් කලයුත්තේ system tray එකේ deep freeze icon එක ලඟට ගොස් "Shift' එක ඔබාගෙන left click එක double click කිරිම හෝ "CTRL+Shift+Alt+F6" ඔබන්න . ඊළඟ කරුණ නම් අපට permanently පරිගනකයට යම්කිසි වෙනස් කමක් සිදු කිරිමට අවශය නම් පලමුව deep freeze , boot thawed තත්වයට පත්කොට පරිගනකය restart කර අවශය වෙනස්කම් කරන්න . අනික් කරුන නම් deep freeze uninstall කරන්න ඕනේ නම් මුලින්ම deep freeze , boot thawed තත්වයට පත්කොට පරිගනකය restart කරන්න , ඉන්පසු deep freeze setup එක ධාවනය කර uninstall කරන්න . පහත පිංතුරයත් පොඩ්ඩක් බලන්න , එහි තිබෙනව deep freeze වල එක එක status කොහොමද පෙන්වන්නේ කියලා . ඊලග පහත් විඩියෝ කට්ටත් බලන්නකෝ කොහොම්ද deep freeze install කරගෙන අදාල වැඩකගන්නේ කියලා .







ආ කියන්න අමතක වුණා Deep freeze වුනත් හරියටම භාවිතා නොකලොත් හ්Aක් කරන්න පුලුවන් . http://www.youtube.com/watch?v=lX4LhBbSa-U ඔය විඩියෝ කට්ටත් බලන්නකෝ !! , blacktrack එකේ tools කිහිපයක් යොදාගෙන ගේම දෙන හැටි !! garupale

3. ඊලඟ එක තමා " Sandboxie " . ඔයාලට මේක http://www.sandboxie.com/ භාගත කරගන්න පුලුවන් . sandboxie එකෙන් මුලිකවම කරන්නේ තමගේ පරිගනකය තුළ virtual memory එකක් සාදා , අප Sandboxie හරහා සිදුකරනු ලබන සියලුම ක්‍රියාකාරකම් මෙම virtual memory එක තුළ සිදුවන අතර, මෙමඟින් අප Sandboxie තුල ධාවනය කරනු ලබන මෘදුකාංග , භාගත කරනු ලබන ගොනු ඈතුළු කරනු ලබන් සියලුම ක්‍රියාකාරකම් අපට නිරික්ෂණය කර එහි හැසිරිමේ රටාවන් (Diagnostic results) හඳුනාගැනිමට වැනි කටයුතු සිදු කල හැකිය . මෙහි අනෙක් වාසිය නම් අප virtual memory එක කරනු ලබන සියලුම ක්‍රියාකාරකම් කරන නිසා පරිගනකයට කිසිදු හානියක් නොවිමත් , අප Sandboxie තුල සිදුකල සියලුම ක්‍රියාකාරකම් අපට අව්ශය නම් එවෙලෙහිම delete කිරිමට ඇති හැකියාවත්ය . garupale


ඔන්න මම sandboxie ගැන තියන හොඳ වීඩියෝ කටු 3 කුත් මෙතැන දාන්නම්කෝ , හැබැයි මේ 3 ත මම මෙතැන embed කරන්නේ නෑ , මොකද සයිට් එකේ page එක ලෝඩ් වෙන්න අලි වෙලාවක් යයි මේ 3 න දැම්මොත් මෙතැන දැම්මොත් . garupale

Video Part 1 : http://www.youtube.com/watch?v=GueXMq-Vyi8
Video Part 2 : http://www.youtube.com/watch?v=2IbwhE-r8_k
Video Part 3 : http://www.youtube.com/watch?v=4XBbC81bZx4

4 . අන්තිමට කියන්න තියන්නේ ඉතින් proxy භාවිතය සහ තමන්ගේ පරිගනකයේ mac address එක වෙනස් කරන හැටි තමා ඉතින් . Proxy ගැන කතාකරන්න මම browser එක විදිහට Firefox ගන්නම්කෝ . අනේ අපොයි මම කියන්න යන්නේ නෑ proxy එකක් කියන්නේ මොකක්ද , අරකද මේකද කියලා . සරලව කියන්නම් කොහොම්ද proxy එක හදාගෙන භාවිතාකරන්නේ කියලා . Firefox වලනම් ඔයාට tools -> options -> Advanced -> Network වල Settings කියන button එක click කරලා proxy settings ගන්න පුලුවන්.

ඕකේදි ඔයාලට Manual proxy Configuration Option එක පාවිච්චි කරලා proxy server එකක Ip address එක හා අදාල port එක අරගෙන proxy service එක භාවිතා කරන්න පුලුවන්. proxy servers වල Ip addresses සහ අදාල ports list කරලා පවත්වාගෙන යන වෙබ් අඩවි ඕනේ තරම් තියනවා , ඒවායින්

http://www.hidemyass.com/proxy-list/
http://nntime.com/proxy-ip-01.htm

හොඳ කොලෙක්ශන් එකක් තියන වෙබ් අඩවි ලෙස ගත හැක . තව වෙබ් අඩවි තියනවා proxy service එක සපයන වෙබ් අඩවි වල කොලෙක්සන් තියාගෙන ඉන්න වෙබ් අඩවි . ගුගල් දෙයියන්ගෙන් ඇහුවොත් දෙයි නාන්නම . එවැනි ගුණාත්මක වෙබ් අඩවි පිලිබද හොඳ කොලෙක්ශන් එකක් තියන වෙබ් අඩවියක් ලෙස http://www.proxy4free.com/list/webproxy1.html ගන්න පුලුවන් . ආ අනික තමා ඔයාලට ඔය proxy configuration ස්වයංක්‍රියවම සදාගෙන service එක ලබාදෙන වෙබ් අඩවිත් තියනවා . එම වෙබ් අඩවි වල අදාල service එක ලබාදෙන URL එක Automatic Proxy Configuration URL එකට දී අදාල වැඩේ කරගත හැක. උදාහරනයක් ලෙස http://tools.rosinstrument.com/cgi-bin/proxy.pac URL එක දිලා බලන්නකෝ !!
තව ඔයාලට වැඩි වැඩ කෑලි ඕනේම නම් (ඔය විනාඩි කියෙන් කීයට හරි proxy එක මාරු වෙන්න ඕනේ වගේ වැඩ කරගන්න ඕනේම නම්) Froxy proxy ( http://foxyproxy.mozdev.org/downloads.html ) වගේ addon එකක් වුනත් වගේ දාගෙන ගේම දෙන්න පුලුවන්. soal

ඔයාලට ඕනේම නම් proxy script එකක් භාගත කරගෙන එය වෙනම free hosting සපයන වෙබ් අඩවියකට දාගෙන proxy service එකක් run කරන්නත් පුලුවන් . ඔය පහත විඩියෝ කට්ටත් බලන්නකෝ එතකොට තේරේවී . proxy script ලෙස glype proxy (http://www.glype.com/) . PHP proxy (http://www.glype.com/) , phpMyProxy (http://www.phpmyproxy.com/) , CGI proxy (http://www.jmarshall.com/tools/cgiproxy/) , zelune Proxy (http://www.brothersoft.com/zelune-proxy-script-59008.html) ගතහැක . Free web hosting services "http://www.free-webhosts.com/webhosting-01.php" සොයාගත හැක.



මෙම් විඩියෝ සදහා භාවිතා කල වෙබ් අඩවි :
http://sourceforge.net/projects/poxy
http://www.000webhost.com/
http://www.python.org/download/releases/2.6.4/#download
http://code.google.com/appengine/downloads.html#Google_App_Engine_SDK_for_Python
http://www.tinkernut.com/downloads/tinkernut_proxy.zip
https://appengine.google.com/ වේ .

ආ තව පොඩ්ඩෙන් කියන්න අම්තක වෙනවා , ඔයාලට ඔය proxy service එක ලබාදෙන මෘදුකාංගත් තියන්වානේ , "Hide my IP " වගේ . ඒක ඔයාලට http://www.hide-my-ip.com/download.shtml භාගත කරගන්න පුලුවන් .



අනේ මට මේක ලියන්න ගිය කම්මැලිකම garupale !!! ඕං ඉත්න් අපට අවසාන වශයෙන් පරිගනකයේ mac address එක වෙනස් කිරිම්ට ජංජාලයේ ඕනේ තරම් tools තියනවා . එකක් කියනවා නම් http://www.technitium.com/tmac/index.html ගිහිල්ලා බාගෙනම දාලා බලන්නකෝ !! garupale





*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!! garupale

11 comments:

  1. Aravinda Prasanna said...
  2. This comment has been removed by the author.
  3. Aravinda Prasanna said...
  4. මචෝ උඹ නම් දෙයියෙක් මම හොය හොය හිටියේ MAC Address එක වෙනස් කරන හැටි මොකද මගේ තියෙන්නේ HSDPA එකක් ඒකේ IP එක හැමෝටම එකයි ඒක හින්දා RS,HS බාන්න බෑ :( මේකෙන් හරියයි නේද?


    වැඩේට බොහොම ස්තූතී...
    :)

  5. C0de BlUe said...
  6. @ පොඩි මෑන් : file sharing සයිට් වලට ගන්නේ mac address එක නෙවෙයි , තමගේගේ IP එකයි , තව ඒ server එකෙන් cookie එකක් එවනවා ඔයාගේ browser එකට ඔයාගේ පරිගනකය අඳුනගන්න . ඔයාට කරන්න තියන්නේ එක්කෝ RS premium link generator site එකකින් ඕක බාන එක හරි ,නැතිනම් proxy එකක් බාවිතා කරන්න පුලුවන් , නැතිනම් හොඳම වැඩේ තමා rapidleech site එකක් හරහා ඕක බාන එක !!!
    උදා : http://www.sparkyfire.co.cc or http://rlindex.net/
    මෙන්න මේ video එකත් බලන්නකෝ : http://www.youtube.com/watch?v=usVa_IFmQXM

    මචං මට උබගෙන් පොඩි උදව්වක් ඕනේ , මට bernad ගේ තව චිත්‍රපට කොලෙක්ශන් එක හොයලදෙන්න පුලුවන්ද?? අර http://alldl4you.blogspot.com/2010/04/backkom-bernard.html වගේ :P

  7. දුකා said...
  8. මට ඉතිං මෙව්ව ගැන වැඩි දැනීමක් නැති නිසා හෙමීට පරිස්සමින් කියවන්න වෙයි මේ ලිපිය . ..

  9. ඉලංදාරියා said...
  10. දැන්වත් අල නොවී වැඩේ කරගන්න පුලුවන් නෙද?...

    ::::ස්තුතිය සහෝ::::

  11. C0de BlUe said...
  12. @ දුකා : එහෙනම් හෙමිට කියවලා , දාලා බලන්නකෝ !!

    @ ඉලංදාරියා : අනිවා මචෝ දැන්නම් අල නොවී වැඩකරගන්න පුලුවන් වෙයි !!! :)

  13. ගීත් (සහෘදයා) said...
  14. usb suport karana vpc ekak nedda hoyaganna?

  15. C0de BlUe said...
  16. @ ගීත් (සහෘදයා) : "Virtual Box" USB support කරනවනේ !! :)

  17. Danuka Prashan said...
  18. ඔය තියෙන්නෙ එල තීම් එකක්...Maxaaaa....

  19. C0de BlUe said...
  20. ටෙස්ට්න් කොමෙන්ට්

  21. C0de BlUe said...
  22. @ දනුක ප්‍රශාන් : මෙනි තැන්ක්ස් මචං !!!

Post a Comment

write your comments here!

Related Posts with Thumbnails