ෆුල් ෆන් එක (ගේම් පිස්සන්ට) - Game Emulators , Game Cheats , Game Trainers, Cheat Engine

10
  • Jun 6, 2010
  • C0de BlUe
  • Labels: ,

  • Share/Bookmark හා හා කට්ට්ටිය කොහොමද ඉතින් , හුඟ කාලෙකට පස්සේ මම නම් මේ පෑත්තට ආවේ !!! . hacking ගැන පොස්ට් ලියන්න නම් ටිකක් විතර කම්මැලි , මොකද History Channel එකේ ගිය WWII Documentary එකක් බොක දාගෙන බලනවා .garupale හිමිට කරපු විඩියෝ කටු ටිකත් මම දාන්නම්කෝ !!!

    හප්පා කියන්න ගිය එකත් තව පොඩ්ඩෙන් අමතක වෙනවා , මට මේක කියන්න හිතුනේ මගේ යාලුවෙක් මුහුණ දුන්න ප්‍රශ්ණයක් හේතුකොටගෙන , අවුල තමා මගේ යාළුවා ගාව තියනවා හොඳ PS2 ගේම් පිස් ටිකක් , මිනිහගේ PS2 එක ලඟකදි කෑඩුණා , දැන් අඩනවා අර ගේම් පීස් ටික ගහන්න computer එකේ මොකහරි ජිල්මට් එකක් කරලා හඳලා දෙන්න කියලා , ඊටපස්සේ මම ඌට කිව්වා ඈයි බන් ජංජාලයේ ඕනේ තරම් "Game Emulators" තියන්නේ එකක් දාගෙන ගහපන්කෝ කියලා . මෙන්න මු කියපි ඈ බන් එහෙම එකක් තියනවාද කියලා මගෙන් අහපි , අනේ ඉතින් මට ...... hah (මු අනුන්ට කියන්නේ නම් ඌ ලෝකේ තියන ඔක්කෝම ගේම් කාපු එකා කියලා) . ඉතින් මට හිතුණා මේක ගැන නොදන්න අයව දෑනුවත් කරන්න කියලා පොඩි විස්තරයක් දාන්න .



    Game Emulator එකක් කියන්නේ Virtual ලෙස වෙනත් ගේම් කොන්සල් එකක රටාවන් හඳුනාගෙන එලෙස හෑසිරිය හෑකි මෘදුකාංග වලටයි . මුලිකවම මෙම Emulators බාවිතා කරන්නේ පරණ ගේම් ගහන්න , ගේම් හැක් වලට , පරණ OS වලට ගේම්ස් සෑදිමට , ගේම් වල හැසිරිම් රටා හදුනාගෑනිමට වැනි වෑඩවලටය .
    Game Emulators ගෑන කතාකරන විට කථාකළ යුතු අනෙක් කරුණ වන්නේ game emulators වලට අවශ්‍යය ROM emulators ගැනයි . මේවා ගැන කියනවා නම් ROM emulators බාවිතා කරන්නේ Game Emulator එකෙන් ගේම් කොන්සල් එකක රටාවන් හඳුනාගෙන එම ගේම් කොන්සල් එක ධාවනය කරන අතරතුර එම ගේම් කොන්සල් හා අදාල ගේම් එක අතර හැසිරිම් රටා emulate කිරිමට බාවිතා කරයි . සාමාන්යයෙන් ROM එකක් ගේම් එකෙන් ගේම් එකට වෙනස් වේ .

    හරි හරි වැඩි වැල්වටාරන් නැතුව මම කියන්නම්කෝ කොහොමද කියලා game emulators ගන්නේ කියලා ; මේක ජංජාලයේ හෙව්වොත් ඕනේ තරම් ප්‍රතිඵල තියනවා , ඒ වුනත් දැනට මම දෙන්නම්කෝ මේ එක එක ගේම් කොන්සොල් එකට තියන emulators වල හොඳ කොලෙක්ශන් එකක් තියන වෙබ් අඩවියක් ගෑන . ඒක තමා ,

    http://www.emulator-zone.com

    http://en.wikipedia.org/wiki/List_of_video_game_console_emulators



    ROM Emulators ගන්නවා නම් ,


    http://www.freeroms.com

    http://www.coolrom.com/roms


    Game Emulators එක අටවගෙන ගහන එක එච්චර අමාරු නම් නෑ , නමුත් මේකට ටිකක් අලුත් අයට ටිකක් විතර අමාරුවෙයි . කරන්න තියන්නේ නම් ඕනේ කරන ගේම් කොන්සෝල් එකට අදාල emulator එක අරගෙන අවශ්‍යය ROM එකත් අරගෙන ගේම් එකේ අදාල image file (.iso ,.mdf.......) එකෙන් ලෝඩ් කරලා ගේම දෙන එක විතරයි . ආ අනික තමා එකම ගේම් කොන්සෝල් එකට එන ගේම් වුනත් එකම emulator එකේ ධාවනය කළ නොහෑකි වෙන්න පුලුවන් (Compatibility issues නිසා) , එහෙම වුනොත් අදාල ගේම් කොන්සෝල් එකට තියන වෙනත් emulator එකක් දාලා බලන්න. මේක අටොගෙන පිස්සු කෙලින්න තේරෙන්නේ නැති අය පහත විඩියෝ කට්ට බලන්නකෝ!!! garupale




    අමතර අනං මනං :

    ආ අනික තමා මේ ගේම් ගහන් පිස්සොන්ට මම කියන්නේ ගේම් එකක හිරවෙන තැන් එහෙම තියනවා නම් , පහු කරන්න බෑරි අදියර එහෙම තියනවා නම් ඒවා පහු කරලා යන්න ඕනේ කරන cheats , walkthrough එහෙම හොයාගන්න ඕනොම නම් Game Cheat book එක අරගෙනම බලන්නකෝ . ගේම්ස් බර ගානක cheats , walkthrough තියනවා වගේම , එවැනි සේවා සපයන වෙබ් අඩවි වල විස්තරත් ඕකෙන් හොයාගන්න පුලුවන් .


    http://www.cheatbook.de/cheatbookdatabase2010.htm ඕකට ගිහිල්ලම බාගෙන බලන්නකෝ !!! garupale

    අනික තමා මේ game trainers කියන එක , ගොඩක් අය මේක ගෑන දන්නවා ඈති . game trainer කියන්නේ යම්කිසි ගේම් එකක , යම් කිසි ගුණාංගයකට ඈති ඉහලම අගය (අදාල memory address value එකේ ) ගෙන එම අගය , අදාල ගුණාංගයට අවශ්‍ය වේලාවේදි hotkey එකක් මඟින් වෙනස් කිරිමයි . සාමානයෙන් මෙය කුඩා file එකක් ලෙස පෑමිණෙන අතරම එය ප්‍රධාන ක්‍රිඩාව සමඟ ධාවනය කරයි . මේවා ගන්න ගේම් එකේ නම ගහලා , ඊටපස්සේ trainers කියලා ගහලා ගුගල් දෙයියාගෙන් ඈහුවා නම් දෙයි අයි නාන්නම !! ආ http://www.cheathappens.com/trainers.asp හොඳයි ගමෙ trainers ගන්න . අනික තමා ගොඩක් ඒවා virus වලින් පිරිලා , ඒක නිසා ටිකක් පරිස්සමින් !! garupale

    අවාසනයට කියන්න තියන්නනේ ඔය ගේම් වල address value හෑක් කරන්න බහුලව බාවිතා කරන Cheat Engine (http://www.cheatengine.org/)එකේ අලුත් version එකක් අවිල්ලා , දාගෙනම බලන්නකෝ . වැඩිපුර වැඩ කෑලි ගොඩක් එකතුවෙලා තියනවා , මම නම් දැනට දැක්කම හොදම upgrade එක තමා memory value scan එක පට්ට ස්පිඩ් වෙලා තියනවා .ආ අනික තමා මේකෙන් ඔය memory address හෑක් කරලා ගේම් trainers එහෙම හදාගන්නත් පුලුවන් (මෙකේ complier , debugger එකක් එහෙම තියවා හොඳේ ). මම ඉතින් ම්ගේ පළමු game trainer එක හෑදුවේ halo එකට . Crysis වලින් මට ගේම් ගෑහිල්ල එහෙමම එපා වුණා , මොකද එන හෑම අලුත් ගේමක්ම ගහන්න මෑසිමේ performence මදි . දැන්නම් මම ගේමක් කියලා ගහන්නේ Halo එක online විතරයි .



    *මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!! garupale

    10 comments:

    1. Anonymous said...
    2. ශා මරුනෙ අයියෙ මාත් ඇත්තටම දැන් තමයි මේ ගැන දැනගත්තෙ :)

    3. C0de BlUe said...
    4. @ හසිත ජයසූරිය : හී හී එල තවත් එක්කෙනෙක් අලුතෙන් දැනගත්තා , මම හිතුවේ ගොඩක් අය මේක ගැන දන්නවා කියලා , ස්තුතියි ප්‍රතිචාරයට !!! :D

    5. Danuka Prashan said...
    6. එල මම කිව්වනෙ උඹට මෙක ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ කියලා. මොනා උනත් මෙකෙ නම වෙනස් කරන්න එපා. :)

    7. C0de BlUe said...
    8. @ දනුක ප්‍රශාන් : හොඳයි ලොක්කා උඹ කියනවා නම් !!! ලොල්!!!

    9. පසන් Sid said...
    10. ඔව් මචO නමේ අවුලක් නෑ......

    11. C0de BlUe said...
    12. @ පසන් තරිඳු : හරි හරි , උඹලා කියන නිසාම මම නම වෙනස් නොකර ඉන්නම්කෝ !!

    13. ♠GaŋGster♠™ said...
    14. වැදගත් දෙයක්..තැන්කූ කිව්වා.. :)

    15. C0de BlUe said...
    16. @ ♠GaŋGster♠™ : එල මචන් !!! ස්තුතියි ප්‍රතිචාරයට !!! ;)

    17. GNS said...
    18. Cheat දාලා ගේම් ගහල වැඩක් නෑ බං..
      මං වැඩිය ගේම් පාවිච්චියක් නෑ.. හැබැයි ගැහුවොත් Cheat පාවිච්චි කරන්නෙත් නෑ..

    19. C0de BlUe said...
    20. @ ගයන්ත : හි හි සුදනෙක් වගේ , ඒක ඉතින් ඔයාගේ කැමත්ත තමයි !!! :P

    Post a Comment

    write your comments here!

    Related Posts with Thumbnails