



1. 3D RAD - Free 3D Game Maker (මගේ ලව් එක ....)
මේක ගැන කියනවා නම් පට්ටම ටුල් එකක් තම්යි මේක . තනිකරම අපිට ගේම් එකක් කියලා හදාගන්න ඕනේ කරන models මෙහි දී තිබෙන අතර අපට අවශය ලෙස දි ඇති models යොදාගෙන ඉතාඉක්මනින්ම ගේම් එකක් නිමා කල හැක. මෙහි ටුල්ස් 2 ක් තිබේ. එනම් අප ගේම් එක හදන පරිසරය ඇතුලත් editor එක හා editor කෙන් හදාගත් කොටස compile කොට exe බවට පත්කරන compiler එකය . editor එකෙහි භාවිතය ඉතා සරල වන අතර ඕනැම අයෙකුට ඉතා ඉක්මනින්ම ඉගෙනගත හැක.

පහත විඩියෝ එක බලන්නකෝ , එතකොට ඔයාලට තේරෙයි . tool එක ගැන නම් තියන intro විඩියෝ එකක් හොයාගන්න අමාරු උනා , ඒ නිසා පොඩි model එකක් හදලා රන් කරන විඩියෝ කට්ටක් දැම්මා
ඔයාට මේ කිරිටොයියාව "http://www.3drad.com" වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන් .
2. Platinum Arts Sandbox - Free 3D Video Game Maker
මේක ගැන කියනවා නම් මේකත් මරු ටොයියා . මෙයාගෙත් කාටත් පාවිච්චි කිරිමට පහසු අතුරුමුහුනතක් තිබෙන අතර මෙමඟින් ඉතා ලෙහෙසියෙන්ම ගේම් එකක් නිර්මාණ්යා කරගත හැක. මම මේකට නම් අතගහලා වැඩේ දවස්ක් නෑ , දවස් 2 ක්විතර ඇති . නමුත් මෙයින් නිපදව්න models ඉතා අලංකාර වන අතර එම models වලට සීමාසහිතව වෙනස්කම් කලහැක. වෙනස්කම් කිරිම සීමාසහිත වුවත් garaphic වලින් වැඩි සාමානය ගේමක් නිර්මණ්ය කරගැනිමට මෙමඟින් හැකියාවක් ඇත .

මෙය භාගත කරගැනිමට " http://sandboxgamemaker.com/ " වෙත යන්න .
3.Gamemaker by YoYo Games
මේක තමයි මම මුලින්ම flash වලින් පස්සේ game හදන්න බැස්ස ටුල් එක , මෙය අනෙක් ටුල්ස් එක්ක සැසඳු විට මෙහි අප සදාගන්නා models අපට අවශය ලෙස වැඩි වෙනසිකමක් කිරිමේ හැකියාව ඇති අතර , අනෙක් ටුල්ස් මෙන් මෙහි අතුරු මුහුණත නවකයෙකුට අල්ලාගැනිමට මඳක් අපහසු වනු ඇත (මීට ටිකක් පුහුණුව අවශය , නමුත් මෙහි ඇති අතුරු මුහුණත මඟින් අපට අවශය වැඩේ ඉක්මනින්ම කරගැනිමෙ හැකියාව ලබාදි තිබේ). මෙහි free version එක මඟින් 2D ගේම්ස් නිර්මාන්ය කරගත හැකි අතර මෙයින් 3D ගේම්ස් නිර්මාණය කරගැනිමට මෙහි pro version එකට යා යුතුවේ . 3D ගේම්ස් නිර්මාණය යනවිට මෙහි buit-in කේතන භාෂාවක් තිබෙන අතර , එය Game Maker Language (GML) වේ . මෙය C++ , java වැනි object oriented programming language වලින් සැදුම්ලත් එකක් වන නිසා මෙම භාෂාව බොහෝදුරට C++ , java වලට සමාන වේ .

GameMaker භාගත කරගැනිමට " http://www.yoyogames.com/ " වෙත යන්න .
4. Reality Factory - Games Without Programming
මේකත මරු කිරිටොයියා . ගොඩක් යොදාගන්නේ first person shooter ගේම්ස් හදන්න තමා. තනිකරම models හැදීමට පහසුකම් සලස ඇති අතර ගේම් එක නිර්මාණය සඳහා වැඩි පහසුකම්ද සලසා තිබේ . model එකක් සදා ගැනිමෙදි එම model එක අපට අවශය ලෙස සකස් කිරිමට උඩින් , පැත්තෙන් ,කෙලින් යන පැති වලින් එකවරම බැලිමට ඇති හැකියාව මෙහි ඇති සුවිශේෂත්වයකි .

ආ කියන්න අමතක වුනානේ මම මෙහි නවතම සංස්කරණය භාගත කරගත්තත් එහි ඇති දෝශයන් හේතුකොටගෙන මෙහි සමහර tools ධාවනය කිරිමෙදි යම යම් errors මතුවුණා , මම මේකේ update එකත් දාල බැලුවා , අවුල් ගොඩයි . ඒක නිසා මෙහි නවතම සංස්කරණයට භාගත කරගත් පසු අපහසුතා පැමිනියහොත් නවතම සංස්කරණයට පෙර සංස්කරණය භාගත කරගෙන භාවිතයට ගන්න .
ඔයාලට මෙය http://www.realityfactory.info/cms/downloads/category/1-main-installer.html මඟින් භාගත කරගත හැක . පරන සංස්කරණය http://www.stormthecastle.com/video-game-design/reality-factory/reality-factory-download.htm හාගත කරගත හැක .
ඉහත විඩියෝ 3 සඳහා අවශය සියලුම තොරතුරු http://www.tinkernut.com/forum/video-tutorial-help/how-to-make-a-free-first-person-shooter-part-1 මඟින් ලබාගත හැක . 

5. The Game Creators

මෙහි ඇති ටුල්ස් භාගැනිමට http://www.thegamecreators.com වෙත යන්න .
අපෝ දැන් මට ඇති වගේ (අනේ මට කම්මැලියි , මෙක තව කොටන්න බැරියෝ


*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!

15 comments:
ශහ්... නියම පෝස්ට් එකක්..
හම්බෝ ඇති යාන්තම් මේ පැත්තට මගේ දුප්පත් ජංජාලෙටත් එන්න ලැබුනා...
යකඩො !!! මේකට පැල්පත කිව්වොත් මට පව් සිද්ද වෙයිනේ...
මීට වඩා වෙන මොනවද හදන මන්දිර ???
බොහොම පිං මාවත් ගොඩවද්ද ගත්තාට ඔං..
අහක ඉන්න මාත් දැන් ක්‍රීඩාවක් හදන්නයි හිතන් ඉන්නෙ.
බොහොම ස්තුතියි අශාන් සහෝ....
මගෙනුත් සුබ පැතුම් එහෙනම් දිගටම පැල්පත දියුණු කොරන්ට හොදේ ...
නියමෙටම නියම පොස්ට් එකක් මාත් හදන්න බලන්නම් හදනකොට හැදුනොත් මම කියන්නම් කෝ.............
අයියේ උබ නම් දේවාලයක් බන්....මැක්සාම පොස්ට් එක
@ Ansh Lucky Sri Jay : බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට !!
@ නිපුන චාමින්ද : බොහෝම ස්තුතියි බටර් පාරට (විහිලුවක් කලේ හොඳේ :P), එල මචෝ උබත් හදහන් එල ගේම් ටිකක් !!, අනිවා ටිකක පැල්පත දියුනු කරනවා !! බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට මචෝ !!
@ ඉලංදාරියා :එල එල උබත් හදහන්කෝ ගේම්ස් !!!
@ Hasitha ජයසූරිය :බොහෝම ස්තුතියි මලයෝ ප්‍රතිචාරයට !!!
එළ මචෝ ලිපිය නම් කියලා වැඩක් නෑ. බලමු කස්සාත් මොකක් හරි ගේමක් හදන්න පුළුවන් වෙයිද කියලා.
@ කසුන් නදීහන : එල එල , ගේමක් හදලා අපිටත් කියහන්කෝ !!
ෂා පෂ්ටනෙ! හදමු හදමු ගේම්!
@ සසිත් නුවන්ත : ගේම් හදලා අපිටත් කියන්නකෝ ....
mare maru a..
@ suranga : ස්තුතියි ප්‍රතිචාරයට !!!
The Game Creators නම් පට්ට භාණ්ඩයක් පාටයි බාලා බලමු
Wade nam ELa Wage.....................
එලකිරි!!!!! අයියේ 3d movie හදන්නත් software එකක් නැද්ද????????
එල මචෝ.blog එක නම් මරු.දිගමට කරන් යන්න. මගෙන් සුභ පැතුම්!!!!!!
ඔන්න මං ගානේ තව හොඳ Game Engine 3ක්.
1)Leadwerks Engine (හොඳ Shader Effect තියෙනවා)
2)Unity
3)Truevision 3D Sdk (vb/c++/c# වලින් programming කරන්න දන්නවනම් විතරක් බාගන්න.)
Post a Comment
write your comments here!