ආතල් එක - තමන්ගේම කියලා 3D ගේම් එකක් , ගේමක් නැතුව සදා ගැනිම

15

Share/Bookmark හාආආආආආආ හුඟ කාලෙකට පස්සේ , හුඟකාලයක් ගිහිල්ලද අනේ මන්දා , මට අද ටිකක් කචල් වගේ............... . putuscinte අද මම කියන්න යන්නේ මම මේ දවස් වල හෝ ගාලා කරලා ඉවරකරපු වැඩේ ගැන . මගේ අතිජාත මිත්‍රයෙකුට මරු වැඩක් වුණානේ. මරු වැඩේ තමා අපේ A/L project බාරදෙන්න කියලා විභාගයට ලබන මාසෙට ඉස්සෙල්ලා , නමුත් මගේ යාලුවා project කරලා තියා ඒකට අතගහලාවත් නෑ . දැන් මු අඬ අඬ ආවා මගේ ගාවට අනේ මචං මොකක්හරි කරලා දිපංකො කියලා ඉක්මනට nangih . මා ගාවත් මුකුත් තිබ්බේ නැති නිසා (දන්න කියන අක්කලා /අයියලගේ projects හැමතැනම ගිහිල්ලා නොවෑ එක එකා ඉල්ලගෙන) මමත් දහ අතේ කල්පනා කරා මොනවද කරන්නේ කියලා , ටික වෙලාවකින් මම ඇහුවා මැසිමේන් ජිල්මාට් එකක් දාලාදෙන්නද කියලා . ඌත් හරි හරි කියලා දවස් 4 කින් කොහොමහරි වැඩේ කරලා දිපං කියලා ඌ ගියා . මමත් දැන් දහ අතේ කල්පනා කරා , මුට ගැලපෙන දවස් 4 කින් ඉක්මනට කරන්න පුලුවන් වැඩක් මොකක්ද කියලා (*මුට කෝඩින් ටිකක් විතර පුලුවන් ). මම බැලුවා කෝඩින් වලින් මොකක් හරි කරලා දාන්න .පස්සේ මුලු හාඩ් එකම පීරලා බැලුවා දවස් 4 කින් විතර ඉවර කරන්න පුලුවන් projects තියේද කියලා , මගේ කරුමෙද මන්දෙන්නේ නෑ මට එක මඟුලක්වත් හම්බවුනේ නෑ (කරලා තියන ඒවා එක්කෝ වැඩක් නෑ , එක්කෝ දවස් 4 කින් ඉවර කරන්න බෑරි එකක් , නැතිනම් කොහේහරි අම්බානක හිරවෙච්ච ඒවා තමා මා ගාව තිබුනේ) . මම හාඩ් එක පීරන කොට මම flash වලිනුයි , game maker එකෙනුයි බාගෙට හදලා ඉවරකරපු projects 3 -4 තිබ්බා , වැඩේත් project එකකට ගලපෙන නිසා මමත් දැම්මා බොක project එකක් විදිහට game එකක් හදන්න. වැඩේට අතගහන්න ඉස්සෙල්ලා ගියා youtube එකට බැලුවා game maker වගේ තියන tools මොනාද කියලා . අපේ ඊලඟට තමා මගේ දෙයීයව දැක්කේ . "3D RAD - Free 3D Game Maker" දැක්කේ ගත්තා ටුල් එක game එක හදාගෙන ගියා දඩබඩ කියලා .ගියේ දවස් 3 යි . ගේම් එක නම් පොඩි කාර් ගේම් එකක් . car models 5 යි , tracks 8 යි . පට්ට ලෙහෙසි වුනා හදන්න . අද තමා ඉවර කරලා අරුට දුන්නේ . ඉතින් හිතුණා මේ ගැනත් ලිපියක් ලියන්න . අද මම කියන්න යන්නේ අපිට තමන්ගේම කියලා 3D ගේම් එකක් ලෙහෙසියෙන්ම හදාගන්න පුලුවන් ටුල්ස් කිහිපයක් ගැන ............... hah

1. 3D RAD - Free 3D Game Maker (මගේ ලව් එක ....)

මේක ගැන කියනවා නම් පට්ටම ටුල් එකක් තම්යි මේක . තනිකරම අපිට ගේම් එකක් කියලා හදාගන්න ඕනේ කරන models මෙහි දී තිබෙන අතර අපට අවශය ලෙස දි ඇති models යොදාගෙන ඉතාඉක්මනින්ම ගේම් එකක් නිමා කල හැක. මෙහි ටුල්ස් 2 ක් තිබේ. එනම් අප ගේම් එක හදන පරිසරය ඇතුලත් editor එක හා editor කෙන් හදාගත් කොටස compile කොට exe බවට පත්කරන compiler එකය . editor එකෙහි භාවිතය ඉතා සරල වන අතර ඕනැම අයෙකුට ඉතා ඉක්මනින්ම ඉගෙනගත හැක. hah




පහත විඩියෝ එක බලන්නකෝ , එතකොට ඔයාලට තේරෙයි . tool එක ගැන නම් තියන intro විඩියෝ එකක් හොයාගන්න අමාරු උනා , ඒ නිසා පොඩි model එකක් හදලා රන් කරන විඩියෝ කට්ටක් දැම්මා





ඔයාට මේ කිරිටොයියාව "http://www.3drad.com" වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන් .

2. Platinum Arts Sandbox - Free 3D Video Game Maker



මේක ගැන කියනවා නම් මේකත් මරු ටොයියා . මෙයාගෙත් කාටත් පාවිච්චි කිරිමට පහසු අතුරුමුහුනතක් තිබෙන අතර මෙමඟින් ඉතා ලෙහෙසියෙන්ම ගේම් එකක් නිර්මාණ්යා කරගත හැක. මම මේකට නම් අතගහලා වැඩේ දවස්ක් නෑ , දවස් 2 ක්විතර ඇති . නමුත් මෙයින් නිපදව්න models ඉතා අලංකාර වන අතර එම models වලට සීමාසහිතව වෙනස්කම් කලහැක. වෙනස්කම් කිරිම සීමාසහිත වුවත් garaphic වලින් වැඩි සාමානය ගේමක් නිර්මණ්ය කරගැනිමට මෙමඟින් හැකියාවක් ඇත . garupale



මෙය භාගත කරගැනිමට " http://sandboxgamemaker.com/ " වෙත යන්න .

3.Gamemaker by YoYo Games


මේක තමයි මම මුලින්ම flash වලින් පස්සේ game හදන්න බැස්ස ටුල් එක , මෙය අනෙක් ටුල්ස් එක්ක සැසඳු විට මෙහි අප සදාගන්නා models අපට අවශය ලෙස වැඩි වෙනසිකමක් කිරිමේ හැකියාව ඇති අතර , අනෙක් ටුල්ස් මෙන් මෙහි අතුරු මුහුණත නවකයෙකුට අල්ලාගැනිමට මඳක් අපහසු වනු ඇත (මීට ටිකක් පුහුණුව අවශය , නමුත් මෙහි ඇති අතුරු මුහුණත මඟින් අපට අවශය වැඩේ ඉක්මනින්ම කරගැනිමෙ හැකියාව ලබාදි තිබේ). මෙහි free version එක මඟින් 2D ගේම්ස් නිර්මාන්ය කරගත හැකි අතර මෙයින් 3D ගේම්ස් නිර්මාණය කරගැනිමට මෙහි pro version එකට යා යුතුවේ . 3D ගේම්ස් නිර්මාණය යනවිට මෙහි buit-in කේතන භාෂාවක් තිබෙන අතර , එය Game Maker Language (GML) වේ . මෙය C++ , java වැනි object oriented programming language වලින් සැදුම්ලත් එකක් වන නිසා මෙම භාෂාව බොහෝදුරට C++ , java වලට සමාන වේ . garupale




GameMaker භාගත කරගැනිමට " http://www.yoyogames.com/ " වෙත යන්න .

4. Reality Factory - Games Without Programming


මේකත මරු කිරිටොයියා . ගොඩක් යොදාගන්නේ first person shooter ගේම්ස් හදන්න තමා. තනිකරම models හැදීමට පහසුකම් සලස ඇති අතර ගේම් එක නිර්මාණය සඳහා වැඩි පහසුකම්ද සලසා තිබේ . model එකක් සදා ගැනිමෙදි එම model එක අපට අවශය ලෙස සකස් කිරිමට උඩින් , පැත්තෙන් ,කෙලින් යන පැති වලින් එකවරම බැලිමට ඇති හැකියාව මෙහි ඇති සුවිශේෂත්වයකි . garupale

ආ කියන්න අමතක වුනානේ මම මෙහි නවතම සංස්කරණය භාගත කරගත්තත් එහි ඇති දෝශයන් හේතුකොටගෙන මෙහි සමහර tools ධාවනය කිරිමෙදි යම යම් errors මතුවුණා , මම මේකේ update එකත් දාල බැලුවා , අවුල් ගොඩයි . ඒක නිසා මෙහි නවතම සංස්කරණයට භාගත කරගත් පසු අපහසුතා පැමිනියහොත් නවතම සංස්කරණයට පෙර සංස්කරණය භාගත කරගෙන භාවිතයට ගන්න .

ඔයාලට මෙය http://www.realityfactory.info/cms/downloads/category/1-main-installer.html මඟින් භාගත කරගත හැක . පරන සංස්කරණය http://www.stormthecastle.com/video-game-design/reality-factory/reality-factory-download.htm හාගත කරගත හැක .









ඉහත විඩියෝ 3 සඳහා අවශය සියලුම තොරතුරු http://www.tinkernut.com/forum/video-tutorial-help/how-to-make-a-free-first-person-shooter-part-1 මඟින් ලබාගත හැක . hah


5. The Game Creators


මේකත් පට්ට භාණ්ඩය . මෙයාලගේ products 3 ක් තියනවා . පලමු එක තමා තොත්ත බබාලට ගේම් හදන්න 3D Game Maker , සාමාන‍ය ගේම් එක හදන්න Dark Basic භාවිතා කල හැක, තව්ද C, C++ , VB වලින් කෙතයන් කල හැකි අතර , කේතය කීරිම් අකමැති අයට FPS Creator තිබේ . ටිකක් profesional විදිහට ගේමක් හදාගන්න ඕනේ නම් මෙහි ඇති ටුල්ස් සෙට් එක මරු ~~ . garupale






මෙහි ඇති ටුල්ස් භාගැනිමට http://www.thegamecreators.com වෙත යන්න .

අපෝ දැන් මට ඇති වගේ (අනේ මට කම්මැලියි , මෙක තව කොටන්න බැරියෝ nangih ), තව ඕනේ තරම් ටුල්ස් නෙට් එකේ තියනවා , මම දෑම්මේ මට අල්ලලා ගිය ට්කක් තමා . අන්තිමට ඔයත් game developer කෙනෙක් වෙන්න කැමති නම් පහත විඩියෝ එකත් බලලා කොමෙන්ට් එකක් පහලින් දාලම යන්නකෝ !!! garupale



*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!! garupale

15 comments:

  1. Jay said...
  2. ශහ්... නියම පෝස්ට් එකක්..

  3. Unknown said...
  4. හම්බෝ ඇති යාන්තම් මේ පැත්තට මගේ දුප්පත් ජංජාලෙටත් එන්න ලැබුනා...
    යකඩො !!! මේකට පැල්පත කිව්වොත් මට පව් සිද්ද වෙයිනේ...
    මීට වඩා වෙන මොනවද හදන මන්දිර ???
    බොහොම පිං මාවත් ගොඩවද්ද ගත්තාට ඔං..
    අහක ඉන්න මාත් දැන් ක්‍රීඩාවක් හදන්නයි හිතන් ඉන්නෙ.
    බොහොම ස්තුතියි අශාන් සහෝ....

    මගෙනුත් සුබ පැතුම් එහෙනම් දිගටම පැල්පත දියුණු කොරන්ට හොදේ ...

  5. ඉලංදාරියා said...
  6. නියමෙටම නියම පොස්ට් එකක් මාත් හදන්න බලන්නම් හදනකොට හැදුනොත් මම කියන්නම් කෝ.............

  7. Anonymous said...
  8. අයියේ උබ නම් දේවාලයක් බන්....මැක්සාම පොස්ට් එක

  9. C0de BlUe said...
  10. @ Ansh Lucky Sri Jay : බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට !!

    @ නිපුන චාමින්ද : බොහෝම ස්තුතියි බටර් පාරට (විහිලුවක් කලේ හොඳේ :P), එල මචෝ උබත් හදහන් එල ගේම් ටිකක් !!, අනිවා ටිකක පැල්පත දියුනු කරනවා !! බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට මචෝ !!

    @ ඉලංදාරියා :එල එල උබත් හදහන්කෝ ගේම්ස් !!!

    @ Hasitha ජයසූරිය :බොහෝම ස්තුතියි මලයෝ ප්‍රතිචාරයට !!!

  11. කසුන් නදීහන said...
  12. එළ මචෝ ලිපිය නම් කියලා වැඩක් නෑ. බලමු කස්සාත් මොකක් හරි ගේමක් හදන්න පුළුවන් වෙයිද කියලා.

  13. C0de BlUe said...
  14. @ කසුන් නදීහන : එල එල , ගේමක් හදලා අපිටත් කියහන්කෝ !!

  15. සසිත් නුවන්ත said...
  16. ෂා පෂ්ටනෙ! හදමු හදමු ගේම්!

  17. C0de BlUe said...
  18. @ සසිත් නුවන්ත : ගේම් හදලා අපිටත් කියන්නකෝ ....

  19. suranga said...
  20. mare maru a..

  21. C0de BlUe said...
  22. @ suranga : ස්තුතියි ප්‍රතිචාරයට !!!

  23. RuwanDj said...
  24. The Game Creators නම් පට්ට භාණ්ඩයක් පාටයි බාලා බලමු

  25. sohan fernando said...
  26. Wade nam ELa Wage.....................

  27. Pictures said...
  28. එලකිරි!!!!! අයියේ 3d movie හදන්නත් software එකක් නැද්ද????????

  29. Unknown said...
  30. එල මචෝ.blog එක නම් මරු.දිගමට කරන් යන්න. මගෙන් සුභ පැතුම්!!!!!!
    ඔන්න මං ගානේ තව හොඳ Game Engine 3ක්.
    1)Leadwerks Engine (හොඳ Shader Effect තියෙනවා)
    2)Unity
    3)Truevision 3D Sdk (vb/c++/c# වලින් programming කරන්න දන්නවනම් විතරක් බාගන්න.)

Post a Comment

write your comments here!

Related Posts with Thumbnails