අද නම් පොස්ට් එකක් කොටන්න තරම් , ඇඟට කික් එකක් නැහැ . තව ටිකකින් මේක කොටලා මම පොඩි ඇලට් එකක් දාන්න යනවා . වැඩිය මොකුත් නම් අද කියන්න යන්නේ නෑ , තමන්ගේ බ්ලොග් එකට තිම් එකක් හදාගන්න් ටුල් එකක් ගැනයි , තව ගිනිනරියගේ ඇඩොන් එකකුයි , බ්ලොගර් ටෙම්පේලේට් ටිකක් ගැන තමා කියන්න බලාපොරොත්තු වෙන්නේ , මොනා කරන්නද වල පල් තමා .
මුලින්ම බ්ලොගර් එකට ලෙහෙසියෙන්ම ටෙප්ලේට් එකක් සදාගැනිම .
ටික කාලෙක ඉඳලා ඔලුවට ගහලා තිබ්බා , මගේම බ්ලොගර් ටෙම්පෙලේට් ටිකක් හදන්න . මුලින්ම කලේ වෙන ටෙම්පෙලේට් ට්කක් අරගෙන ඒවා වල XML එකයි , CSS එකයි වෙනස් කරකර වැඩේ කලා . පස්සේ බැස්සා jquery දාගෙන පට්ට ඒවා හදන්න. වැඩේ අතරමඟ නතර උනා , ටෙම්පෙලේට් වලට ඔනේ කරන පිංතුර හදන්න ගියහම . මට ඔය කලාත්මක ඇහැක් නැ නොවැ , හදපු ඔක්කොම පිංතුර , ටෙම්පේලේට් එකත් එක්ක දැම්ම ගු පාටයි . එතැනින්ම ටෙම්පෙලේට් හැදිල්ල එපා උනා , වෙන වැඩ ගොඩ ගැහුණු නිසා . පස්සේ මේ ලඟකදි අපේ නිප්පාගේ බ්ලොගර් ටෙම්පෙලේට් එක හදන්න ගිහිල්ලා , මිනිහට හරියන ටෙම්පෙලේට් තෝර තෝර ඉඳලා යන්තම් template එකක් දාගන්න ගිහිල්ලා කැව අමු කට්ට නිසාත් (* අනේ මෙහෙම ලියනවට ඕං නිප්පට තරහා යයිද දන්නේනෑ අපේ නිප්පාට , මෙතැන වැඩේ වුනේ මේ smiles ටික දාගන්න එක . නමුත් ගොඩක් අපි try කරපු ටෙම්පෙලේට් වලට , මම අරගෙන තිබ්බ script එක වැඩ නෑ , ඉතින් ඔතැනදි කාපු කට්ට තමා . script එක මොනාහරි කරලා වෙනස් කරගෙන වැඩේ කරගන්න පුලුවන්, නමුත් ඇඟට කික් වෙලා යන template එකක් හොයාගන්න තමා ගු කට්ටක් කැවේ ....) මට හිතුණා ඔය බ්ලොගර් ටෙම්පෙලේට් එකක් ලෙහෙසියෙන්ම හදාගන්න පුලුවන් ටුල් එකක් ගැන හොයන්න .
ටික ටික ජංජාලයේ හොය හොය ඉන්නකොට මට හම්බවුනා මරු ටොයියෙක් . ඒක තමා "Artisteer". ඔයාලට මේක "http://www.artisteer.com" එකෙන් භාගතකරගන්න පුලුවන් . මේ කිරිටොයියගේ තියන පට්ටකම කියන්නේ අපිට බ්ලොගර් වලට විතරක් නෙවෙයි , Joomla , Wordpress , Drupal , DotnetNuke වගේ script වලටත් , ඒවගේම සාමානය තමන්ගේ අවශයතාවයන්ට සරිලන පරිදි සරල HTML වෙබ් අඩවි පහසුවෙන් නිර්මාණය කරගැනිමේ පහසුකමද සලසාදි තිබේ . MS Word 2007 වල වගේ user interface එකක් තියන්නේ . භාවිතය හරිම පහසුයි . තව මෙහි ඇති අඟනා පහසුමකමක් තමයි අහඹු ලෙස අපට ඒ අදාල script එකට ටෙම්පෙලේට් නිර්මාණය කරදිම . ඔයාලත් ඔය පලින් තියන විඩීයෝ කට්ට බලන්නකෝ , එතකොට තේරෙයි මේකේ රඟේ .
ආ කියන්න අමතක වුනානේ මේකේ තියන තමා වාසියක් තමා , අපි දැන් බ්ලොගර් ටෙම්පෙලේට් එකක් හදාගත්තට පස්සේ ඒක upload කරගන්න එපැයි පින්තුර ටික එහෙම . ඉතින් ඔය වැඩ ටිකත් අපිට මේකෙන්ම ගේමක් නැතුව කරගන්න පුලුවන් (* බ්ලොගර් ටෙම්පෙලේට් වල පින්තුර ටික Imageshack , Picasa , වෙන ඔයාගේ වෙබ් අඩවියකට FTP හරහා හරි දාගන්න පුලුවන්). ආ setup එක ගන්නකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න , මොකද මම වෙබ් අඩවියෙන් ගත්ත setup (v 2.4 for windows) එක install කරනකොට 73% ගිහිල්ලා "Out of memory" කියලා error එකක් ඇවිල්ලා නතර වෙනවා . ඒක නිසා පොඩ්ඩක් setup එක ගන්නකොට cnet.com එකෙන් search කරලා ගන්න (*http://download.cnet.com/Artisteer/3000-10247_4-10886734.html?tag=mncol).
* Firefox Addon එක - javascript Enable /Disable කිරිමට .
මට ඔය සමහර වෙලාවට තියන අවුලක් තමා වෙබ් අඩවි වල javascript දාලා , කරලා තියන එක එක මඟුල් . සමහර වෙලාවට යකා නඟිනවා මේවා දැක්කම . එපා කරපු එක තමා මොනාහරි පොඩි විස්තරයක් පොඩි කොපිකැට් කිරිල්ලක් දාන්න හදනකොට , ඒක කරන්න බැරිවෙන්න දාලා තියන rightclick disable කිරිල්ල . ඉතින් හැමවෙලාවෙම ගිනිනරියගේ tools > options > content > javascript enabled එකේ ටික් එක යවන්නයි , ආයේ ඒක දාන්නයි ගියහම මලලම පනිනවානේ . ඒක නිසා මේක ලේසියෙන්ම කරගන්න පුලුවන් ප්ලගින් එකක් හෙව්වා . පස්සේ හොයනකොට හම්බවුණා රෑම් එක කන්නේ නැති කිරිටොයියෙක් . එයාගේ නම නම් "Quick java" . පට්ට වැඩේ කියන්නේ මේකෙන්javascript විතරක් නෙවෙයි , Java , Flash , Sliverlight , Images Loading , CSS ගින්නක් නැතුව enable /disable කරන්න පුලුවන් .මේක පාවිචිචි කරන්නත් මාර ලෙහෙසි කියන්නේ , ඔයාට කරන්න තියන්නේ වෙබ් අඩවියකට ගියහම යට browser tray (status bar) එකේ පොඩි අකුරු වලින් පෙන්නලා තියන option කීලික් කරලා අදාල දේ Enable / Disable කරගන්න පුලුවන් . පහත පින්තුරය බලන්නකෝ එතකොට ඔයාලට තේරෙයි .
මේ ඇඩොන් එක තියන්නේ ගිනිනරියට පමණයි , ඔයාලට මේක https://addons.mozilla.org/en-US/firefox/addon/1237/ ගන්න පුලුවන් . ඔයත් දාගෙනම බලන්නකෝ !!
* බ්ලොග් අච්චු ......
1. Penciling
Demo : http://btemplates.com/2010/blogger-template-penciling/demo/
Download : http://btemplates.com/download/2316/
2. Accordian
Demo : http://btemplates.com/2010/blogger-template-accordion/demo/
Download : http://btemplates.com/download/2169/
3. Penciling
Demo : http://btemplates.com/2008/blogger-template-wordpress-admin/demo/
Download : http://btemplates.com/download/642/
3. Aku boonto
Demo : http://btemplates.com/2009/blogger-template-aku-boonto/demo/
Download :http://btemplates.com/download/939/
4. Blogtterfly
Demo : http://btemplates.com/2010/blogger-template-blogtterfly/demo/
Download :http://btemplates.com/download/1884/
5. Design Pile Green
Demo : http://btemplates.com/2010/blogger-template-design-pile-green/demo/
Download :http://btemplates.com/download/1813/
6. Grunge Theme
Demo :http://btemplates.com/2010/blogger-template-grunge-theme/demo/
Download :http://btemplates.com/download/1683/
7. Multimedia Blog
Demo :http://btemplates.com/2010/blogger-template-multimedia-blog/demo/
Download :http://btemplates.com/download/2298/
මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!
12 comments:
මාත් Artisteer Download පාරක් දැම්මා.එල ලිපියක් මචන්
වෙනදවගෙම හොද වැඩක්......
නියම ලිපියක්..මෙක බඥ වෙන්න හෙට තමා....
බලා ප්‍රතිතාර දාන්නම්කො.....
ජයවෙවා........
මරු කිරි ටොයියෙක්නෙ දීල තියෙන්නෙ....වෙනද වගේම මැක්සා පොස්ට් එක අයියෙ..පට්ට සිරා
අයියෙ මේක රජ මාලිගාවකටත් වැඩියෙ වටින බ්ලොග් එකක්...මැක්ස බොල
මරු වැඩක් මචන්...මාත් දවසක් ඔහොම බ්ලොග් තීම් හදන එකක් හොයන්න හිතුවා..ඒත් අමතක උනානේ..ගොඩාක් ස්තුතියි මචන්...මාත් ට්‍රයි එකක් දාලා බලන්න ඕන.. :)
@ Lasindu Nadishan Tharuka , ඉලංදාරියා : එල එල ම්චන් දගෙනම කියහන්කෝ ඕකේ ගුණ දොස් !! , ස්තුතියි මචන්ලා ප්‍රතිචාරයට !!!
Hasitha ජයසූරිය : අනේ අම්මේ මල්ලියෝ , බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට , තව එල කිරි පොස්ට් හිමිට දාන්නම්කෝ !!
**"අනේ මෙහෙම ලියනවට ඕං නිප්පට තරහා යයිද දන්නේනෑ"**
මචං, ඇස් දෙකටවත් දැකල නැති උඹ මට කරපු උදව් ඉහටත් උඩින් බං . මම කොහොමද උඹ වගේ යාලුවෙක් එක්ක තරහා වෙන්නෙ...
**වෙන වැඩ ගොඩ ගැහුණු නිසා**
ඔව් ඔව් ගෑණු ලමයි හින්දා ගොඩ යන වුනුත් ඉන්නවා තමා..
මේ කියන්නෙ අර මූණූ පොතේ යන ස්ටෙටස් එකක් ගැන නම් නෙමෙයි නේද??
**අයියෙ මේක රජ මාලිගාවකටත් වැඩියෙ වටින බ්ලොග් එකක්...මැක්ස බොල- by Hasitha ජයසූරිය**
උඹට මතකද මම මේ බ්ලොග් එක මුලින්ම දාපු කමෙන්ට් එක???
මේ ගැජට් සෙට් එකත් මරු.විස්තරෙත් නියමයි .බොහොම ස්තුතියි දැනුවත් කලාට.
තව දෙයක් අර **** පහලින් කමෙන්ට් කරන්න කිව්වාට ****ඒක පිටුව ලෝඩ් වෙනකොටම තියෙන්නෙ උඩ.එතන එන්න ඕනි උඩ තියෙන කමෙන්ට් බොත්ත්ම ඔබලා කමෙන්ට් වින්ඩෝව ඇරලා..... ඕනි එකක් කොටන්න කියලා.මට වඩා හොදට උඹ දන්නවා නේ බං.ඒක මොනාහරි කරපන් .
අනික තමා මේ උඩට පනින බොත්තම.ඒගමන්ම පහලට පනින එකකුත් දැම්මනම් නියමෙට තියෙවි.
උඹට සදා ජය මගේ නො දුටු යාලුවා.විභාගෙට සුබ පැතුම් ...
නිප්පා..
ලග හිටියා නම් දෙකවා වොන්ඩර් බාර් එකක්.
එල එල.. එහෙන් මෙහෙන් බාගන්න අච්චු හිතට අල්ලන්නේ නෑ.. එකක් හදා ගත්තානම් ගොඩ.. වැදගත් ලිපියක්.. තැන්කූ වේවා අපි එක්ක බෙදා ගත්තාට.....
@ නිප්පා :
මේ කියන්නෙ අර මූණූ පොතේ යන ස්ටෙටස් එකක් ගැන නම් නෙමෙයි නේද?? අපෝ නෑ බන් !!
උඹට මතකද මම මේ බ්ලොග් එක මුලින්ම දාපු කමෙන්ට් එක???
අනිවා මචන් , ඒක කොහොමද අමතක වෙන්නේ , උබ කියපු එකත් එහෙනම් එලටම හරි ගියානේ .....
මේ ගැජට් සෙට් එකත් මරු.විස්තරෙත් නියමයි .බොහොම ස්තුතියි දැනුවත් කලාට. ... එල එල !!!!
තව දෙයක් අර **** පහලින් කමෙන්ට් කරන්න කිව්වාට ****ඒක පිටුව ලෝඩ් වෙනකොටම තියෙන්නෙ උඩ.එතන එන්න ඕනි උඩ තියෙන කමෙන්ට් බොත්ත්ම ඔබලා කමෙන්ට් වින්ඩෝව ඇරලා..... ඕනි එකක් කොටන්න කියලා.මට වඩා හොදට උඹ දන්නවා නේ බං.ඒක මොනාහරි කරපන් . ;
page break එකක් දැම්මා , දැන් අවුලක් නෑ ...
අනික තමා මේ උඩට පනින බොත්තම.ඒගමන්ම පහලට පනින එකකුත් දැම්මනම් නියමෙට තියෙවි ......
දාන්න නම් පුලුවන් නමුත් script වැඩිවෙනවා , උබම කියුවා වගේ නිකම් බොරු වැඩක් වෙනවා ඒක , මම ඔය කොමෙන්ට් වලට smiles දාලා නැත්තේ ඒකනේ ....
උඹට සදා ජය මගේ නො දුටු යාලුවා.විභාගෙට සුබ පැතුම් ...
උඹට එසේම වේවා මචන් , විභාගෙට හොඳට පාඩම් කරලා එලටම ගොඩදාගන්න සුභපතනවා !!!
@ කසුන් නදීශන : අනේ ඔය හෑරෙන තැපැලෙන්ම එවපන්කෝ බන් , වොන්ඩබාර් එක !!! ලොල් !!
@ ළමයා : හදාගෙන අපිටත් කියහන්කෝ , එල මචෝ , ස්තුතියි ප්‍රතිචාරයට !!
Post a Comment
write your comments here!