වැඩි විස්තර දැනගැනිමට මෙතන කොටන්න .
මට මේ web scraping සෙට් උනේ , පොඩි වැඩකට මම premiumbeat player (http://www.premiumbeat.com/flash_resources/free_flash_music_player/#mp3Players) එක මගේ site වල වැඩකට ගත්තා. පස්සේ player එකේ XML File එක code කරන්න ගත්තා , මෙන්න ඊටපස්සේ තමා මහා තොවිලය පටන්ගත්තේ . වැඩේ කියන්නේ XML File එක ලියන්න ගත්තාම දැක්කේ Files 2000+ code කරන්න තියනවානේ කියලා (පුදපු ගමන් කාපු යකා කියපි ), මට ඒක දැක්ක ගමන් (File තොගය) තරු පෙනුනා , ඇයි දෙයියනේ මට files 2000+ code කරන්න ගියොත් XML එකට මගේ පන ගිහිල්ලා ඉවරයි. මුලින්ම අවුල ටෙක්කතා වලත් දැම්මා , සාර්ථක පිළිතුරක් ලැබුනේ නෑ (අප්පේ මෙහෙම දැම්මා කියලා මට කාලිංග අයියාගෙන් බැනුම් අහන්න වෙයිද මං දන්නේ නෑ :P ) . පස්සේ වැඩේ අතහැරලා දාන්න ඉන්නකොට දවසක් kuppiya.com හි කුසල් අයියා මුනුපොතෙන් set උනා (හොද වෙලාවට එයා හම්බ උනේ එදා ). මිනිහට මම අවුල කිව්වා , මිනිහා කියපි නැතා PHP පාවිච්චි කරලා web scraping කරන්න කියලා (ඒ වේලාවේ නම් අයියා දෙයියෙක් නෙවෙයි දේවාලයක් ).
පස්සේ පොඩ්ඩක් ජංජාලයේ රවුමක් දැම්මා web scraping script එකක් හොයන්න (ආ , අමතක උනානේ web scaping ගැන පොඩි සිංහල video tutorial එකක් kuppiya.com හි තියනවා කියුවා : මෙතැන කොටන්න සිංහල video tutorial එක ගන්න ) .පස්සේ හිතුනා මොකටද script හොයන්නනේ web scarping tool එකක් කෙලින්ම හෙව්වා නම් ලෙහෙසි නේ කියලා (ඒ වෙලාවේ තමා මට ටිකිරි මොලේ ආවේ ) .
පස්සේ මට එලකිරි tool එකක් නම් හම්බ උනා ; නම තමා "Web Content Extractor" . මරු බඩුව . අවුලකට තියන්නේ trial එක නිසා Links 150 කට විතර තමා Web scraping එක generate වෙන්නේ . තව මේකේ output එක Microsoft Access database, Microsoft Excel (CSV), Text (TXT), HTML, XML, SQL script, MySQL script files සහ ඕනේම ODBC data source එකකට ගන්න පුලුවන් .
පහත පිංතුර ටික බලන්නකෝ .......
Web Content Extractor ගන්න මෙතැන කොටන්න....
වැඩි විස්තර සදහා මෙතැන කොටන්න ....
වැඩි විස්තර දන්නවා නම් පහත comment එකක් දාලා යන්නකෝ , දැනුම බෙදාගැනිම කාටත් හොදයි නේ ........










2 comments:
my knowledge is poor about these things...but your stuff sounds good bro! :) :)
අවුලක් නෑ , මට උබට වගේ සාහිත්‍යය බෑ , ටික ටික තමා ඉගෙන ගන්නේ !!!! , ඒ වගේ තමා උබත් ටික ටික ඉගෙන ගනියි ...... !!!! ස්තුතියි කොමන්ට් එකට !!!! :)
Post a Comment
write your comments here!