
කොහොමද ඉතින් ??? මම නම් අවුලක් නෑ , අද මම කියන්න යන්නේ ට්කක් විතර ඔයාලගේ වෙබ් අඩවියට කික් එකක් එන වැදගත් කරුණක් ගැන . මම අද ජංජාලයේ රවුම් ගහා ගහා ඉද්දි මට භාණ්ඩය හම්බවුණේ මරු තැනක් තිබිලා . ලංකාවේ එවුන් නම් මාර හොරු කියන්නේ , භාණ්ඩයක් තිබ්බොත් ආයි ඕක පට්ට ගහලාම තමයි නවතින්නේ , අන්තර්ජාලය කියලා වෙනස් නෑ !!!


www.pixlr.com


මුලින්ම මම pixlr.com ගැන පොඩි හැන්දින්වීමක් කරන්න්නම්කෝ .pixlr.com ගැන සරලව කියනවා නම් මෙම වෙබ් අඩවියෙන් කරනු ලබන්නේ සරලව කාට කාටත් තමන්ගේ පිංතුර ඉතා ඉක්මනින් සරල මෙවලම් කීහිපයක් භාවිතයෙන් edit කරගැනිම සඳහා නොමිලේ සේවාවක් සැපයිමයි . සරලව ගත් කල මෙහි online tools 2 ක් තිබෙන අතර , Pixlr Editor (http://www.pixlr.com/editor/) සහ Pixlr Express (http://www.pixlr.com/grabber/) ඒවා වේ . ඉතා අනර්ඝ අතුරු මුහුණතක් සමඟ පැමිණෙන මෙය කාගෙත් ආකර්ෂණය දිනාගැනීමට සමත් වෙයි . පහසුවෙන් හෑසිරිවිය හෑකි සරල මෙවලම් කිහිපයකින් අන්තරගත මෙය ඇත්තෙන්න්ම ඉතා අගනේය.


ඔයාලත් මේක ඔයාලගේ වෙබ් අඩවියේ දානවා නම් මුලින්ම http://www.pixlr.com/wiki/developer යන්න , ඔතැන තියනවා අපිට ඕනේ කරන API key එකේ විස්තර . ඔයා තමගේ වෙබ් devloping වැඩ වලට ඕක යොදාගන්න ඕනේම නම් ඔයාට http://www.pixlr.com/wiki/developer/api/parameters ගිහිල්ලා ඔයාගේ applicatin එකට මෙම සේවාවත් එක්ක interact කරන්න අවශය parameters ටික හොයගන්න පුලුවන් , සරලව තමන්ගේ වෙබ් අඩවියේ මෙම සේවාව් ලබාදිමට අවශය නම් http://www.pixlr.com/wiki/developer/api/examples ගිහිල්ලා ඒ ටික කරගන්න පුලුවන් . මෙයාලා පාවිචිචි කරන javascript library එක demo එකක් එක්කම http://www.pixlr.com/wiki/developer/api/js-lib ගිහිල්ලා ගන්න පුලුවන් . මම මේක යොදාගෙන demo එකක් හැදුවා . ඒකත් එක්කම මම අවශය කේතයන් පහතින් දාලා තියනවා , ඔයාට ඔනේ ටික අරගෙන ඔයත් හදාගන්නකෝ !!
මුලින්ම මම කියන්න ඕනේ මම මුල්ම පිංතුර 2 කට click කරලා popup වෙනකොට ලස්සනට load වෙන්න greybox එක පාවීච්චි කලා . සම්පුර්ණ demo වෙබ් අඩවියේ කේතය සහ අවශය files ටික පහත තියනවා , බාගෙනම් බලන්නකෝ(*greybox එක ඕකට වෙනම සම්බන්ධ වෙන්නේ!!!).
Download කේතය සහ අවශය files ටික : http://www.mediafire.com/?tjg2m14ymqi
දැන් මම සරලව කියන්නම් කොහොම්ද කියලා මේ එක පිංතුරයක් හා තමන්ගේ පරිගනකයේ තියන file එකක් upload කර මෙම සේවාව ලබාගන්නේ කේසේද කියලා .
1 . පිංතුරයක් මෙම සේවාව හරහා edit කරගැනීම
Demo :

කේතය :
<a href="http://www.pixlr.com/editor/?image=[your image URL (path) , eg:http://img24.imageshack.us/img24/5958/1148p.jpg]" target="_blank" >
2. තමන්ගේ පරිගනකයේ තියන file එකක් upload කර මෙම සේවාව ලබා ගැනිම .
කේතය :
<form action="http://www.pixlr.com/editor/" target="_blank" method="post" enctype="multipart/form-data">Select image
The prefer title
The localization
</form>
තව මෙහිදී මතක තබාගත යුතු කරුණක් වනුයේ one line text box වල input name වෙනස් නොකර එලෙසම තියන්න , මන්දයත් API මඟින් මෙම සේවාවට් call කරන විට , එයට අදාල input names නිසි ලෙස නොමැති විට අදාල request එක මෙම සේවාව සපයන server එක මඟින් පිලිනොගැනිම නිසා අපට අවශය ලෙස වැඩේ කරගැනිමට නොහෑකි වන නිසාය .

*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!

5 comments:
ෂා නියමයිනෙ.... මේක නම් මරේ මරු
sira sira,,,elaz
@ Hasitha ජයසූරිය , පසන් තරිඳු :
ස්තුතියි මචන් ප්‍රතිචාර වලට !!!
ප්‍රයෝජනවත් පෝස්ට් එකක් මචන්...තැන්කූ කිව්වා.. :)
@ ♠GaŋGster♠™ : බොහෝම ස්තුත්යි මචන් ප්‍රතිචාරයට !!!!
Post a Comment
write your comments here!