අප්පේ ඉඳලා ඉඳලා ඒකත් ඉවරයක් කරගත්තා . ඒක කියුවේ මොකක්ද ???? , වෙන මොකක්ද , මගේ ආදර කතා කොලේක්ශන් එක
පුංචි පහේ සින්ඩියකට ගෙනිච්චා නොවැ . 
මටත් එක එක පිස්සු තියනවා නොවැ , අන්තිමට ජංජාලයේ ලව් ස්ටෝරි කියවන්නත් පිස්සුව ගැහුවා . ඉස්සර නම් මම හෝ හෝ ගාලා කියෙව්වේ තාක්ශනික බ්ලොග් තමා, නමුත් පස්සේ පස්සේ මෙහෙම එකම දිගට තාක්ශනික ලිපි කියවිල්ල එපා වුනා
, මම බැලුවා මෙහෙම හරි යන්නේ නෑ , මෙහෙම ගියොත් මල කෙලියක් වෙන නිසා , මමත් හිමිට ඔය කවි කතන්දර කියවන්න පටන් ගත්තා , ඇත්තම කියුවඔත් මම දැනගෙන හිටියේ නෑ , සිංහලෙන් මෙච්චර බ්ලොග් තියන්වා කියලා , ඔය සින්ඩි වලට ගියහම තමා දැක්කේ කවි කතන්දර තියන බ්ලොග් පට්ට ගානක් තියනවා . ඉතින් ටික කලක් යනකොට මේවා කියවන්නත් පුරුදු වුනා , මුලින් මුලින් කවි මට අරහං වෙලා තිබ්බේ , පස්සේ ටික කලක් යන්කොට ඒකත් අවුලක් නැතුවුණා . ඔහොම ටිකකලක් යනකොට දැක්කා හෝ හෝ ගාලා ලව් ස්ටෝරි කොලෙක්ශන් වෙබ් අඩ්වි තියනවා
. පට්ට කතා තිබ්බේ , ටික ටික කට්ටියව follow කර කර යනකොට , එක එක්කෙනගේ මරු මරු ස්ටොර්‍රිස් හම්බවුනා , මේ වෙනකොට ලව් ස්ටෝරිස් ගොඩක් එකතු වෙලා තිබ්බා කියවන්න , ඉතින් වෙලා තිබුන වෙලාවට හිමිට කතා කියෙව්වා . නමුත් අවුල ආවේ ටිකක් කතා කියවලා ඉවර වුනාට පස්සේ . වැඩේ කියන්නේ දවස් 3-4 සැරයක් වගේ එක එක කතා වල කොටස් කියවලා , අනෙක් දවසේ බලනකොට ඔක්කොම කතා අච්චාරු වගේ . මොකද ඔක්කොම කතා remix වෙලා .ඕකෙන් උන හොඳම වැඩේ තමා මට kootempo අයියාගෙයි , පලාමල්ල ලියන අයියගෙයි , ආදර කතාව ලියන අයියාගෙයි , ඉලංදාරියා සහ ජංජාල චාමර ලියන ආදර කතා ඔක්කොම remix විම
. අනික අවුලක් වුනේ දැන් ඔක්කොම remix වෙලා නිසා , පටස් ගාලා ඒ ඒ කතාවේ මුල් කොටස බලලා ඩාර් ගාලා මතක් කරගන්න , එම වෙබ් අඩවියේ අනික් කොටස් වල ලින්ක් කිලොක් කර කර කාපු කට්ට ..... හපෝ !! අනික එක එක්කෙනාගේ බ්ලොග් හොයාගෙන ගිහිල්ලා බලන්න අමාරු නිසා , මට හිතුණා මේ ටික එක තැනකට ගේන්න . 
මේක හරියන්නේ නැති නිසා පොඩ්ඩක් තාක්ෂනික පැත්තෙන් බැහැර වෙලා වින්දනාත්මක විදින්න , පොඩි වෙනසකටත් එක්ක මේ වැඩේට අතගහන්න හිතුණා . මුලින්ම හිතුණා feedpress දාලා wordpress වලින් සින්ඩියක් හදලා වැඩේ කරනවාද කියලා , පස්සේ හිතුණා මේක මේ මහා ලොකු බරපතල විදිහට කරන්න ඕනේ නොකරන වැඩක් නිසා කාටත් ලෙහෙසියෙන් බලන්න පුලුවන් සරල විදිහට හදන්න ....
, ඉතින් මම කලේ ඔය තියන ඔක්කොම ලව් ස්ටොරි දාලා හැදුවා හොඳ කොලෙක්ශන් එකක් ( *මම ඔය ලව් ස්ටෝරිස් කියවන්න අරගෙන දැනට මාස 1 1/2 වගේ තමා ගත වෙලා තියන්නේ ).ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බවුණා . මම ඒකට ලස්සන DropDown Menu එකකුයි , links iframe එකක් ඇතුලේ ලස්සනට ලෝඩ් වෙන්න , prettyPhoto jquery script එකත් යොදාගත්තා . නමුත් අවුල වුනේ මගේ බ්ලොග් එකේ තාක්ශනික ලිපි බලන්න එන අයට මේ අමතර scripts ලෝඩ් විම නිසා ( මෙම නිසා වෙබ් අඩවිය ලෝඩ් විමට වැඩිකාලයක් ගතවුනා ) අපහසුතවය පත් වුනා . ඊලඟට මම වෙබ් අඩවියේ මේ ලව් ස්ටෝරි ලින්ක් කොලෙක්ශන් එක ගෙනගියා වෙන අඩවියකට . අනෙක් අයට අපහසු නිසා වැඩේ වෙන වෙබ් අඩ්වියකට ගෙන ගියා , නමුත් වෙන වෙබ් අඩවියකට ගිහිල්ලා ඕක නිතර යාවත්කාලිනය කරන්න වුන නිසා තමා මට කෙල වුනේ
. හිතුවට වඩා කට්ට්ය මේකට ආවා , ඉතින් නිකම් තියලා හරි යන්නේ නෑනේ කොලෙක්ශන් එක , යාවත්කාලිනය කරන්න ඕනේ නේ . දවස් 4 යි සයිට් එක තිබ්බේ , වැඩේ අච්චාරු වේගෙන එන බව මට පෙනුනා . මොකද නිතර යාවත්කාලිනය විම් කරන්න ගියොත් මට පැය 24 නෙට් එකේතමා ඉන්න වෙන්නේ
.පොට හරියන්නේත් නෑ ,වැඩේ දෙල් වෙනවා වගේ පෙනුන නිසා පුංචිම පුංචි සින්ඩියකට යන්න තිරණය කලා.
ඉස්සෙල්ලාම බැලුවා සින්ඩිය දාගන්න හොඳ free webhosting service එකක් (http://www.free-webhosts.com/webhosting-01.php) , byethost අල්ලලා ගිය නිසා ගත්තා ඒක . ඊලඟට සින්ඩියට හොඳ script එකක් හෙව්වා , මම මහාපරිමාණයෙන් මේක නොකරන නිසා සරල script එකක් තමා බැලුවේ
. මට script නම් හෙන ලොට්ටක් හම්බවුනා . මුලින්ම අපි කවුරුත් දන්න wordpress දාලා feedpress , drupal දාලා aggregator plugin එක , ඊලඟට ගියා sourceforge.net (මොනාහරි script එකක් ඕනේ වුනොත් මුලින්ම දුවන්නේ ඔතැනට තමා !!) . එකෙනුත් සර්චි කරලා , නෙට් එකත් පීරලා ගත්තා Rnews , Gregarius , Feed on Feeds , Flock, Rawdog, Lilina, සහ තවත් ..... script කටු ටිකක් , මට අල්ලලා ගියේ Gregarius
. නිසා ඒක දැම්මා සින්ඩියට . ඊලගට වෙබ් අඩවියේ ඉස්සරහ interface එක හදන්න එපැයි , නිකම් මොකාද වගේ සින්ඩිය විතරක් හදලා හරියන්නේ නෑනේ . ඉතින් කලේ මම ඉස්සර ඔය වෙබ් අඩවි හදන්න ගත්ත Web page maker (http://www.webpage-maker.com) , CoffeeCup Editor (http://www.coffeecup.com) වගේ WYSIWYG Editors එකකින් පැය 2 ක් ඇතුලත දඩබඩ ගාලා interface ඔක්කොම හඳලා prettyPhoto script එකත් දාලා හදලාගත්තා (කෝඩ් කොට කොට ඉන්න කම්මැලි නිසා
, ෂේප් වෙන්නත් එක්ක මේකේන්ම ඇරලා දැම්මා) . දැන් හදලා දවස් 2 ක් විතර වෙනවා , අද තමා බ්ලොග් පොස්ට් එකක් දාන්න හම්බවුනේ...... 
ඉතින් ඔයාලට මේ අලුත් සින්ඩියට http://lovespot.22web.net මඟින් පිවිසෙන්න පුලුවන් ගිහිල්ලම ගුණදොස් කියන්නකෝ !!!! , ආ තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා , සින්ඩියට ගියහම "refresh" බොත්තොම ඔබලා ඔයාලට feeds ටික යාවත්කාලීනය කරගන්න පුලුවන් .
මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!
ඉතිරිය කියවන්න .....>>