
ලිපෙන් කබලට වැටිම : Jquery Picture Gallery Scripts වෙනුවට Jquery Picture Gallery Software එකෙන් ෂේප් විම .
හා හා කට්ටියට කොහොමද !! හුඟ කාලෙකට පස්සේ තමා මම නම් මෙහේ ආවේ , මොනා කරන්නද වැඩ වැඩ තියනකොට ; එක වෙලාවකට හිතෙනවා මේවා ඔක්කොම දමලා ගහලා ඉන්න

. මට අඬන්න වගේ එන්නේ

අප්පා ; 24 වෙනිදා බ්ලොග් මැරතන් එකට එන්න බැරි වුන එක ගැන මට මාර අප්සැට් අප්පා

. ඔයාලට කියන්න මම හිටියේ එදා අනිවා වතුර ගහනවා කියලා හිතාගෙන

, මොන වතුරද ???

ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා 6.00 ට විතර (වේලාසනම පැන්නා ක්ලාස් එකෙන්

) මැසිම ලඟ ඉඳගගෙන ගෙමට බහින්න වෙලා තියන හින්දා පොඩි script කට්ටක් සෙට් උනා ටෙස්ට් කොරන්න . ඕක ටෙස්ට් කරලා ටික වෙලාවකින් වැඩේ එපා උන නිසා

, දාගත්තා පොඩි බයිස්කොප් එකක් බලන්න .... ටික වෙලාවකින් ඕක බල බල ඉන්න කොට මට මාර නින්දක් ආවා !!

(මහන්සියටද කොහෙද ??)අයියෝ කියන්නේ අපේ ගෙදර හොල්මන (මයේ නංගි කාරයා) ඉල්ලුවා ඒ වෙලාවේ මැසිම පොඩ්ඩ්කට

, මමත් ඉතින් පොඩ්ඩක් දුන්නා ඕනේ මඟුලක් කරගන්න කියලා , මම ගියා ඇඳට පොඩි ඇලට් එකක් ගහන්න. එහෙම නින්දට වැටුනා කුම්භකරණයා වගේ

, පස්සේ උදේ මැසිම දාලා බැලින්නම් තමා නියම නාඩගම වෙලා තියන්නේ , නංගියා මගේ facebook එකයි blogger එකයි හොදටම කාලා

(මට මැසිම නංගිට දෙනකොට අමතක වුනා නොවැ ඕවා දෙකෙන් අයින්වෙන්න (logout)), පස්සේ එදා පැය 3 ක් තිස්සේ හොල්මන නටපු තොවිල් ටික සුද්ධ කරන්න උනානේ (මට යක්ෂ කේන්ති

. ඔයවෙලාවේ මෙයත් එක්ක අම්මා එතැන හිටිය නිසා බේරුණා !!). පස්සේ මම ඇහුවා මොන මගුලටද මගේ ඒවාට ගියේ කියලා , මෙන්න කියාපි මම ඒවා වලට ගියේ ඒවායේ කෑලි (options) ගැන දැනගන්න කියලා

(මොන මගුලටද මගේ ඒවාටම යන්නේ , එයාට ඕනෙම නම් වෙන account එකක් හදාගෙන කරන මඟුලක් කරන්න තිබ්බානේ). පස්සේ මමත් නිකන් ගේම අතහැරියේ නෑ , දුන්නා එයාගේ accounts ඔක්කොටම ගේම

(තාමත් දන්නේ නැද්ද කොහෙද !) !! ; ඕන් ඕක තමා එදා උන තොවිලය

, අප්පේ වල්පල් වල ගිය තරම

!!
හරි හරි කතා ඇති මාතෘකාවට එමුකෝ ..................................

!!!
මම අද කියන්න යන්නේ නම් පොඩ්ඩක් වෙබ් අඩවි නිර්මාණය සම්බන්ධ දෙයක් . අපි jquery - ajax (මෙය ප්‍රධාන වශයෙන්ම javascript සහ HTML වල එකතුවකි) තාක්ෂණය වෙබ් අඩවි නිර්මාණය කිරිමේදි තාත්වික බවක් එක්කර ගැනිමට යොදාගනු ලබනවා

. ලඟකදි මම වෙබ් අඩවියක් ජොලියට නිර්මාණය කිර්මෙදි මට මාර ප්‍රොබ්ලම් එකකට මුණදෙන්න උනානේ , අවුල තමා

; මා ගාව පිංතුර 200 ක් විතර තියනවා , ඉතින් මම මේ පිංතුර ටික පොඩි ගැලරි එකක් හදලා , ඒවා ටික (පොඩි jquery / ajax plugin :
LightBox ,
Sexy LightBox ,
GreyBox ,
SlimBox වගේ) යොදාගෙන පිංතුර ටික පට්ටටම ලොඩ් කරන්න කියලා හිතාගෙන කෝඩ් කෑල්ලක් ලිව්වා . පස්සේ ටික වෙලාවක් ගියාම මට පිංතුරයෙන් පිංතුරය embed කිරිල්ල එපා උනා

, ඊළඟට හිතුවා මම මේ ටික gallery script එකකට දාලා වැඩේ ඉවර කරනවා කියලා , නමුත් මට ඒක ඇල්ලුවේ නැති නිසා මම පොඩ්ඩක් ගුගල් දෙයියන්ගෙන් ඇහුවා පිංතුර ටික ලෝඩ් කරගෙන ස්වංක්‍රියවම ගැලරියක් හදාගන්න පුලුවන් මෘදුකාංග නැද්ද කියලා , ඒ පාර ගුගල් දෙයියෝ දුන්නේ නැතැහැ නාන්ඩම

. මටත් ඉතින් මාර කික් (ඇයි හොයපු එක කෙලින්ම ආවනේ

!!) , ඊළගට මම ගුගල් දෙයියෝ කියාපු මෘදුකාංග 10 -12 ක් විතර භාගෙන , හැම එකකින්ම පොඩි ටෙස්ටින් පාරක් ගානේ දාලා බැලුවා

. පස්සේ මට අල්ලලා ගිය කිරිටොයියෝ කිහිපදෙනෙක් ගැන තමා දැන් කියන්න යන්නේ !!!

.
1. Visual LightBox
අප්පා මේක ගැන කියනවා නම් මල් 7 යි , මට හම්බවුන මෘදුකාංග වලින් හොදම එක මේක තමා , Templates ටික නම් මල් 7 යි . පිංතුරය zoom කරලා ගන්න කොට දාන popup style ටිකත් මල් 7 යි . හැබැයි පුතෝ තියන එකම අවුල තමා free version එකේදි නම් මෙයින් හදන හැම ගැලරියකම පිංතුරයකටම "visuallightbox.com" කියලා watermark එකක් දැම්ම . ඔයාලත් දාලම බලන්නකෝ

!
* Demo එක බලන්න
මෙතෑන කොටන්න .* භාගත( Download) කරගැනිමට
මෙතැන කොටන්න .
2. Photo Web Album
මේක ගැන කියනවා නම් මේකේ තියන වාසිය තමා Template ගොඩක් තියන අතරම , තමන්ට කැමති template එකක් හදලා දාගන්නත් පුලුවන් . ඒ වගේම පිංතුර ටික ස්වංක්‍රියවම පිටුවලට කැඩිම , වෙනත් කේතයක් එක්කිරිම වැනි පහසුකම් රාශියක් මෙහි සපයා තිබෙනවා .

තව මෙයාලගේ වෙන වෙන සේවාවනුත් තියනවා , පිංතුර සැකසුම් පිලිබඳ (
Flash 3D galleries වගේ) . ගිහිල්ලම බලන්නකෝ >>.
* භාගත( Download) කරගැනිමට
මෙතැන කොටන්න .
3. JAlbum
මේකත් මරු භණ්ඩයක් තමා , දාගෙනම බලන්නකෝ !!!

* Demo එක බලන්න
මෙතෑන කොටන්න .* භාගත( Download) කරගැනිමට
මෙතැන කොටන්න .4. VSO photo on Web

මේක ගැන කියනවා නම් Template නම් ටිකක් අඩුයි , නමුත් අවුලක් නැතුව වැඩක් කරගන්න නම් පුලුවන් . ඒ වගේම පිංතුර ටික ස්වංක්‍රියවම පිටුවලට කැඩිම , වෙනත් කේතයක් එක්කිරිම වැනි පහසුකම් රාශියක් මෙහිත් සපයා තියෙනවා. දාලා බලලම ගුණ දොස් කියන්නකෝ !!!

* Demo එක බලන්න
මෙතෑන කොටන්න .* භාගත( Download) කරගැනිමට
මෙතැන කොටන්න .* මොකද හිතන්නේ මේ ටික ගැන , ඔය පහළින් ඉතින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!
2 comments:
අන්තිම එක නං එළ! :P
@ ශාකුන්තල : හ්ම්ම්.............. ඇයි මුල එක ඇල්ලුවේ නැද්ද ??? :P
Post a Comment
write your comments here!