ආවා ආවා .... - නැවත කරලියට පැමිනිම .

15

Share/Bookmark


හම්මෙ මම හිතන්නේ මාසයකට පස්සේ තමා මේ පැත්තට ආවේ ... , මේකේ බැඳිලා තිබුන මකුළු දැල්වල තරම . මුලින්ම කියන්න ඕනේ . මේ මාසේ තමා මාර මාසේ .  මගේ හාර්ඩ් එක යාලුවෙකුගෙයි , මගෙයි සුළු පරිමාණයේ වැඩකට සර්වර් එකක් රන් කරගන්න ගන්න උන නිසා ඒක සර්වර් එකට දෙන්න උනා . ගිය මාසේ (අගෝස්තු) 29 වෙනකම්ම වැඩකලේ ubuntu bootable CD එකකින්  ගේම දිගෙන තමා. මැසිමේ වැඩකලා කියුවට මෙලෝ දානයක් කලේ නෑ , කරන්නේ කොහෙද මැසිමේ හාර්ඩ් එකක් නැතුව . කරපු එකම දේ තමා හැමදාම මැසිම දාගත්තොත් , මුලින්ම Ubuntu CD එක දානවා , flash player එක භාගත කරගෙන , buffer කර කර ෆිල්ම් බලන එකතමා කලේ . ඔය අතරතුර තමා Naruto දැක්කේ ... ; කොල්ලා මුලින්ම මේකේ ෆිල්ම් කැලි දෙකක් බැලුව ගමන් මේක දිගටම බලන්න ඔලුව මෝල් වෙලා ගියා . Naruto movies ඔක්කොම ටික බලලා , දැන් දාගෙන episodes දාගෙන බලනවා . පිස්සු හැදෙන කතාව මෙයා ... පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා . කොච්චර පිස්සු කියනවා නම් මුලු දවසම ඒක තමා . සති 2 කකට e-mail එක පැත්ත පලාතේ ගියේවත් නෑ ,  මුනුපොතෙත් පැත්ත පලාතක ආවේ නෑ .. මේක නිසා අම්මාගෙන් මැරෙන්න බැනුම් ඇහුවා , මෙහෙම බලලා ඇස් පොට්ට කරගන්නවා කියලා . ඊළඟට ලව් පලහිලව්වක් විසඳන්න ගිහිල්ලා කෙල්ලගෙන් ගුටි කනවා තවා පොඩ්ඩෙන් . ඔහොම තමා මේ සති ටික ගියේ නම් .ඔය අඵත විඩියෝ එක බලන්නකෝ මම කොහොමද Naruto බැලුවේ කියලා . මුලින්ම anime site එකක naruto episodes වලට ලින්ක්ස් දිලා තිබ්බා , ඒවා බැලුවා .. බෆර් වෙන්න හැට පැයක් යන නිසා , ඒකේ බැලිල්ල එපා වුනා . ඊලගට youtube එකෙන් හොය හොයා බැලුවා. ඒකේ episode 60 විතර වෙනකොට විඩියෝ හොයාගන්නත් නෑ (මම කියන්නේ naruto shippuden episodes නෙවෙයි හොඳේ ...) . ඊලඟට මට හම්බවුනා facebook එකෙන් විඩියෝ ලොඩ් වෙන ලින්ක් ටිකක් ... කතා කිහිපයක් යනකොට ඒකේ ලින්ක්ස් නැතුව ගියා . අනික ඒ වෙබ් අඩවියේ  කතා වලට දාලතියන player එකේfullscreen , volume control මුකුත් නෑ . ඉතින් firefox වලට එන firebug plugin එකෙන් page source එක වෙනස් කරලා ඒක ලෝඩ් කරගන fullscreen (browser එකේ) දාලා බැලුවා .ඒකත් එපා වුන නිසා ඊලගට මම අදාල විඩියෝ එකේ source URL එක අරගෙන ඒක online තියන JW player wizard එක හරහා ලෝඩ් කරලා බලන්න හැදුවා , නො ලක් , භාගයක් විතර බෆර් වෙලා නවතිනවා . 10 පාරක් විතර ගේම දිලා හරිගියේ නැති නිසා ආයේ පරන megavideo buffer කිරිල්ලටම ගියා . බලන්නකෝ දුක .... (* කියන්න අමතක වුනා 4shared , yoku.com වගේ සයිට් වලිනුත් ලින්ක් අහුවුනාට , ගොඩක් වෙලාවට ඒවා වල file size එක 150 -250 MB වුනා . යකෝ පැයභාගයක් ඇතුලත මගේ උපරිම දාලා සාමානයෙන් දාගන්න පුලුවන් 100 MB යි (512 kbps නේ) , episode එකක් සාමානයෙන් යන්නේ විනාඩි 22-23 වගේ තමා .)

පහල විඩියෝ එකත් බලන්නකෝ කොහොමද මම naruto බැලුවේ කියලා ...





හරි දැන් ඉඳලා ඉඳලා දාන පොස්ට් එක නිකම් වල්පල් දාලා වැඩක් නැනේ , මොකක් හරි දෙන්න ඕනේනේ වටින යමක් ... එහෙම කියලා නේ දිගපොස්ට් ලියන්න බැ , මට Naruto බලන්න දැන් ඔලුව ගහලා තියන්නේ .. ඒක නිසා ඒක අනිවාර්යෙන්ම බලන්න ඕනේ .. ඊළඟට මේ මගේ ඔලුව programming වල ඉඳලා web design පොඩ්ඩක් අතපත ගාන්න කැසිල්ලක් ආවනේ . මේ දවස්වල දාගෙන jquery එක්ක මාර මාර experiments කරන්නේ ..    හිතාගෙන ඉන්නේ ලඟදීම මගේ මුල්ම CSS+ jquey + HTML කරපු ඩිසයින් එක ජනතාවට ලබාදෙන්න .  web layout එක කෝඩ් කලේ  පට්ට මුලඉඳලා , හැබැයි හිතුව තරම් අමාරු වුනේ නෑ... දඩබඩ ගාලා අල්ලගන්න පුලුවන් ....web layout නම් ගොඩක් කලා තියනවා. නමුත් public එකට මුලු ටෙම්පෙලේට් එකම නොමිලේ ලබාදෙන්නේ මුල් වතාවට තමා . මම නම්  programming නිසා මට ඔය design එච්චර අල්ලන්නේ නෑනේ . නමුත් එහෙම කියලා හැමදාම අතහැරලා දාලා ඉන්න බෑනේ , ඉතින් ආසාවක් ආවා designing පැත්තට ඔලුව දාලා බලන්න . බොරු කියන්න ඕනේ නෑ , photoshop වලට මම නම් තාම අලුත් .. ඒ වගේම මේ දවසවල ඔලුව බරටම දාලා තියන්නේ flash action script ඉගෙනගන්න . තව හිතාගෙන ඉන්නවා ඉස්සරහට මේ වෙබ් ඩිසයිනින් වැඩිදියිණු කරගන්න කියලා පට්ට template හදලා කට්ටියටම නොමිලේ දෙන්න . ඔක්කොම සෙල්ෆ් ස්ටඩියි තමා ඉතින් යන්නේ . ඉතින් වැරදි තිබ්බොත් පෙන්නලා දෙන්න හොඳේ .... හැබැයි මේකත් කරන්න වෙන්නේ වෙලාව තියන විදිහ අනුව තමා ....

හරි දැන් වල්පල් ඇති . වැදගත් ලිපියක්ක් ලියන්න ඕනේ නිසා මම අද තාක්ශනික කරුනු කිහිපයක්ම සහ අනම් මනම් විකාර ටිකක් , එකම් ලිපියක ලියල දාන්නම්කෝ ...

1. UHARC- Ultra Compression Software



මේක ඉක්මනට කොටාගන්න ඔනේ නිසා තමා මේවා ලියන්නේ , හොඳ තාක්ශනික ලිපියක් මම Naruto episodes ඔක්කොම බලලා ඉවරවෙලා ලියන්නම්කෝ..

ආ හරි ට්‍රෑක් එකෙන් අද මම පිට පනිනවා වැඩිනේ අද ... හරි විකාර ඇති .. දැන් මාතෘකාවට ..කට්ටටිය මේක ගැන දන්නවාත් .. ඇති , නොදන්වත් ඇති. යාලුවෝ ගොඩක් කට්ටිය අහපු නිසා තමා , මමත් මේක කොටන්නේ ... Uharc ගැන කියනවා නම් , ඔය ගේම් ගහන පප්පලා මේක ගැන අනිවාර්යෙන්ම දන්නවා ඇති. මොකද ඔය ගොඩක් වෙලාවට අර ගේම් setup එනකොට එන්නේ CD වලට Highly Compress කරලානේ . ඉතින් දැන් ඔය සෙටුප් extract කරනකොට අර setup එක ගිහිල්ලා , අර windows command prompt එකේ වගේ කළු පාට screen න් එකක තවත් setup එකක් යන්නේ .. ආන්න ඒක තමා ඔය Uharc  එක (*බොහෝ වෙලාවට) .

මේකේ compression ratio එක සාමානයෙන් අනික් file compression softwares වලට වඩ කිහිප ගුණයකින්ම වැඩියි . ඒ කියන්නේ file එකක් මේකෙන් compress කරල ගත්තොත් , අනිතිමට file එකේ size එක , file එකේ මුල් siz e එකෙන් 19% වගේ ගානකට ගන්න පුලුවන් . හිතාගත්ත හැකිනේ ටොයියාගේ තරම .
 ආ මුලින්ම කියන්න ඔනේ , මේක මුලින්ම ලියුව (අර original author ) මේක කෝඩ් කරලා තියන්නේ command line ලියන්න නිස ,මේකට GUI එකක් නම් නෑ . පහත් විඩියෝ එක බලන්නකෝ කොහොමද Command line එකෙන් මේක කරගන්නේ කියලා . command line  එකෙන් කරන කොට folders compress කරන්න බෑ, files  විතරයි . පස්සේ මේකට එක එක කට්ටිය GUI 's  දාලා මෘදුකාංග හදලා තියෙනවා , දැන් ඔයාලට බය නැතුව ඔය GUI තියන එකක් අරගෙන වැඩේ කරගන්න පුලුවන් .




Script :

* for extracting: @echo off ren uha.dll uha.exe uha.exe x -y name.arc ren uha.exe  uha.dll 
*  for creating archive: @echo off ren uha.dll uha.exe uha.exe a -m3 -r -pf -o name.arc (Path: C:\uharc.exe) 

Download : ftp://ftp.elf.stuba.sk/pub/pc/pack/uharc06b.zip
                http://www.megaupload.com/?d=68ZMXEYL 


UHarc -GUI SOftwares : 

http://www.klaimsoft.com/winuha/
http://mulder.dummwiedeutsch.de/home/?page=projects#uharcgui
http://filecompress.altervista.org/
http://www.softpedia.com/get/Compression-tools/UHARC-GUI-by-Brhack.shtml
http://www.softpedia.com/get/Compression-tools/UHARC-GUI.shtml

මෙම මෘදුකාංගය (*හෝ වෙනත් compressing මෘදුකාංගයක් වේවා ..) භාවිතා කිරිමේදි භාවිතා සැලකිය යුතු මුලික කරුණ වන්නේ  compress  වෙලා තියන files compress කලාට වැඩි ඉඩක් අඩුවෙන්නේ නෑ . ඒ කියන්නේ { Divx , avi,mkv, mp3 ......- Audio/ Video compressed files } , { ISO,MDF........ - Compressed Images Files}, { Rar,Zip....... - File Compression Softwares Files} මෙම මෘදුකාංගය හරහා compress කලාට මෙයින් ලබාගැනිමට බලාපොරොත්තු වන compression ration එක ලබාගත නොහැක , මන්දයත් ඉහත සඳහන් කල file formats / extenstions වලින් සමන්විත files , යම්කිසි compression method එකක් මඟින් compress වි තිබන නිසාය .

*තව compression software ලබාගැනිමට පහත ලිපිනය භාවිතා කරන්න .
  http://www.maximumcompression.com/programs.php

* තවද KGB Archiver (http://kgbarchiver.net/) ද , මෙලෙස ඉතා ඉහල compression එකක් ලබාදෙන මෘදුකාංගයක් වන අතර , මෙයින් ඉතා ඉහල compression එකක් ලබාගැනිමට ඉතා ඉහල ධාරිතාවයකින් යුත් පරිඝනයක් අවශයවේ . මේක කොච්චර වැඩකාරයෙක්ද කියනවා නම් ... මට 700 MB තිබෙන GTA-SanAndreas file එකක් 2MB වලට compress කරලා හම්බවුනා , හැබැයි ඒක extract කරන්න ගියහම පැය 6 ක් ගියා , මැසිමේ වෙන වැඩක් කොරන්නේ නැතුව (*වෙන වැඩක් කරන්න බෑ.. ; මැසිම : 1.5 GB Ram - FSB:555 MHz, 2.8 Ghz Dual Core Processor))

2.Damn Vulnerable Web App 




DAMN (Damn Vulnerable Web App) කියන්නේ ඔයා hacking පප්පලාට , web developers ලට , ඉගෙනගන්න මම වගේ හිච්චොන්ට ,  PHP / MYSQL web based application වල ආරක්ශාව කෙසේද තිබෙන්නේ , වැඩකරන්නේ යන්න ටෙස්ට් කිරිම සඳහා සාදා ඇති පුංචි script එකක් . මේ security අතින් තියන්නේ අනිතිම පහල . ඉතින් අපිට ඔය එක එක attacks ටෙස්ට් කරන්න කියාපු scipt එක .ඔයාලත් දාගෙනම බලන්නකෝ ..



http://www.dvwa.co.uk

Damn Vulnerable Web App (DVWA) is a PHP/MySQL web application that is damn vulnerable. Its main goals are to be an aid for security professionals to test their skills and tools in a legal environment, help web developers better understand the processes of securing web applications and aid teachers/students to teach/learn web application security in a class room environment.

මේ වගේ script ගොඩක් තියනවා... මේ වගේ script කොලෙක්ශන් එකක් ගැන වෙනම ලිපියකින් ලියන්නම්කෝ .. දැනට මතක් වුන නිසා ඒකත් කොටලා දැම්මා .

3.TuiTalker - Free Phone Calls



 නිකම් ජංජාලයේ සැරිසරන ගමන් හම්බවුනා , එල සේවාවක් (free internet calls) වැඩි රටවල් ගානකට ලබාදෙන service එකක් ගැන .. මේක අනික් service එක්ක බලනකොට වටිනවා . දවසකට විනාඩි 6-18 අතර කාල සිමාව ඇතුලත රටවල් 40 (http://tuitalk.com/provisioning/end-user/zhtml/countries.zhtml) කට ආසන්න ගණනකට මෙම සේවාව ලබාදෙනවා . ලංකාවට නම් නෑ , නමුත් බොහෝ පිටරට ඉන්න අයට call කරන්න හොඳයි . ශොට් එකක් දිලාම බලන්නකෝ, නිකම් දෙන එකනේ ....

ඔන්න ලින්ක් එක : http://tuitalk.com

4. විකාර විඩියෝ ....

* ඔබේ පොඩි එකා Hacker කෙනෙක්ද කියලා හොයාගන්නේ කොහොමද ??



*මත තියාගන්න "Lunix" කියලා Operating System එකක් තියන වග : http://en.wikipedia.org/wiki/LUnix

*ගේම් හොරුන්ට සලකන්නේ මෙහෙමයි ....

15 comments:

  1. ඉලංදාරියා said...
  2. උඩටික කියවවුවේ නැහැ සහොදරයව හෙවුවා පොඩි වැඩකට..එත් .....විබහගයකට මුහුන දෙනවා වගේ ..මතකයක් ..තිබුන නිසා.....කරදර කරේ නැහැ..එහෙනම් ජයවෙවා..කිවා

  3. Geeth Nuwan said...
  4. ජය ජය

  5. Anonymous said...
  6. නියම පොස්ට් එකක් .. හොදට exam එක කරගන්න මල්ලි..

    Rishan

  7. Anonymous said...
  8. එල එල වෙල්කම් බැක් කිව්වා :D

  9. Anonymous said...
  10. ලොක්ක කාලෙකින් ඇවිල්ල පට්ට පෝස්ට් එකක්නෙ දාල තියෙන්නෙ...එල එල

  11. CD Athuraliya said...
  12. බොහොම සතුටුයි නැවත පැමිණීම ගැන! :D වැදගත් ලිපියක්.

  13. C0de BlUe said...
  14. @ ඉලංදාරියා : අයියාට mail එකක් දැම්මා , පොඩ්ඩක් බලලා කියන්නකෝ ... :D

    @ ගීත් | Geeth : එල එල , උබටත් ජය ...

    @ ඇනෝමි : බොහෝම ස්තුතියි අයියා ...

  15. C0de BlUe said...
  16. @ Confiuzd ප්‍රෝග්‍රැමර් : බොහෝම ස්තුතියි ම්චෝ ප්‍රතිචාරයට ...

    @ Hasitha ජයසූරිය : ආ මලයා , උබව දැක්ක කල් (*බ්ලොග් අවකාශයේ) ...බොහෝම ස්තුතියි මලයෝ ප්‍රතිචාරයට ..

    @ CD Athuraliya : එල එල , උබත් ලිහන්කෝ බ්ලොග් එක ටිකක් වැඩිපුර , අර අකාලෙට ගෙඩි එනවා වගේ නැතුව .. :P

  17. Unknown said...
  18. සර්වර් කේස් එක මොකද්ද? මටත් කියන්න.මේල් එකක් දාන්ටකෝ.
    කෝල් කරන ගැජට් එකනම් ශෝයි මෙයා.(හික්ස්). :D
    කම්ප්‍රෙශන් නම් ඉතින් මම වැඩිය කොරන්ට යන් නෑ.
    ෆොටෝශොප් ඇනිමෙට් හදන හැටි විභාගෙ දවස් වලම මම ලියුවා.(බු වා හා හා) O_o
    මගෙ එක්සෑම් කෙරුවාව ඉතින් දන්නෝ දනිතිනේ. :P
    අහන්නකො ටීම්එකේ සසිදු ගෙන් යාලුවාත් දැන් බ්ලොගගර් කෙනෙක්.

  19. ඉලංදාරියා said...
  20. මාත් මෙල් එකක් දැම්මා මල්ලි හෙමිහිට බලන්න කෝ....

    ජය

  21. ඉලංදාරියා said...
  22. මාවෙනුවෙන් ඔබේ වටිනා කාලය කැපකර තොටතුරු ලාබා දිම පිලිබදව ස්තුතිය...!

    ජයවේවා,,!

  23. Hasitha Gunasinghe said...
  24. වැඩ ටික හොඳ කරගෙන යන්න.....................

  25. Hasitha Gunasinghe said...
  26. ආපු එක හොඳා..............

  27. බිඟූ said...
  28. එල එල

  29. C0de BlUe said...
  30. @ නිපුනdk , ඉලංදාරියා ,Hasitha , හිස් අහස ,බිඟූ...! : බොහෝම ස්තුතියි ප්‍රතිචාර වලට .......

Post a Comment

write your comments here!

Related Posts with Thumbnails