
බ්ලොග් කියවිල්ලේ අලුත්ම පෙරළිය - බ්ලොග් කියවිම වෙනුවට වෙන එකෙකු ලවා එය කියවිම .
අද ටිකක් ගෙදරට වෙලා ඉන්න පොඩ්ඩක් කූල් එකේ ඉන්න නිසා හිතුනා පොස්ට් 3 - 4 විතර ලියන්න . කරපු හැකින් (හැකින් කියන්නත් බෑ , script kiddies වගේ

)විඩියෝ tutorials ටිකකුත් තියනවා දාන්න ..... මේ ටිකේ ජංජාලය බකල් ගැහුව නිසා මුකුත්ම අප්ලෝඩ් කරගන්නත් බැරිවුණා

. හරි හරි වැල් වටාරන් ඇති , මාතෘකාවට එමුකෝ ! මම අද කිය්න්න යන්නේ ජංජාලයේ තියන අපුරු සේවාවක් ගැන . "Text-to-Speech - (TTS)" , ගොඩක් දන්නවාත් ඇති මේක ගැන . අපෝ ඉතින් මම දැන් අද කියන්න යන්නේ "Text-to-Speech - (TTS)" ගැන වැල්වටාරන් නම් නෙවෙයි ඕං , ඕකෙන් බ්ලොග් ලියන අපිට වාසි වන සේවාවක් ගැන .

මේක ගැන කථාකරනවා නම් මේ සේවාවෙන් කරන්නේ අපි පොස්ට් එකක දාන වචන පෙළගස්වාගෙන ශබ්ද නඟා කියවිමයි (අපි පොඩි කාලේ පොත් කියවනවා වගේ......

) , සේවාව ලබාදෙන්නේ නම් අපේ පොස්ට් එක උඩින් හරි යටින් හරි පොඩි ප්ලේයර් කෑල්ලක් embed වෙලා තියනවා . ඉතින් කියවන එක්කෙනාට කරන්න තියන්නේ ඔය ප්ලේයර් එකේ play බොත්තම ඔබන්න , එතකොට පොස්ට් එකේ තියන ටික මොකෙක් හරි එකෙක් කියවගෙන යනවා , අපිට තියන්නේ ඕක අහගෙන ඉන්න එක විතරයි

.හරි හරි වැඩි වර්ණනා නැතිව මම කියලා දාන්නම්කෝ , ඔය සේවාව ලබාදෙන වෙබ් අඩවි කිහිපයක් ගැනම .


මේ අඩවිය ගැන කියනවා නම් ඉක්මණින්ම වචන ටික ඕඩියෝ එකක් බවට පත්කරන්න පුලුවන් . නමුත් free version එකට නම් දෙන්නේ microsoft වල ඉන්න sam ගේ කටහඬ වගේ ගොබ්බ කටහඬක්

(කටහඬ මොකක් වුනත් අවුලක් නෑනේ කියවන එක ඇහේනවා නම්

) . ප්ලේයර් එකත් අවුලක් නැතුව ගැලපෙන්න සාදා ඇති නිසා තිම් එකට අවුලකුත් නෑ , එහෙනම් ඔයලත් දාගෙනම බලන්නකෝ .........

.
* DEmo එකක් බලාගන්න මෙතෑන කොටන්න .
මේකත් මරු වෙබ් අඩවිය , හැබැයි පෙර අඩවියට වඩා මනා පැහිදිලි කටහඬක් මෙහි ඇතුලත් වෙනවා

, ඕඩියෝ rending වේගය තරමක් අවම වුවත් තත්පර කිහිපයක් ඇතුලදි අවශ්‍ය වැඩේ කරගත හැක . ඔයාලත් දාගෙනම ගුණ දොස් කියන්නකෝ ....... (
DEmo එකක් වෙබ් අඩවියේ මුලම තිබේ .)

* තව වෙබ් අඩවි කිහිපයක්ම මට හම්බවුණා . හම්බ වුණ ඒවා වලින් අල්ලලා ගිය වෙබ් අඩවි 3 ක් විතර තියනවා , මම පොඩ්ඩක් වෙබ් අඩවි ටික ටෙස්ටින් පාරක් දාලා බලනකොට එක එක අවුල් ආවා

(ඔක්කොම ඒවා වල මම signup වුනේ 10min mail හරහා , විනාඩි 10 ක් විතර බලලා confirmation mail එකක් ආපු නැති නිසා වැඩේ අත ඇරලා දෑම්මා

[දැන් මේක මම ලියන්නේ හෙනම හදිස්සියෙන්, මොකද මම මේ දැන් මට ආසම කරන බයිස්කෝප් 3 ක් හම්බවුණා බලන්න. අද ටිකක් වැඩි වැඩක් නැති නිසා අනිවා 3 ම බලන්න ඕනේ!!!]

) . ඕන දෙයක් කරගන්න කියලා මම කොකටත් අනෙක් වෙබ් අඩවි ටික දෙන්නම් කෝ !!! ඔයාලා දාලා ටෙස්ට් කරලා මටත් කියන්නකෝ !!!.........

.
* වෙබ් අඩවි ටික බලලම ඕවා ගැන ගුණ දොස් පහළ කොමෙන්ට් බොක්ස් එකේම දාන්නකෝ !!!
2 comments:
ela ela
ප්‍රතිචාරයට බොහෝම ස්තුතියි !! :D
Post a Comment
write your comments here!